(සිතුම් චතුරංග)
සංචාරක වීසා මත මෙරටට පැමිණ මුලතිව් නගරයේ හා කුමලමුනෙයි ප්‍රදේශයන් හි සැරිසරමින් සාස්තර හා විවිධ ව්‍යාපාරික කටයුතුවල නිරත ඉන්දීය ජාතිකයින් පස්දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය කියයි.
මෙම පිරිස මුලතිව් ප්‍රදේශයේ නිවාස වෙත ඇතුළු සාස්තර කියමින් මුදල් ඉපැයීම සිදුකර ඇති බවත් තවත් කිහිපදෙනකු විවිධ ව්‍යාපාර කරමින් මුලතිව් ප්‍රදේශයේ රැදී සිට ඇති බවද පොලිසිය සඳහන් කළේය.
සැකකටයුතු පිරිසක් මුලතිව් හි සැරිසරන බවට මුලතිව් මූලස්ථාන පොලිසිය වෙත ලැබුණ පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදී සැකකාර ඉන්දීය ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඉන්දීය ජාතිකයින් පිරිසට වලංගු සංචාරක වීසා බලපත්‍ර තිබී ඇති අතර මොවුන් එලෙස පැමිණ මුදල් ඉපැයීම සිදුකරගෙන ගොස් ඇති බවද කීය.
අත්අඩංගුවට ගත් පිරිස විවිධ ජාවාරම් සඳහා සම්බන්ධතාවයක් පවතින්නේ ද යන්න සොයා විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.
පොලිස් අත්අඩංගුවටපත් ඉන්දීය ජාතිකයින් පිරිස තමිල්නාඩු , එළුදුම්පූර් හා මධුරෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන් ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් ව්‍යාපාරවල යෙදීම යන චෝදනා යටතේ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මුලතිව් පොලිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 නොවැම්බර් මස 17
112
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
955
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2561
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සංචාරක වීසා මත ආ ඉන්දීයානුවන් 5 ක් අල්ලති
kamal Tuesday, 17 March 2020 08:40 AM
මේ ගොල්ලට සංචාරක වීසා දීපු ක්‍රමය ගැන හොයා බලන්න උනන්දුවක් නැහැ වගේ...