IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සජිත්ගේ ආශ්‍රිතයන් සොයා මැති සබයේ කැමරා පරීක්ෂා කරයි

 (සුජිත් හේවාජුලිගේ )

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට අනුගත වන්නැයි කොරෝනා ආසාදිතවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිත වූ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පියවර ගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ මන්ත්‍රීවරුන් සොයා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සී සීටීවී කැමරා පද්ධති පරික්ෂා කිරීම ඊයේ ආරම්භ කළ බවද වේත්‍රධාරීවරයා කියයි.

සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ ගමන් ගත් ස්ථාන පිළිබඳවද වේත්‍රධාරීවරයාගේ අවධානය යොමු වී ඇත.

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුව කටයුතු කරන විපක්ෂ නායකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වූයේ කෙසේ දැයි ප්‍රශ්නයක් බවත් පාර්ලිමේන්තුව අසල පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයේදී ඔහුට වයිරසය ආසාදනය වූවාදැයි සැකයක් මතුව ඇති බවත් පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ අතර විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කොරෝනා පරීක්ෂණවලට ඊයේම යොමු වුණු එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත .

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතාද කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පසුගියදා ඇතුළත් කරනු ලැබීය.

තමාගේ තත්වය දැන් යහපත් බව මුජුබර් රහුමාන් මහතා ලංකාදීපයට ඊයේ (23)පැවැසීය.

 



අදහස් (1)

සජිත්ගේ ආශ්‍රිතයන් සොයා මැති සබයේ කැමරා පරීක්ෂා කරයි

cjandima Sunday, 23 May 2021 07:46 PM

කට්ටිය අඩුුවුණාට පස්සේ අපට අපේම නියෝජිතයෝ පත්කරගන්න අවස්ථාව දෙනවද? නැතිනම් ඒ කට්ටියගේ නෑයෝ එවලා අපිට ඡන්දෙ දෙන්න කියනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site