IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සීගිරියේ සම්බාහන මධ්‍යස්ථානයකින් ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

 

 

(කාංචන කුමාර ආරියදාස)

 

සීගිරිය කලාපුරය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක තිබී ගංජා කිලෝ හතරක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සීගිරිය පොලිසිය විසින් ඊයේ (7) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සීගිරිය කලාපුරයේ පදිංචිකරුවෝ වෙති.

පොලීසියට ලැබුණු තොරතුරක් මත සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී ලාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් මෙම සම්බාහන මධ්‍යස්ථානය වටලා තිබේ.

එහිදී ඉතා සූක්ෂම ලෙස ඇසුරුම් කර තිබූ ගංජා කිලෝ හතරකට ආසන්න ඇසුරුම්  එහි තිබී සොයා ගෙන ඇත.

මින් එක් සැකකරුවෙකු සීගිරිය ප්‍රදේශයේම සංචාරක ව්‍යාපාරවල නිරතව සිටින අයෙකු බවත් අනෙක් පුද්ගලයා ඔහුගේ අත්උදව්කරුවෙකු ලෙස සේවය කරන අයෙකු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (8) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (1)

සීගිරියේ සම්බාහන මධ්‍යස්ථානයකින් ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 11:13 AM

වැටලීම කළ පොලිසියට අපගේ ස්තුතිය.. මේ සම්බාහන මධ්‍යස්ථාන වල හා ආ ගංජාවල අතර ඇති සම්බන්ධය කුමක්දැයි අපට නොවැටහෙයි.. අපට නම් සිතෙන්නේ මේ සම්බාහනයට මුවා වී මේවායේ මත්ද්‍රව්‍ය විකිණීම්, සිදුවන බවයි. බොරුවට බෝඩ් ලෑලි අටවාගෙන රජයට බද්දක් ගෙවා රහසින් ගණිකා ව්‍යාපාර ඇතුළු සමාජ විරෝධී දේ මේවායෙහි සිදුවෙයි. මෙය ප්‍රසිද්ධ රහසකි.

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 29 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site