(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා තෙවැනි රැල්ල පාලනය සඳහා දිවයින පුරා පනවනු ලැබූ සංචරණ සීමා හරියටම මාසයකට පසුව හෙට (21)අලුයම 4.00ට දැඩි කොන්දේසිවලට යටත්ව ඉවත් කෙරේ .
සෞඛ්‍ය අංශ විශේෂඥයන්ගේ උපදෙස් මත රජය විසින් දිවයින පුරා සංචරණ සීමා පණවනු ලැබූවේ පසුගිය මැයි මස 21වැනිදාය .
සංචරණ සීමා පනවනු ලැබූ කාලයේදී රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි 45,000 කට වැඩි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය .
සංචරණ සීමා අද ඉවත් කෙරුණද එම සීමා අනිද්දා (23)රාත්‍රී 10 ට යළි පනවා ලබන 25 වැනි දා සිකුරාදා අලුයම 4.00ට ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියා ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
පොසොන් උත්සවය ලබන 24 වැනිදාට යෙදෙන හෙයින් අනවශ්‍ය සංචරණ වැළැක්වීම සඳහා එම දින කිහිපයේදී මෙලෙස සංචරණ සීමා පැණවෙන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය .
සංචරණ සීමා අද ඉවත් කෙරුණද පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසයි .
සංචාරණ සීමා ඉවත් කෙරුණද පහත සඳහන් නීති දිගටම ක්‍රියාත්මක කළ යුතු බව පොලිස් මූලස්ථානය පවසයි .
(1) කාර්යාලවල රාජකාරි සදහා කැදවිය හැක්කේ සීමිත සේවකයන් සංඛ්‍යාවක් පමණි .
(2) නිවසේ සිට රාජකාරි කළ හැකි පිරිස් ඔන්ලයින් ක්‍රමයට ඒ කටයුතු සඳහා යොදා ගත යුතුය .
(3)පොදු ප්‍රවාහන සේවාවන්හි ආසන ප්‍රමාණයට පමණක් මගින් ගෙන යා යුතුය .
(4)සෑම පුද්ගලයකුම මුහුණු ආවරණයක් පැළඳ සිටීම අනිවාර්ය වේ.
(5)නිරෝධායනයට අදාළ නියෝග ඒ ආකාරයටම ක්‍රියාත්මක කළ යුතුය .
(6)පළාත් අතර සංචරණ සීමා එලෙසම ක්‍රියාත්මක වේ .
(7)පළාත් අතර ගමන් කළ හැක්කේ සුවිශේෂවූ හේතුවක් නිසා පමණි .
(7)රැස්වීම්, සම්මන්ත්රණ , සාද ,උත්සව ,සන්දර්ශන ,විනෝද ගමන්,විවිධ චාරිකා,වෙරළ සාද සහ වන්දනා ගමන් සඳහා අවසර නොලැබේ.
(9)ගාලුමෝදර වැනි එළිමහන් පොදු ස්ථානවල සාමූහිකව එක්රැස්වීම ද තහනම්ය .
(10)පාරිභෝගික සේවා සපයන ආයතන සුපිරි වෙළඳසල්, වෙළෙඳසල් පවත්වා සෞඛ්‍ය උපමාන යටතේ පවත්වාගෙන යා යුතුය .
(11)සුපිරි වෙළෙඳසල්වල අත්සෝදා ගැනීමට ස්ථානයක් වෙන් කළ යුතුය .
(12) උෂ්ණත්වය පරික්ෂා කිරීමට පුද්ගලයකු යෙදවිය යුතුය .
නිරෝධායන නීති හරියාකාරව ක්‍රියාත්මක වන්නේ වන්නේ දැයි සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් රටපුරා අද (21) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය .
COMMENTS
සංචරන සීමාවලින් ලබාගත් ප්‍රතිඵල මොනවාද? මාර්ග වල දිනපතාම වාහන යනවා .
සංචරණ, සංචරණ ... හැම මගුලකින්ම බැට දෙන්නේ අහිංසක, දුප්පත් මිනිස්සුන්ගේ බඩට... අනික් හැමදෙයක්ම කරනවා... ඒවාට සංචරණ කෝ..?
අලුතින් හඳුනාගත් නව ඩෙල්ටා ප්‍රභේදයේ හිමිකරුවකු වීමට ඔබටත් කදිම අවස්ථාවක්..! සංචරණ කියලා නමට තිබ්බ කාලය තුළ හැසිරීම මෙහෙම නම් ඉවත් කළ පසු වෙන දේ සිතා ගත හැකියි. දාපු කොන්දේසි සහ ගහපු ගැසට් ආණ්ඩුවට මතකත් නෑ. රට්ටුන්ට මතකත් නෑ..
දැන් මහසෙන් කියන විදිහට හැමදාම රට වහලා තියන්නද දන්නේ නෑ කියන්නේ? මහසෙන් වෙන්න ඇති මිනිස්සුන්ට කන්න බොන්න දෙන්නේ...!!!
හෙට වෙන්නේ මෝඩ මිනිස්සු ඔක්කොම එළියට බහින එක. අන්තිමට ඇතුලෙ හිටිය අපිට දිගටම ඇතුළට වෙලා ඉන්න වෙනවා... රාජ්‍ය අංශයට.., ඔය තීරණ ගන්න බූරුවන්ට තෙරෙන්නේ නැද්ද? ඩෙල්ටාද මොකක් එකකුත් ඇවිත්. ඒ අස්සෙ රට අරිනවා. මේ අයට ඕනෑ වුණාම වහනවා. අන්තිමට එදා වේල හම්බකරන මිනිහා ගෙදර ඉඳලා අනික් ඇත්තන් රට වටේ සවාරි ගහලා...
පව්.... ජෙප්පන් බලන් හිටියේ පොහොර නැති එකට, තෙල් වැඩි කළ එකට, හාල් වගේ අත්‍යාවශ්‍ය ආහාර මිල ඉහළ යාමට, ප්‍රභූ වාහන ගෙන්වීමට, ගෑස්මිලට එරෙහිව, එන්නත් දේශපාලනීකරණයට විරුද්ධව, පීසීආර් අඩුකළාට ආදී ගොඩක් දේවල්වලට ගෝල් ප්ලේස් එකේ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන්න. පව් ඒ අයගේ බලාපොරොත්තු.. අයියෝ 3%
ඇත්තටම මාසයක් රට වහලා තිබ්බේ නැහැ. යන්න ඕනෑ එක්කෙනා... අදාළ දේට ගියා ආවා.. මේ ක්‍රමය තව ඕන කාලයක් ගෙනියන්න තිබුණා. මේක පාලනය වෙනකම්ම... මේ කරන්නේ හෝදලා මඩේ දාන එක. මේ පාර නවතින්නේ 5000කියන සීමාවේ... අපි බලමු..
මෙතන අදහස් දක්වලා තියෙන ගොඩාක් දෙනා රට වහලා තියෙනවට කැමතියි වගේ... මොකද ඒ අයට මාසේ අන්තිමට සම්පූර්ණ වැටුප ලැබෙනවා ඇති. ඒක නිසා ඒ අයට කිසිම ගාණක් නෑ. හරිම ආත්මාර්ථකාමී විදියට තමයි මේ ප්රශ්නය දිහා බලන්නේ. එ්ත් පොඩ්ඩක් හිතන්න එදිනෙදා වැටුප් ගන්න දුප්පත් මිනිස්සු ගැන. සුළු ව්‍යාපාරිකයන් ගැන. බාබර් සාප්පු, ටේලර් සාප්පු, වාහන හදන ගරාජ් වගේ කීපදෙනෙකුට රැකියාවලුත් දීලා තමනුත් ජීවත් වෙන ව්‍යාපාර ගැන. ඒවා අත්‍යාවශ්‍ය සේවා නොවන නිසා රට වැහුවාම කරගෙන යන්න බෑ. තව පුද්ගලික අංශයේ ගොඩක් ආයතන වල වැටුපෙන් භාගයයි දෙන්නේ. එතකොට මේ රට වහන්න කියන අයද මේ කට්ටියට කන්න බොන්න දෙන්නේ? මම නම් කියන්නේ කවුරුහරි රට වහන්න කියනවා නම් කරුණාකරලා ඔබේ වැටුපෙන් කොටසක් රට වැහීම නිසා අසරණ වෙන අයට දෙන්න. නැත්නම් කට වහගෙන ගෙදරට වෙලා ඉන්න. මම රජයටත් කියන්න ආපහු රට වහනවා නම් සියලුම රජයේ සේවකයන්ගේ පඩියෙන් කොටසක් කපාගෙන රට වැහීම නිසා අසරණ වෙන අයට දෙන්න අරමුදලක් ඇති කරන්න...
එතකොට බස් යන්නේ නැද්ද? අපේ ඔෆිස් එකෙන් කෝල් එකක් දීලා කිව්වා හෙට ආවේ නැතිනම් පඩි කැපෙයි කියලා...
මෙන්න මේකයි රට වහගෙන ඉන්න බැහැ කියන්නේ...මාස් පඩිකාරයෝ නෙවෙයි ඔක්කොම... "උකස් කඩ ඉදිරිපිට දිගු පෝලිම්..."