(අංජුල මහීක වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ ස්ථීරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරි සතියේ දී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (23) මාතර දී පැවසීය.
තව දෙසතියකින් ගෝල් ෆේස් පිටියේ දී එම ජනාධිපති අපේක්ෂකයා රටට හඳුන්වා දෙන බව කී මංගල සමරවීර මහතා එම මහ ජන රැලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය මෙන්ම දෙමල , මුස්ලිම් සියලුම පක්ෂ වල නියෝජිතයන් ද සහභාගී වන බව සඳහන් කළේය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නැයි ඉල්ලා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ පැවති “සජිත් එනවා”දෙවැනි ජන රැලිය අමතමිනි.
COMMENTS
"සජිත් එනවා" ඇවිත් යනවා... පසුගාමීන් ජනාධිපති කරගත්තොත් ලංකාවේ ඉන්න පුන්නක්කු කන ගොයියලා 2015 කරගත්තු එකේ දෙවෙනි එක කරගන්නේ.. මිනිස්සුන්ට පිනට දීලා රටවල් දියුණු කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක්ගෙන් මොන දියුණුවක්ද රටකට බලාපොරොත්තු වෙන්න පුළුවන්...? මිනිහට ඕනෑ හිඟන්නන් ටිකක් වට කරගෙන....
අනේ හොඳයි හොඳයි. අත උඩින් යූ.එන්.පී එක හේදිලා යන එක නම් සහතිකයි. උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු කිව්ව කෙනානේ... නිදන් හාරපු ඇත්තු මරලා දාලා ගත්තු කෙනානේ. එහෙව් කෙනා ඉතින් ජනාධිපති නෙමෙයි අඩුම ගානේ හම්බන්තොටවත් බේරා ගත්තොත් ලොකුදෙයක්...
රටේ ඉන්නේ සේරම හිඟන්නෝ තමයි මහත්මයා... එ්කනේ මේ 225එපා කියල වෙනසක් කරන්න දත කන්නේ...
ජයවේවා ශ්‍රී ලංකාවට..!!!
මංගල මූලික වෙලා ගෙනාවොත් ඉතින් සුපර් ස්ටාර් කෙනෙක් තමයි. මතකයිනේ 2015 ගෙනාව ස්ටාර් එක?
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ "නියම ජනාධිපති අපේක්ෂකයා ගෙනෙන තුරු" සජිත්ව අන්තර්කාලින ජනපති අපේක්ෂකයා ලෙස තබා ගනිමු.
හොඳ නායකයෙක් රටට හොඳක් වෙනවා නම්...!!!
සජිත් කියලා කීවට පසුව ගෝල්ෆේස් එකේ අපේක්ෂකයා හඳුන්වලා දෙනවලු.. එහෙනම් මාතර සජිත් ගෝල්ෆේස් එකේ කරුද..?
ලංකාවේ ගොඩදෙනෙක් අමාරුවෙන් ගත කරනවා කියලා හිතෙන්නේ මට විතරද? මහින්දත් හිටියේ ඔහොම තමයි.
තව දෙසතියකින් ගෝල් ෆේස් පිටියේ දී එම ජනාධිපති අපේක්ෂකයා රටට හඳුන්වා දෙනවා නම් මේ මොකද්ද කරන දේ? සති දෙකක් ඉන්න බැරිද?
මංගල සමරවීර ඇමතිතුමා ඉස්සර රනිල් හිතවාදී කෙනෙක්. අපි සිහිබුද්ධියෙන් තේරුම් ගත යුතුයි එතුමාගේ මේ වෙනස් වීම... රවී කරුණානායක ඇමතිතුමා, මංගල ඇමැතිතුමාට පහරපිට පහර එල්ල කළා. මුදල් අමාත්‍යාංශය ගැන... රවී ඇමැතිතුමා සජිත් විරෝධීව පෙනීසිටින කෙනෙක්. රවීට පහර දෙන්න හොඳම ක්‍රමය සජිත්ට සපෝර්ට් කරන එක... මේ හැමදෙනාම පෙනී සිටින්නේ තම පෞද්ගලික අභිමතාර්ථයන් සඳහා මිස රට ගැන හිතලා නොවේ.
සිරිසේන පත්කර ගත්තට දෙවෙනි වෙන්නේ නැහැ. එ්ක සිකුරුයි. රටේ අනාගතය ගැන පමණක් සිතන නිර්පාක්ෂිකයෙකු වන මගේ ඡන්දය නම් ලැබෙන්නේ නැහැ.
සජිත් ජනපති වුණොත් අායෙමත් මහබැංකු කේස් එක උඩට අරන් මහබැංකු හොරුන්ගෙන් නිවාස පගාව විදිහට ගනිපු ඇමතියෝ හිරේ යවන එක නම් අනිවාර්යයෙන්ම සිදු කරාවි...
“සජිත් එනවා” නම් රට කොහේ යයිද?
සජිත් වෙනුවෙන් පෙනී සිටින බොහෝදෙනා ඔවුන්ගේ පුද්ගලික වාසි වෙනුවෙන් කටයුතු කරන අය මිස රට වෙනුවෙන් කටයුතු කරන අය බව ඔවුන්ගේ ඉතිහාස පරීක්ෂා කරන විට පැහැදිලිය..
රනිල් කපන්න බැරි අත ඉඹිනවා.
සජිත් අවොත් එජාපය ඉවරයි. කරු හරි ෆොන්සේකා හරි දාන්න.
52ත් වසරක්ද?
අනේ මන්ද කිසිම දැක්මක් නැති චරිතයක් ..සංවර්දනය දෙපාමුලට ගෙනෙනවා ,දුප්පත්කම තුරන්කරනවා කියල කෑගහනවා නමුත් ඒක කරන ක්‍රමයක් කියන්නේ නැහැ .ආවොත් ඉතින් ආයේ අව්රුදු 5 අඩන්න වෙන්නේ .(හොදවෙලාවට එන්නේ නම් නැහැ ).
මේ විදිහට පක්ෂයටත් චණ්ඩිපාට් දාලා බලෙන් අපේක්ෂකකම ගත්තාම 88 තාත්ත කරා වගේම බලෙන් රටත් යට කරාවිද කියලත් හිතෙනවා. මේවට අපි ඉස්කෝලේ ගිය කාලේ කොල්ලෝ කිව්වේ බයිබොස් කියලා. අන්තිමට කුරුඳු පොලු පාරවල් කන්නවෙන්නේ ඡන්දෙ දීපු අයට වගේ...
මේක බෞද්ද රටක් නොවෙයි කියපු කටින් සජිත්ව ජනපති අපේක්ෂකයා ලෙස නම් කරනවා. අපි බාරගන්න සූදානම්ද? මම නම් මොවුන් දෙදෙනාම මායිම් කොරන්නේවත් නැත.
මීළඟට එන ජනාධිපත්ගේ බලතල 95% පමණ 19 යෙන් කප්පාදු කරලා. එහෙමනම් මේගොල්ලෝ ජනාද්තිපති වෙන්න දැනගලන්නේ මොන බම්බුවක් කොරන්නද?
දැන් පමා වැඩියි. අවුරුදු ගණනාවක් අවස්ථාව තිබුනා. ඒවා අතහැර ගත් පක්ෂයේ බලය අල්ලගන්නේ නැතිව රටේ බලය එක එල්ලේම සිහිනයක් බව ඔප්පු කර පෙන්වා ඇත . සියලු දෙනාට මෙය පොදු ධර්මතාවයකි .