





(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නාමයෝජනා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට බාරදීමෙන් පසු ආගමික වතාවත් ඉටුකිරීම සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානට පැමිණියේය.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි ඇතුළු මහාසංඝරත්නය ප්‍රේමදාස මහතාට සෙත්පතා විශේෂ බෝධිපූජා පින්කමක් ද පැවැත්වූහ.
ජලනි ප්‍රේමදාස මහත්මිය, පාඨලී චම්පික රණවක, බුද්ධික පතිරණ, දිලිප් වෙදආරච්චි ,කේ.කේ පියදාස ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
ජයශ්‍රී
සජිත් ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. එත් ආර්යා කෝලම තමා එපා වෙන්නේ. ගෝටා ජනාධිපති වෙනවා ඉවසන්න පුළුවන්. විමලයයි ගම්මන්පිලයි ඇමතිකම් ගන්න එක තමා ඉවසන්න බැරි. ඒ නිසා අනුර කුමාරට දීලා දානවා
චම්පික නන්නතාරවෙලා. බලමු ඉස්සරහට තව මොනවද වෙන්නෙ කියලා.
ආර්යාව පස්සෙන්මයි
රටේ සංස්කෘතිය නොදන්නා කමට වඩා උද්ධච්චකම. ජනාධිපති වෙන්න ඉස්සර නෝනාට සුදු ඇදුමක් අරන් දෙනවා පන්සල් යනකොට ඇදන් යන්න.