සමගි ජනබලවේගය නමින් සියලු සන්ධාන නායකයින්ගේ ආශිර්වාද යටතේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සියළු සන්ධාන නායකයින් මහ මැතිවරණයට එළඹීමට තීරණය කර තිබේ.
එලඹෙන මාර්තු 2 වැනිදා අවබෝධතා ගිවිසුමකින් සියළුම සන්ධාන නායකයින්ගේ අත්සනින් යුක්තව නව සන්ධානයේ කටයුතු ආරම්භ වීමට නියමිතය.
සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මෙම සන්ධානයට එකතු වීමට විශාල පක්ෂ සංඛ්‍යාවක් මේ වනවිට සිය කැමැත්ත පලකර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මෙම සන්ධානයේ නාමයෝජනා සඳහා ඉල්ලුම්පත්‍ර හෙට (26) සිට කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරිම ඉල්ලන් කෑමක් කන්න තමා ලැස්ති වෙන්නේ.
මේක අසමගි බලවේගයේ නේද?
ජේ.ආර් මහත්තයාගෙන් පස්සේ නායකයෙක් නෑ. මේ මොන බොරුකාර ජෝකර්ලද? රනිල් මහතා අවංක නිහතමානී කෙනෙක්. නමුත් එම නිසා මිනිස්සු දිනාගැනීමට නෙහැකි වී තිබෙනවා. ඕකයි ඇත්ත. මේ ජෝකර්නම් එජාපය අතුගාලම දාන්න යන්නේ.
අපට නම් අර පිලෙයි මේ පිලෙයි ,අගු පිලෙයි ඉන්න හැම කෙනාම ( ඔහෙත් ඇතුළුව... හරියෑ ) පෙන්නේ මාතෘ භූමිය විනාශ කරමින් ඉදිරියටත් විනාශ කිරීමට සැදී පැහැදී සිටින බුරුවන් ලෙස පමණයි. තේරුනයි සජිත් මලයට ? හිතනවද අපි වැලිගම් ගිහින් කොහේ හරි ඉපදිලා කියලා..
පක්ෂයේ ආදාහන කටයුතුත් දැන්මම සංවිධානය කරගත්තානම් හොදයි නේද?
නමේ හැටියට වැඩ සිද්ද වෙයිද කියලා කවුද දන්නේ...? පක්ෂයේ ඉන්න අයගේත් කිසිම සමගියක් නැහැ. එකාට එකා නායකකමට, තනතුරුවලට කුලල් කා ගන්න එකනේ කරන්නේ...
මොකෙන් ආවත් පරාදයි මහත්තයෝ තව අවුරුදු 25කින්වත් ඔයාලට දිනන්න බැහැ. බොරුවට පෙට්‍රල් පුච්චගන්න එපා...
මොකද බයද?
කොච්චර ඉල්ලන් කෑවත් ඩිස්ලයික් දාන කෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා. එයාට වෙන ජොබ් එකක් හොයලා දෙන්න වෙනවා.
පචය කියන කෙනා ගත්තොත් ඔටුවා කූඩාරමට දාගත්ත වගෙයි වැලේ වැල් නැතිව ඉන්න කෙනා දාගන්නනම් එපා.
මොනවා කළත් සොරිම තමයි..