
(ඩයනා උදයංගනී)
දිවයින පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් සෙවීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව ඩ්‍රෝන යානා ද උපයෝ්ගී කරගනිමින් ආරම්භ කර තිබේ.
ඒ අනුව අද (24) දින බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශයන්ට අයත් සහස්පුර, සිරිසර උයන, මින්සර උයන සහ මවුන්ට්මේරි හන්දිය ආශ්‍රිතව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණි.
මෙහිදී නිරීක්ෂණය වූ සංචරණ සීමා කඩකළ පුද්ගලයින් දැඩි ලෙස අවවාද කර මුදාහැරීමට පොලීසිය හා විශේෂ කාර්ය බලකාය පියවර ගත්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකවම මමනම් ඉතින් මිදුලටවත් ගියේ නැහැ....
පොඩි මිනිහාට ඕනෑතරම් නීති... ලොකු මිනිහාට කිසිම ප්‍රශ්නයක් නෑ.
කොරෝනා වලට දෙන තැන කුඩු අල්ලන්න දුන්නානම් අද රට ගොඩ දේශපාලුවෝ හාන්සියි.