
(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තුවේ ප්රජාතන්ත්රවාදය හා භාෂණයේ නිදහස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අහිමි කර ඇතැයි පවසමින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවී, පාර්ලිමේන්තුව වර්ජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කිරීමට (06) පියවර ගනු ලැබීය.
මර්දනයට එරෙහි විපක්ෂයේ පාර්ලිමේන්තුව නමින් ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය කාර්්‍යාලයේදි මෙම විකල්ප පාර්ලිමේන්තුව රැස්විය.
පාර්ලිමේන්තුවේදී කතා කරන වැය ශීර්ෂයන්ට අදාල කතා මෙහිදී මන්ත්‍රීවරුන් විසින් පවත්වනු ලැබිය.
මෙහි මන්ත්‍රීවරුන් විසින් කරනු ලබන කතා සියල්ලම සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට පියවර ගෙන තිබේ.
COMMENTS
විකල්ප පාර්ලිමේන්තුවද විකල් පාර්ලිමේන්තුවද? රට්ටු හිනස්සන මෙහෙමත් විපක්ෂයක්.
පුතාණෝට වගේම පුතාණෝගේ ගෝලයින්ටත් පිස්සු. අමු කැවිලාද කොහෙද?
දැනට හොඳයි නමුත් හොයලා බලන්න 1977-94 ඉතිහාසයත්. පාර්ලිමේන්තුව ඇතුලෙදි විපක්ෂ මන්ත්‍රිවරයකුට සිහි නැතිවෙන්න පහර දුන් ආන්ඩුවේ ඇමතිවරයකු ගැනත් හොඳට මතකයි. ඒ කාලේ සිටි කිසි කෙනෙක් ඒ ගැන කිසිම පියවරක් ගත්තේ නෑ. ඒ නිසා ඉදිරියට පාර්ලිමේන්තු හැසිරීම් ගැන සියලුදෙනාම දෙවරක් සිතන්න. තමුන්ට බලය ගන්න තුරු එක් හැසිරීමකුත් නැති අතරේ තව හැසිරිමකුත් නොවෙන විදිහට වැඩ කරන්න.
ඔය විදිහෙ එකක්වත් හදාගෙන බලන්න.