(රංජන් කස්තුරි)
පෞද්ගලික සමාගමක් මගින් ආනයනය කරන ලද ආයුර්වේද කැස්ස පැණියක් සම්බන්ධයෙන් සතුන් යොදාගෙන කළයුතු සායනික පරීක්ෂණයක් ආයුර්වේද රෝහල මගින් රෝගීන් යොදා ගෙන කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද කොමසාරිස්වරයා නියෝග කර තිබේ.
ඒ අනුව ආයුර්වේද කොමසාරිස් කේ.ඩී.සී.එස් කුමාරතුංග මහතා ලබාදෙන වාර්තාව අනුව වරදකරුවන් වුවහොත් එවැනි පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද රාජිත සේනාරත්න මහතා බලධාරීන්ට දැනුම් දී තිබේ.
ඉකුත් 2016 වසරේ සිදු වු බව කියන එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයෙන් පසු ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවට කරුණු දැක්වීමට අපේක්ෂිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජීවත්වෙන මනුෂ්‍යයින් හා සතුන් පිළිබඳ නිරීක්ෂණය කරනකොට සත්තුන්ව මෙවැනි පරීක්ෂණ සඳහා යොදාගන්න එකේ කිසිම ගැටළුවක් නොමැති බව තමයි මට නම් වැටහෙන්නේ. මේ දෙගොල්ලන්ම ලංකාවේදී එක හා සමානයිනේ...
මොන සතාටද කැස්ස තියෙන්නේ මිනිස්සුන්ට හැර?
ඔය කියන වකවානුවේ සංස්ථා සභාපති කවුද?