(රංජන් කස්තුරි)
විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් PCR පරීක්ෂණවලට ලක් නොකිරීමෙන් රට තුළ නැවතත් භයානක කොවිඩ් රැල්ලක් මතු විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.
සෞඛ්‍ය අමාතංශයේ නවතම මාර්ගෝපදේශවලට අනුව මෙරටට පැමිණෙන සංචාරකයින් විදේශ රටකින් එන්නත් ලබාගෙන සහ PCR පරීක්ෂණවලට ලක්ව ඇත්නම් ඔවුන් කිසිදු කොවිඩ් පරීක්ෂාවකට ලක් නොකර කටුනායක ගුවන් තොටුපළින් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.
ඇතැම් සංචාරකයින් PCR පරීක්ෂණ ලෙස සකස් කළ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රට තුළට ඒමේ අවදානමක් මෙමගින් ඇති විය හැකි බවද එමගින් නැවතත් කොවිඩ් රැල්ලක් හටගත හැකි බවද වෛද්‍ය විශේෂඥයින් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙන්වා දී තිබේ.
එවැනි අවස්ථාවක් ඇති වුවහොත් එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය භාර ගත යුතු බවද ඔවුහු පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
COMMENTS
අනේ මේ හොර ලියකියවිලි දාලා මෙහෙට එන්න පිස්සුද සංචාරකයන්ට ?
ඔය තිබෙන රසායනාගාරේ හරහා යම් ප්‍රමාණයකට හෝ ඕක නොකරන්නේ කිමද?
දැන් මේ මහත්තුරු කියන්නේ පී.සී.ආර් කරාම කොවිඩ් හැදෙන එක නවතිනවා කියලද?
එහෙනම් අපිට රැල්ල පාග පාග තව කාලයක් ඉන්න පුළුවන්
PCR කරලා ගුවන්ගත වෙන්නේ, ආයේ මොකටද PCR කරන්නේ?
මේකනම් සහතික ඇත්ත. පිට රටින් පහුගිය කාලේ ආව ගොඩක් අය පී.සී.ආර් වාර්තාව නෙගටිව් කියල අරන් ආවත් ලංකාවේදී පී.සී.ආර් කරාම පොසිටිව් වුනා.
සංචාරකයෝ කියල එන බොහෝ අය මෙහි රැකියා වලට එන්නන්. විකාර නවතා පරීක්ෂණ කරමු.
අනේ ඔගොල්ලොන්ගේ බෙහෙත්, එන්නත නොගත් අය ඉක්මනටම කැඳවාගෙන එන්න