
(යොහාන් භාසුර)
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බව ජාතික ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. එහිදී විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
යුක්රේන ජාතිකයො ලංකාවට ඇවිත් සංචාරක කර්මාන්තය දියුණු වෙනවා නෙමෙයි. අපිට බදු ආදායම අහිමිවෙනවා. මම අහන්න කැමතියි ඒ සංචාරක ව්‍යාපාරයෙන් අපේ රටට ලැබෙන ආදායම
හැබැයි ඒ එන මගීන්ට, සේවකයන්ට සියලු යටිතල පහසුකම් සපයන්න ඕන. වතුර ටික, විදුලිය, වැලිකිළි පහසුකම් අනික් සියලුම දේවල්. අපේ රටේ සේවකයන්ට පඩි ගෙවන්නේ අපේ රටේ ජනතාව ගෙවන බදුවලින්. මේක මහ ජාතික අපරාධයක්. සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියලා මේ කරන්නෙ රට තවත් අනතුරකට හෙළිමක්
වසංගත රෝග අංශය ඉතා පැහැදිළිව කියනවා යුක්රේන ගුවන් සේවක කණ්ඩායමකින් තමයි ‘කොරෝනා’ දෙවැනි රැල්ල ඇති වුණේ කියලා... සැප්තැම්බර් 11 වැනිදා 11 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ආවේ. මේ කොවිඞ් දෙවැනි රැල්ල යුක්රේනියන් නයින් ඉළෙවන් (9/11) ප්‍රහාරයක්. මෙයින් තමයි මේ දෙවැනි රැල්ල ව්‍යාප්ත වෙලා යන්නේ.
පසුගිය කාලය තුළ මගී ගුවන් යානා 45 ක් ඇවිත් තියෙනවා. සැප්තැම්බර් මස 21, ඔක්තෝබර් මස 10 ක් සහ නොවැම්බර් මස 14 ක් ඔක්තොම 45 ක් ඇවිත් තියෙනවා. නමුත් සත පහක ආදායමක් නෑ.
නමුත් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කිරීම හරහා ආදායමක් ලැබෙන්නේ නෑ. හමුදාව ගෙනල්ලා තමයි යුක්රේන ජාතිකයන් මුහුදු වෙරළේ නාවන්නේ. හමුදාවට පඩි ගෙවන්නේ අපේ රටේ සල්ලිවලින්.
විදේශත ශ්‍රමිකයන් ලංකාවට ගෙන එද්දි සිදුවන ජාවාරම ජනාධිපතිතුමා වටේ ඉන්න ඥාාති සහ යාළුවො පිරිසක් තමයි මෙහෙයවන්නේ. ඒක කවුරුත් දන්නවා. මේ වැඬේ කරන උදයංග වීරතුංග කියන්නේ ජනාධිපතිතුමාගේ ඥාතියා, හොඳම මිත්‍රයා.
අද මොකක්ද මේ වෙන්නේ, ගුවන්තොටුපළ බද්ධ නිදහස් කරනවා. මත්තල ගුවන්තොටුපළේ බද්ධ නිදහස් කරනවා. මේ ගැසට් එක ගහලා තියෙන්නේ 2020.10.01 සිට 2022.09.30 දක්වා. එක මගියකුගෙන් ඩොලර් 60 ක් අය කරනවා.
උදයංග වීරතුංගම කියන විදියට යුක්රේන ජාතිකයන් 2,500 ක් ගෙන්නන්න යනවා. එවිට එක මගියකුගෙන් ඩොලර් 60 ක් අපිට අහිමිවෙනවා. 2,500 වැඩි කිරීම ඩොලර් 60. ඩොලර් 150,000 යි. ඒක වැඩි කරනවා රුපියල් 190 න් රුපියල් දෙකෝටි අසූපන්ලක්‍ෂයක් අපිට අහිමිවෙනවා.
ඒ විතරක් නෙවෙයි. ලෑන්ඩින් ඇන්ඞ් පාර්කින් ටැක්ස් එකත් අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නෙ අපි ගුවන්යානා ලෑන්ඞ් කරන කොට අය කරන බද්ධත් සම්පූර්ණයෙන් නිදහස් කරනවා අවුරුද්දක කාලක් සඳහා. මේ ගැසට් එක ගහන්නේ 2020 සැප්තැම්බර් මාසෙ 8 සිට 2021 සැප්තැම්බර් මාසෙ 8 වැනිදා දක්වා. අවුරුද්දක කාලයක් මත්තලට එන ගුවන්යානාවලට ලෑන්ඩින් චාර්ජස් නෑ. පාර්කින් චාර්ජස් නෑ
මොකද්ද අපිට ලැබෙන ආදායම. සත පහක ආදායමක් නෑ. මේ පැයකට කළිනුත් යුක්රේන ජාතිකයන් 185 ක් ලංකාවට බෑවා. සත පහක ආදායමක් නෑ යයිද විජිත හේරත් මහතා පැවසීය.
COMMENTS
ඒ වුණාට අර කට්ටියගේ සාක්කු පිරෙනවනේ රටට මොකක් වුණත්...
තක්කඩියන්ගේ පොකට් එක පිරෙනවා නම් සතුටු වෙන ගොන් ජනතාවක් ඉන්න රටකට මොකටද ආයේ ආදායම්? ඔය කොරෝනා අරන් එන්නේ ඇතිවෙන්නම? පිටරට යුක්රේන් හිඟන සුද්දන්ගේ කොරෝනා වුණත්, දේශප්‍රේමී අපට හරිම වැදගත්.. කාටද ආඩම්බර?
මේ උම්බෑ කියනවද? තප්පුලනවද? පෙනෙන්නේ මේ ගොල්ලන්ව මහජන මුදලින් නඩත්තු කරන එකෙත් නඩත්තු කරන එකෙත් සත 5ක වැඩක් නැහැ කියලයි...
අපි ජනාධිපතිතුමාට ඡන්දෙ දුන්නේ මේ වගේ ඉල්ලන්කන වැඩ කරන්න නොවේ. උදයංග ගේ සාක්කු පුරවන්නත් නොවේ.
විදේශිකයින් ගෙන්වීම අත්‍යාවශ්‍යයි. රටට කෝටි ගණන් සල්ලි යුක්රේනයෙන් දැන් එනවා. කොරෝනා පැණියෙන් ලංකාවේ කොරෝනා පාලනය කරගන්න පුළුවන් බව සර්ලා අපිට කියලා තියෙනවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ.
සත 5ක ආදායමක් නොලැබෙන්නේ කාටද? ලැබෙන කට්ටියට නම් ගජරාමෙට ලැබෙනවා ඇති. යුක්රේනයෙන් ආපු පරාණවලට තුන් මාසෙකට ලයිසන් දීලත් තියෙනවලු නේද?
නියමු ව්‍යපෘතියක් යනු අඩු පාඩු නිවැරැදි කිරීම් උදෙසා කරන දෙයකි. මේ සංචාරකයින් ගෙන්වන්නේ ඒ අරමුණින්ය. මෙය විශේෂිත වූ කාලයකි. එතෙක් ටිකක් ඉවසන්න..
කුහකකමේ සීමාවක් නැති නිසාම තමයි ජනතාව 3%ට බැස්සුවේ. අර ෆ්‍රෙඩි සිල්වාගේ "පාන්කිරිත්තා" සින්දුව වගේ හැමදේම විවේචනය කරකර ඉන්නේ නැතුව තමනුත් වගකීමක් අරන් රටට වැඩක් කරලා පෙන්නන්නකෝ...
අනේ මහත්තයෝ ඔය වගේ අකුල් හෙලන්න එපා. ඔබලා තරම් කාලකන්නි තවත් නෑ. සංචාරක ව්‍යාපාර කරන ලක්ශ 4ක් 5ක් මිනිස්සු ජීවත්වෙන්නේ කොහොමද?
යටත් විජිත ඇතුලු නඩය කුපිත වෙලා, කුජීත වෙලා ඉන්නේ යහපාලනයට කඩේ ගිහින් ලැබුණු කොමිස් කුට්ටි නැති නිසයි. කොහොමටවත් දැන් සත පහක්වත් ලැබෙන්නේ නැහැනේ.