(නිමන්ති රණසිංහ)
වනජීවි හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධාන ප්‍රකාරව ‘සුජීවා’ ඇතින්න සහ ඇගේ පැටවා එහි මුල් අයිතිකරු වෙත මුදා හරින ලෙස නිතිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාගෙන් අද (24) ඉල්ලා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නිරීක්ෂණයකට ලක්වී ඇති අවස්ථාවක එම ඉල්ලීමට ඉඩ ලබා දුනහොත්, එය අභියාචනාධිකරණය හෑල්ලුවට ලක්කීරිමක් බව ප්‍රකාශ කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අභියාචනාධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් ඇතින්න සහ පැටවා නිදහස් කිරීම පිළිබදව කිසිදු තීරණයක් නොගන්නා බව ප්‍රකාශ කළේය.
වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන අනුව වයස අවුරුදු 5ට අඩු අලි පැටවකු සිටිය යුත්තේ මව් ඇතින්න භාරයේ වීම හේතුවෙන් මෙම සිද්ධියේ 206 ‘සුජීවා’ ඇතින්න සහ ඇගේ මාස තුනක් වයසැති පැටවා මුල් අයිතිකරු වෙත භාරදෙන ලෙස නිතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණයෙන් ඉල්ලීය.
මෙම සුජීවා සහ ඇගේ පැටවා සම්බන්ධයෙන් මේ වන විටත් අභියාචනාධිකරණයේ නිරීක්ෂණයට ලක්වී ඇති අවස්ථාවක ඊට පටහැනි නියෝගයක් තමන් විසින් ලබා දෙනු ලැබුව හොත් එය අනිවාර්යෙන්ම අභියාචනාධිකරණය හෑල්ලුවට ලක්කිරීමක් වන බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා සදහන් කළේය.
ඒ අනුව, 206 සුජීවා ඇතින්න සහ ඇගේ පැටවා සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නිසි තීරණයක් ලැබෙන තෙක් ඔවුන් නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් තමන් නොගන්නා බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
කූඨ ලේඛණ සකස් කරමින් අලි ඇතුන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (24) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී
COMMENTS
තමන්ට නැති නම්බුකාරකම් ආරෝපනය කරගන්න කැලේ සතුන් යොදාගන්න එපා.
අනේ මහත්තයො අලියන්ගෙ මුල් අයිතිකරුවො තීරනය කලේ කොහොමද?
කවුද මේ සතුන්ගේ අයිතිකාරයා කියන පුද්ගලයා. පේන විදියට ඔහෙ අධිකරණයටත් බලපෑම් කරන්න පුළුවන් අයෙක් බවකුයි හැඟෙන්නේ. මොහුගේ නම එළි කරන්න.
අප සැමගේ ගෞරවනීය ආචාරය...!