IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සජිත් හෙට ජනපති කොමිසම හමුවට

(තිළිණි ද සිල්වා)

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහා අවිධිමත් පත්වීම් ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන පැමිණිල්ලට අදාළව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හෙට (23) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි ලබා දීමට නියමිතය.

ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය හමුවේ හෙට (23) පෙනී සිට ප‍්‍රකාශයක් ලබා දෙන්නැයි එම කොමිසම අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට නොතීසි නිකුත් කරනු ලැබ තිබූ අතර ඒ අනුව හෙට (23) පෙරවරු 9.30ට කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශ  ලබා දීමෙන් පසුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සාක්කි ලබා දෙන බව එම කොමිසම සඳහන් කරයි.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස  මහතාට ඉකුත් 20 වැනිදා ජනාධිපති කොමිසම හමුවේ සාක්කි ලබා දෙන ලෙස නොතිසි නිකුත් කළද එදිනට ඔහුට පැමිණීමට නොහැකි බව නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා මාර්ගයෙන් කොමිසමට දැන්විණි යැයි එහි ප‍්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය.

එසේම එම පැමිණිල්ලට අදාළව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතාටද කොමිසමේ හමුවේ ඉකුත් 20 වැනිදා සාක්කි දුන් බවද  එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ‘‘කළමනාකාර සහාකාර ’’ තනතුරු සඳහා අවිධිමත් ආකරයෙන් සේවකයින් පිරිසක් බඳවා ගෙන ඇතැයි සඳහන් කරමින් එම අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය විසින් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබිණි.

එම පැමිණිල්ල විභාගයට ගැනීමට කොමිසම ඉකුත්දා  තීරණය කළ අතර ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය බාර අමාත්‍යවරයා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සිදු කෙරෙන බව කොමිසම සඳහන් කරයි.

එම අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ගොනු පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වූයේ නිවාස සංවර්ධන අධිකාරියේ ‘‘කළමනාකාර සහාකාර ’’ තනතුරු සඳහා අවිධිමත් ලෙස බඳවා ගනු ලැබූ සේවකයින්ගේ සියයට 95 ක්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන බවය.

 



අදහස් (3)

සජිත් හෙට ජනපති කොමිසම හමුවට

Raveendra Sunday, 22 September 2019 01:24 PM

අනේ මේ අහිංසක සජිත් මලයට මඩ ගහන්න නේද මේ හාදයෝ තටමන්නේ.. අත අරින්න එපා මලයෝ... ඔය එකඑකා කොට, උස ගැන එක එක නොසණ්ඩාල කතා කිව්වට ගණන් ගන්න එපා. හැබැයි අපට නම් බයයි. ඔය කොමිසමේ ඉන්න ඇම්ඩන්ලත් ඔහේගේ තාත්තා ලොක්කා කාලේ ඔහේ නිලමැස්සෝ එක්ක අර නිධන් වදුල පරිශීලනය කරපුවා එළියට ඇවිල්ලාවත්ද කියලා. බැරිවෙලාවත් ඒ ගැන ඇහුවොත් අර "රවී ග්‍රහයා කිව්වා වගේ මට මතක නැහැ කියන්න".. එච්චරයි හොදේ වැඩේ ගොඩ.. අපේ සජිත් ගොයියාට ජය හොඳේ...

:       3       461

sirimal Sunday, 22 September 2019 01:28 PM

එදා ආව කට්ටිය සේරම උස මිනිස්සු. එ්කයි ඔය පත්වීම් දුන්නේ. බැරිවෙලාවත් ආව මිනිස්සු කොට වුණා නම් මේවගේ අකරතැබ්බයක් වෙන්නේ නැහැ. ඒ අස්සේ "ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් පක්ෂය හැරයන බවට මේ මහත්තයා විවෘතවම තර්ජනය කර ඇති බවත්" ආරංචි වෙනවා. එහෙම වුනොත් එයාව "කරේ තියාගෙන ජනාධිපවරණය වෙත රැගෙනයාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින අතර ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ කෙසෙල් ඇවරිය ලාංජනයෙන් තරග වැදීමට නියමිත" බවයි කියන්නේ. "මේ බව තහවුරු කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීප හිතවතෙකු සහ සිරස මාධ්‍ය ආයතනයේ දේශපාලන විශ්ලේශකයකු ලෙස කටයුතු කළ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන්ද "2010 හා 2015 හංසයා ලෙසම 2019 ජනාධිපතිවරණයේ සුවිශේෂතම නාම යෝජනාව සදහා කටයුතු සුදානම්?" කියලා මුහුණු පොතේ සටහන් කර තියෙනවලු. සජිත් ඉවත්ව ගියහොත් නවීන් දිසානායක සහ සාගල රත්නායක පක්ෂයේ උප නායකවරුන් ලෙස පත් කිරීමට යනවලු තමයි ඉතින්...

:       15       453

wimal Monday, 23 September 2019 05:53 AM

පුරා වස්තු පෙන්වන්න බැහැ. ගෙදර තියන අටුව කඩලා පුටුව හදන මිනිස්සු ලංකාවේ ජනාධිපති උනොත් කොහොමට හිටීද? රටේ සුළු ජාතියට ඕ‍නේ මේ වගේ ජනාධිපති කෙනෙක් පත් කරගන්න. 20% ක් විතර පිරිසක් ඉන්නවා මෙයාලට සහය දෙන..... එම සුළු පිරිස තමයි මේ රට මේ තත්වෙට ඇද දැම්මේ.

:       0       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site