(නිමල කොඩිතුවක්කු)
ප‍්‍රතිපත්ති සහ රටේ අනාගතය පිළිබඳව ගනු ලබන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද(07) පැවැසීය.
මඩ දේශපාලනයක් වෙනුවට දියුණු රටවල පැවැත්වෙන ආකාරයෙන් තම ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් රටේ කතිකාවක් ගොඩනැගිය යුතු බවත් රටේ ජනාධිපති වෙන්න යන පුද්ගලයාට එවැනි කොන්දක් සහ හැකියාවක් තිබිය යුතු බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද(07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේ කීය.
‘‘අපේ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රෙමදාස මහතා නාමයෝජනා භාරදුන්නා. එතුමා ගංගාරාම විහාරස්ථානයෙන් ආගමික කටයුතුවල නිරතවෙලා අනෙකුත් ආගමික කටයුතුවලත් නිරත වුණා. මේ සැරේ නාමයෝජනා දීපු අපේක්ෂකයන් අතර පන්සිල් ගන්න අපේක්ෂකයන් සහ පන්සිල් රකින අපේක්ෂකයන් ඉන්නවා. අනෙක් අපේක්ෂකයන් එක්ක සන්සන්දනය කරද්දි අපේ අපේක්ෂකයා පන්සිල් රකින අපේක්ෂකයෙක්. සමහර අය හඬ නගා පන්සිල් ගත්තට පන්සිල් රකින්නේ නැහැ.
සජිත් පේ‍්‍රමදාස මහතා පන්සිල් රකින් හොඳ සිංහල බෞද්ධයෙක්. එතුමාගේ වචනයක් දෙකක් අල්ලගෙන එතුමන්ට පහරදෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, සුදුවෑන් වලින් පැහැරගෙන යාම, මාධ්‍ය ආයතන ගිනි තැබීම, හොරකම්, වංචා, දූෂණ සම්බන්ධයෙන් අනෙක් අපේක්ෂකයන්ට චෝදනා තියෙනවා. මේවගේ දරුණු චෝදනා එල්ල වෙලා තියෙන පාර්ශව අද කිසිම චෝදනාවක් නැති සජිත් පේ‍්‍රමදාස මහත්තයගේ වචනයක් අල්ලගෙන කෑ ගහන දෙකයි පනහේ මට්ටමකට වැටිලා තියෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයට මඩින් නැතුව ගොඩින් එන්න කියලා අපි මේ අයගෙන් ඉල්ලීමක් කරනවා. ප‍්‍රතිපත්ති ගැන විවාදයක් තියෙනවා නම් අපි ඒ ගැන විවාද කරමු. දැන් දින කිහිපයකට කලින් ජනාධිපති අපේක්ෂකයින්ට විවාදයකට ආරාධනා කළා. සජිත් පේ‍්‍රමදාස මහතා ඊට සහභාගී වුනා. නමුත් පොහොට්ටුවේ අපේක්ෂකයා විවාදයක් ළඟින් ගියෙත් නැහැ.
අපි මේ අවස්ථාවේදීත් පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපේ අපේක්ෂකයා සමග විවාදයකට ආරාධනා කරනවා. ඕනම අවස්ථාවක, ඕනෑම තැනක සියලුම මාධ්‍ය ආයතනවලට ආරාධනා කරලා අපි විවාදයක් කරමු. මේ රටේ ජනාධිපති වෙන්න යන පුද්ගලයාට එහෙම කොන්දක් හැකියාවක් තියෙන්න ඕන.
දියුණු රටවල මෙවැනි විවාද දෙක තුනක් යනවා. අපි එවැනි දියුණු ලක්ෂණ අනුගමනය කළ යුතුයි.
සජිත් පේ‍්‍රමදාස මහතා අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ. එතුමා කරපු තරම් දේවල් ඔය ආගම දහම ගැන කරපු දේවල් ඔය කයිවාරු ගහන කවුරුවත් කරලා නැහැ. දළදා වහන්සේගේ සහ මහනාහිමිවරුන්ගේ ආශිර්වාදයෙන් ආරම්භ කරන මේ මැතිවරණ ව්‍යාපාරය සඳහා රට පුරා ජනරැලි 151ක් අපි සංවිධානය කරනවා.
සජිත් පේ‍්‍රමදාස මහතා හොඳ ජවයක් සහිත නායකයෙක්. එතුමාට වයස 52 යි. තව අවුරුදු 10ක් කිසි ගැටලුවක් නැතුව වැඩ කරන්න එතුමන්ට පුලුවන්. මොන අවලාද එල්ල කළත් නොසැලී ඉදිරියට යන්න ශක්තිය එතුමන්ට තියෙනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවැසීය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)

COMMENTS
මොනවට ද විවාද කව්රුත් දන්නවනේ මෙයාලගේ ප්‍රතිපත්ති. රනිල් අගමැති නම් මේ යන ගමනමනේ යන්නේ
වාද කරන්න ඕනේ තමන්ට ගැලපෙන මට්ටමේ කෙනෙක් එක්ක. එහෙම නැතුව යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල් කියන කෙනෙක් එක්ක මොන වාදද.
මේක ලංකාවට අලුත් දෙයක් පලවෙනි වතාවට දේශපලුවෙක් නොවෙන කෙනෙක් ලංකාවේ ජනාධිපති වෙන්න යන්නේ. කතා ඇති බොරු කිවා ඇති, දැන් අබියෝග කරලා වැඩක් නැහැ
පුස් වෙඩි නොගහ ඉන්ඩ හලෝ. කහින්නෙ බයවෙලා වගේ. බලනවා සජිත් පොරොන්දු . පොරොන්දු දෙනවා දෙනවා එහෙමනම් තව කප්පරයක් නය අරගෙන අපි විනාශ වෙලාම යයි . ඒවායේ හරයක් නැහැ කිසිම ඉදිරියක් නැහැ ශ්‍රී මුකයෙන් කියලත් කියනවා ප්‍රෝඩා වචන මුදාහරිනවා මිසක් ඊට එහා දෙයක් පේන්ඩ නැහැ. ගෝඨා පොරොන්දු නැහැ බොරු ප්‍රෝඩා වචන නැහැ . ප්‍රායෝගික ඉදිරි දැක්මක් ඇතිව රට ගොඩ නැගීමට හැකි බව විශ්වාසවන්තව පැහැදිල්ලී කරනවා. මිනිසුන්ව යැපෙන්නෝ කරන විදිහට ඇයි සජිත් කතා කියන්නේ . එහෙම කෙනෙක් රටේ ජනපති වෙන්ඩ ඕනේ නැහැ .
මේ අර බැදුම්කරේ ෆුට් නෝට් දාල ඒ මහා මගඩිය වහන්න හදපු කල්ලියේ සාමාජිකයෙක් නේද. ලංකාවේ දේශපාලන වාද විවාද ඇත්තෙන්ම නීරසයි. ඒවා දැන් බලන අයත් නැහැ. මොකද කයිවාරු ගහන්නයි මඩ ගහන්නයි යටට අදින කලිසම් ගාන අහන්නයි කොන්ඩේ කපන සැලුන් එකට කීයක් ගෙවනවද අහන්නයි මිනිස්සු දැන් ඔය වැඩසටහන් බලන්නේ නැහැ. අනික මේ රටේ මිනිස්සු බුද්ධිමත් මතයක ඉන්නවා. ඒ තමයි විදෙස් ණය ආර්ථිකය මත අපේ රටේ ආර්ථිකය තීරණය කරන්න හදන - කටින් බතල හිටවන කෙනෙක් එක්ක රටේ මිනිස්සුන්ට පේන වැඩක් කරපු රටේ ආරක්ෂාව ඉහලට ඔසවපු කෙනෙක් විවාදයකට තියා එකලග ඉදගන්නවත් සුදුසු නැහැ කියල.
ඕක ඉතින් සජිත්ටම කියන්න තිබුනනේ
මේ වගේ සිගිති අභීයෝග ඕනවටත් වඩා රටේ ජනතාව දැක තියෙනවා. අභියෝග පලක් නෑ.. රටට යහපතක් කලා නම් ජය ලැබෙයි..
අපේක්ෂකයන් අතර විවාද ප්‍රජතන්ට්‍රවාදයේ ලක්ෂණයකි. ලෝකයේ දියුණු රටවල ඉතාම ජනප්‍රිය චන්දදායකයනට අපේක්ෂකයන් පිලිබදව පමණක් නොව ඔවුන්ගේ ප්‍රතිපත්තීන් සහ රටේ ඉදිරි අනාගතය හසුරුවන ආකාරය ඔවුන් ඔවුන්ගේ දකෂත්වය අනුව රටටම පැහැදිලිකරනුලබේ. ලංකාවේ දේශපාලකයන් මෙවැනි දියුණු ප්‍රජතන්ත්‍රවාදී විවාදයන්ට පැමිණෙන්නේ නම් රටේ ජනතාවට ඉතාම ප්‍රයෝජනවත්ය ඇමෙරිකානු පුරවැසියකු වූ ගොටාබය මෙවැනි අපේක්ෂකයන් අතර විවාද බොහෝ නරබා ඇතිබව අපි දනිමු
ගෝඨාභය මහතාගේ කාලය මේ හිස් වැඩවලට යොමු නොකළ යුතුයි.
හිතන්න දෙයක් නැහැ.. ගෝඨාභය එන්නේ නැහැ. හේතුව සජිත්ගේ ළඟින්වත් තියන්න බැරි නිසා... මිනිහට සජීවී සංවාදවලට කතා කරන්න බැහැ.
සජිත්ගේ බුද්ධ ධර්මය ගැන තිබෙන දැනුම අපට තේරුනා.
සාමාන්‍ය පෙළවත් සමත් නැති කෙනෙක් එක්ක මොන වාද විවාද ද..? ගෝඨාභය මහතා එවැනි නුගතුන් එක්ක වාද කරන්න ඕන කෙනෙක් නෙවෙයි. බුද්ධිමත් දේශප්‍රේමී ජනතාව එයා ගැන බලා ගනීවි. ඔයාල වාද පිටියක් තියලා සජිත්ට හරවත් විදියට කතා කරන්න කියලා දෙන්න.
ඉතිහාසය, භූගෝලය, ප්‍රජාචාරය, ගැන දන්නේ නැති අය විවාදවලට අභියෝග කරනවලු ලංකාවේ...
ප්‍රේමදාසල කවදත් කටකාරයෝ. රටට අවශ්‍ය කටකාරයෙක් නොව වැඩ දන්නා මනුස්යයෙක්, ප්‍රේමදාසට කෑගහන්ට ඉඩ දීල ගොටභය ජනපති වශයෙන් පත්කර ගමු.
ඉල්ලන් කන්න එපා!
සජිත් දින්නොත් ඇමෙරිකාවේ අතකොළුවක් අගමැති වෙනවා, ගෝඨාභය දින්නොත් ඇමෙරිකන් පබයෙක් ජනපති වෙනවා. කොහොම උනත් එකයි. 70 වසරක මෝඩ කම් මගහැර වඩාවිස්වාසයක් තබියහැකි දේශපාලකයින් නැති බොරු පොරොන්දු නොව ප්‍රතිපත්ති සමග එන විකල්පය තෝරාගමු.
සජිත් වගේ ගොන් කතා කියන මිනිහෙක් එක්ක මොන විවාදද?නමුත් ඇමෙරිකාව වගේ අපේක්සකය ගෙන්වන්ට ඕනේ රටේ ඉන්න උගත් බුද්දිමත් දෙසපාලකයො නොවෙන කණ්ඩායමක් ඉදිරිපිටට.ගෙනත් ප්‍රසිද්ද වේදිකාවක ප්‍රශ්න කරන්ට ඕනේ රටේ ආරක්ෂාව,ආර්ථිකය ,ජාතීන් අතර තියෙන ප්‍රශ්න රැකියා ප්‍රශ්න,ජාත්‍යන්තර සමබන්දතා ,පාතාලය ගැන කුඩු බිස්නස් කාරයෝ ගැන,රටේ මිනිස්සුන්ට බරක් නොවී රටේ අදායම වැඩි කරගන්නේ කොහොමද කියල,, ,මේවට දෙන උත්තර වලින් අපිට දැනගන්ට පුළුවන් අපි චන්දෙ දෙන්ට ඕනේ කාටද කියල.
1 වසරේ දරුවෙක් එක්ක උපාදියක් තියෙන කෙනෙක් මොනවා කතා කරන්නද?
ශ්රී මුඛයෙන් කථා කරන අයත් එක්ක සාමාන්‍ය අයට කථා කරන්න පුළුවන් ද?
කව්රුවත් කාටවත් අබියෝග කරන්න දෙයක් නැහැ , ජනතාවට සේවය කරානම් ජනතාව සලකයි , මේ රටේ ඉන්න මිනිස්සු මේ ඔක්කොමල ගැන හොදට දන්නවා නිකන් හීනෙන් නැගිටලා මයික් එකට කියවන්න එපා
ජනපති තුමා ඉතාම තීක්ෂණ වියයුතු කාලයක් මේ. රටට ඇත්තටම ආදරය කලයුතු කාලයක් මේ. මුදල් අමාත්‍යන්සේ තනිකරම පාවිච්චි කරන්න පුළුවන් වක්‍ර විදියට මැතිවරනෙට බලපාන්න. දේශපාලකයො දැන් උන්නත් දාහයි මලත් දාහයි වගේ වැඩ කරන්නේ. මුළු රටේම ආර්ථිකේ උගසට තියන්න පුළුවන් චන්දෙ දිනන්න. රටේ මුළු සංචිත සේරම දියකරලා අරින්න පුළුවන් ඩොලර් රේට් එක ඕන ගානට තියාගන්න. මිනිස්සු චන්දෙ දායි කියල හිතෙන, ඕන ගොන් කමක් දැන් ඇමතිලා කරනවා. යන එකා, කොරහත් බිඳගෙන ගිහින්, අලුත් ජනපතිට ඉතුරු වෙන්නේ මුළු මනින්ම හින්දපු මහ බැංකුවක්. වුර්තීය මට්ටමේ එක ඇමති කෙනෙක්වත් රටට නෑ. ඉදිරි කාලේ ඩොලර් ආයෝජන රටට එන්නේ නෑ. හැම යුරෝපීය රටකම අනියමින් කියන්නේ ලංකාවට යන්න එපා කියල. අපිට වඩා අපේ ආර්ථික දේශපාලනික වගේම ආරක්ෂාව උනත් හොඳට දන්නේ උන්. බෝම්බ එන වෙලාව දන්නේ උන්. ඇමතිලා මේක රටෙන් වහන් කරනවා. ඩොලර් සංචිත දියකරනවා මිනිස්සුන්ගේ චන්දෙ ගන්න. ඩොලර් එක චන්ද වේදිකාවේ මාතෘකාවක් වෙන්න දෙන්නේ නෑ. රටට හෙන ගැහුවත් තමන්ගේ චන්ද ගොඩ මුන්ට ලොකුයි. මුට්ට කරගහන පවුලට ආදරේ කරන නාට්ටමියගේ ගෙදර ආර්ථිකේ හොඳට පාලනේ කරනවා. මොකද ඌ දරු පවුලට ඇත්තටම ආදරෙයි.
තමන්ට ගැලපෙන අයත් එක්ක වාදයකට යන්න ඕන.නැතුව වලේ ඉන්න උරෙක් එක්ක මඩ ගහගන්න ඕන නැ.
මුහුණට මුහුණ විවාද වලට ගෝඨාභය යන්නේ නැහැ. ඔහු බයයි.
එන ආත්මෙද ඔය ඇරයුම? මේ ආත්මේ නම් බැරිවෙයි ළමයෝ.
ඔයා විහිලු කරනවද? හෙටම සිංගප්පුරු ඉස්පිරිතාලේ යයි.
වාද කරන්න ඕනේ තමන්ට ගැළපෙන මට්ටමේ කෙනෙක් එක්ක. එහෙම නැතුව යන්නේ කොහෙද ඇහුවම මල්ලේ පොල් කියන කෙනෙක් එක්ක මොන වාදද ?ශ්‍රී මුයෙන්ද ?
වාද තරගයේ ප්‍රථම ස්ථානය - අනුර කුමාර දිසානායක. දෙවන ස්ථානය -සජිත් ප්‍රේමදාස. සහභාගි වීමේ සහතිකය -ගෝඨාභය රාජපක්ෂ.
වේලාසනින් ප්‍රශ්න ටික දුන්නොත් තනියෙන් උත්තර දෙන්න පුළුවන් නම් පාඩම් කරලා උත්තර ටික කාගෙන් හරි අහගෙන එන්න... එන්න බලන්නම් කියන්න පිළිවන් පව් අහිංසකයා..
ඔය අායිමත් සිංගප්පූරු ඉස්පිරිතාලේ යවන්න හදන වැඩක් කියලයි අපිට හිතෙන්නේ ළමයිනේ...