IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


සජිත්ගේ ප්‍රදානයක් මැකෝ නවත්වයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා රුපියල් ලක්ෂ 37 වටිනා වෛද්‍ය උපකරණ තොගයකෙ පොල්ගස්ඕවිට වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමට නියමිතව තිබූ උත්සවයක් මැතිවරණ කොමිසන් සභාවේ මැදිහත්වීමෙන් අද (23) අත්හිටුවීමට පියවර ගත්තේය .


වෑතර දිසා රෝහලේ විශාල අඩුපාඩුවක්ව පැවති රෝගීන්ගේ හෘද වස්තුව පරික්ෂා කිරීමේ යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගයක්, 23 දා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙසේ පරිත්‍යාග කිරීමට  චාම් උත්සවයක් සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී දයාරත්න බස්නාහිර පළාත් සභාවේ හිටපු  සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් අභයගුනරත්න, නීතීඥ  එරන්ද වැලිඅංගගේ , හෝමාගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංග අබේසිංහ මහතා ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

මෙම උත්සවය පෙරවරු 10 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් පැයක පමණ කාලයක් ප්‍රමාද වූ අතර එම අවස්ථාවේ දී උත්සව භූමියට පැමිණි මොරටුව සහකාර පොලිස් අධිකාරී රමිඳු ද සිල්වා මහතා සහ කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා සංවිධායකයින්ට දන්වා සිටියේ මෙම උත්සවය  නවතා දමන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

එහිදී බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් අබේගුණරත්න මහතා මෙම ප්‍රදානය  දේශපාලන කෝණයෙන් නොබලන  දිළිඳු ජනතාවට  ලබාදෙන ප්‍රදානයක් ලෙස ලබා දීමට   සලකා බලන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියේය.


එහෙත් ඊට අවසර ලබා දීමට නොහැකි බව පොලිසිය සංවිධායකයින්ට දන්වා සිටියේය .


පසුව මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් පොලිසිය වෙත එවා තිබූ ලිඛිත දැන්වීමක් ද  සංවිධායකයින්ට ඇසෙන සේ  ප්‍රකාශයට පත් කළ අතර එහි සඳහන්ව තිබුණේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් සහ දේශපාලනඥයින් සහභාගී නොවී අදාළ පරිත්‍යාගය කරන ලෙසට මැතිවරණ කොමිසම සංවිධායකයින්ට  දන්වා සිටින බවයි.
 



අදහස් (9)

සජිත්ගේ ප්‍රදානයක් මැකෝ නවත්වයි

Hemantha Tuesday, 23 June 2020 10:47 AM

ප්‍රදේශයේ සියලුම හෘද රෝගීන් වෙතයි. මේ නිසා ඡන්දය අවසන් වෙනතුරු ඔබලාගේ හෘද රෝග ප්‍රතිකාර කල්දැමීමට සිදුවනු ඇත...

:       38       15

වීරවිජේTuesday, 23 June 2020 11:44 AM

ඉතිං උත්සව තියලා දෙන්න ඕනයෑ? පිනට දෙනවා නම් නිකං දෙනවානේ...

:       4       40

මෝTuesday, 23 June 2020 04:17 PM

ගොන් කතා කියන්න එපා... ඡන්දෙ හින්දනේ ඕක කරන්නෙ පිරිවරම ගිහින්. සජී මෙච්චර කල් බලා හිටියේ ඇයි? මැතිවරන කොමිසම හරියටම හරි... දැන් ඉතිං සජීට අගමැති වෙලාම ඕක දෙන්න බැරියැ රාජ ලීලාවෙන්ම...

:       2       0

ලසන්තWednesday, 24 June 2020 12:56 AM

කවුරු ඩිස්ලයික් දැම්මත් හේමන්තගේ අදහස හරියටම හරි... මැතිවරණ අවස්ථාවේ ප්‍රදාන කිරීම් වැරදිවුත් මෙම පරිත්‍යාගය කිරීමට සූදානම් වී ඇත්තේ රාජ්‍ය ආයතනයක් වෙනුවෙනි. මෙවැනි ක්‍රියාවන් දේශපාලන ක්‍රියාවන් සේ සිතන අය ගැන ඇතිවන්නේ හරිම දුකක්...

:       0       3

BamunuarachchiWednesday, 24 June 2020 02:14 AM

සනීපාරක්ෂක තුවා බෙදන්න පටන් ගනීවි.

:       8       0

saji Tuesday, 23 June 2020 02:44 PM

සජිත්ගේ ගෝලයින් දෙන්නා ගෙනාපු බඩුත් ආයේමත් කුදලාගෙන ගියා... ඒ කියන්නේ මේක සත්භාවයෙන් දුන්නු එකක් නොවෙයි. තනිකර පුතාණෝගේ ඡන්ද මගඩියක් මෙච්චර හොඳ වැඩකට ගෙනාවා නම් දීලා හරි යන්න ඕනේ. මොකද ඕවා පාවිචිචි කරන්නේ දුප්පත් මිනිස්සුනේ...

:       7       15

කාවින්ද Wednesday, 24 June 2020 12:57 AM

තාත්තා කල දේ පුතා නොකළා නම් නොට්ටිගේ පුතා කියලා කතාවක් තියෙන්නේ නිකමට නොවේනේ.

:       22       47

Demuni Uduwara Wednesday, 24 June 2020 12:03 PM

නාමල් ඔතන හිටියා නම් මොකද වෙන්නේ?

:       0       0

Bamunuarachchi Thursday, 25 June 2020 06:52 AM

මුඛවාඩම් බෙදනවා වගේ මෙයත් සනීපාරක්ෂක තුවා බෙදුවා නම් කොහොම හිටීවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site