(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයට සහාය දැක්වූ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු අද (29)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට සහාය දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු සිටි බවත් එයින් දොළොස් දෙනකුම නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බවත්, එජාප මහලේකම්වරයා සඳහන් කළේය.
එලෙස එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීමට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සමඟ ගෙලිඔය දී මාධ්‍ය හමුව ද අද (29)පැවැත්වූ අතර එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරුන් පැවසූයේ පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන් වන තමන්ට අලියා ලකුණ හෝ පක්ෂය හෝ අමතක කරන්නට කිසිදිනක නොහැකි බවය.
ඉදිරි කාලයේ සියලු වැරදි අඩුපාඩු හදා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීම සඳහා කටයුතු කරන බවද එජාපයට එක් වූ මන්ත්‍රීවරු එහිදී පැවසූහ.
පසුගිය කාලයේ සමගි ජන බලවේගයට සහය දැක්වීමට සිදු වුයේ ආසන සංවිධායකවරයාගේ තීරණය නිසා බව ද මන්ත්‍රීවරු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රාළහාමි හිතන්නේ ඒ ආපු කට්ටියත් එක්කලා ඡන්ද දායකයෝත් ආපහු එයි කියලද?
ඔය ඔක්කොම එකට ඉද්දී නේද පහුගිය ඡන්දෙදී අතුගෑවිලා ගිහින් පින් මන්ත්‍රීකමින් නායකයාට පාර්ලිමේන්තු එන්න වුණේ..? ආයෙත් ඔය පරණ නාඩගම් කාරයොත් එක්කලා අලුත් යමක් කරන්න පුළුවන් වෙයිද?
ඔය කවුරු ආවත් නාවත් එජාපයට, මහ ජනතාව වන අප තමයි තීරණය කරන්නේ.. ඔබලාව පාර්ලිමේන්තුවට යවනවාද, නැද්ද කියලා..
හලෝ මේ රංගෙද? ලිච්ඡවී ක්‍රමවේදයට වැඩිය මානවම්ම ක්‍රමවේදය වැඩ කරනවා වගේ නේද?
අම්මෝ මෙයා මැජික් කාරයෙක්නේ... පුතාගේ අරක්කු බෝතල්... වතුර කළානේ..