(චමිල් රූපසිංහ)
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙම මස 31 වැනිදින මහනුවරදී එළිදක්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මහනුවර රැජිණ හෝටලයේදී 31 වැනිදා පෙරවරු 9.00 මැතිවරණ ප්‍රකාශනය එළිදක්වන අතර රට නව මාවතකට යොමු කරන ප්‍රතිපත්ති ගණනාවක් එහි අඩංගු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තුළ මේ ආකාරයට ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මහනුවරදී එළිදක්වන ප්‍රථම අවස්ථාව මෙය බවද ඒ මහතා එහිදි කීය.
COMMENTS
ඕන තැනක් එලි දක්වන එක ගැන නම් අපේ ප්‍රශ්නයක් නෑ. අපේ ප්‍රශ්නය තියෙන්නේ අපේ බදු මුදලින් ඔය කඩදාසි ගොන්න තැපැල් කරන්න අර කොමිසමට සල්ලි පාස් කලේ කවුද කියන එක ගැනයි.
මහී, මේක එළිදක්වන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මෙය මහජනයා වෙත දැනුම් දීමයි. එය අප කාගේත් අයිතිවාසිකමක්. ඡන්දේ ඉල්ලන පුද්ගලයා ලබන අවුරුදු 5 ට රට වෙනුවෙන් කරන්න යන දේ සාක්ෂි ඇතිව දැන ගැනීමයි. මම විශ්වාස කරනවා අදාල පොරොන්දු ඉටු නොකළහොත් රටේ ජනතාවට මේ හරහා අධිකරණයේ පිහිට වුවත් ලබාගත හැකියි.
තැපැල් ඡන්දෙට කලින් තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරගන්න බැරි දේශපාලන නියෝජිතයන් කියන්නේ බොත්තමක් ඔබලා ඔක්කොම කෙරෙන හැටි දැනගන්නවා කියලා. දැන් තැපැල් ඡන්දෙන් පස්සේ ටී.එන්.ඒ. එක කියනවා අපි ඔයාලගේ ප්‍රතිපත්ති එක්ක එකඟයි කියලා. මේ උප්පරවැට්ටිය ගිය පාරත් කළා.
කොහෙද, පත්තිරිප්පුවේද?
ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි ' සේ ඕන ගොනෙකුට ඕන තැනකින් ඕන දෙයක් කියා හැකියි.රෙද්දක් ඇදගෙන නම් මම ළඟට එන්න එපා.