
ඉන්දියාවේ ප්‍රවීණ සංගීතඥයකු වූ පණ්ඩිත් ජස්රාජ් මහතා ඇමෙරිකාවේදී අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඔහු 90 හැවිරිදි වියේ පසුවිය.
බොලිවුඩ් චිත්‍රපටවලට ද ඔහු සිය සංගීතය නිර්මාණවලින් දායක විය.
ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ ඉන්දියානු සම්භාව්‍ය සංගීතය ලොව පුරා ජනප්‍රියත්වයට පත්කිරීමට පුරෝගාමී දායකත්වයක් සැපයූ සංගීතඥයෙකු ලෙසය.
කොරෝනා වයිසරයේ පැතිරීම පාලනය කිරීම සඳහා ඉන්දියාව පසුගිය මාර්තු මාසයේ අගුලුදැමීමේ සීමා පනවන විට ඔහු රැඳී සිටියේ එක්සත් ජනපදයේය.එබැවින් සංචාරක සීමා යථා තත්ත්වයට පත්වන තෙක් ඔහු අමෙරිකාවේ නැවතී සිටීමට තීරණය කළ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.
ඔහුගේ මරණයෙන් සමස්ත ඉන්දියාවම කම්පාවට පත්ව සිටින අතර අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ පිළිබඳ දැඩි ශෝකය පළකර ඇත. ජස්රාජ් මහතා සමඟ කටයුතු කළ ඉන්දීය ප්‍රවීණ ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය පැවසුවේ මෙම මරණය පිළිබඳ පුවතින් තමා දැඩි කනගාටුවට පත්වූ බවයි.
ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ විශාල පිරිසක් මෙම මරණය සම්බන්ධයෙන් සිය ශෝකය පළකර තිබේ.
(බීබීසී ඇසුරෙනි -226)
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සංගීතඥ පණ්ඩිත් ජස්රාජ් අභාවප්‍රාප්ත වෙයි
ආනන්ද Tuesday, 18 August 2020 06:58 AM
ලොවට පහළ වුණු අග්‍රගන්‍ය විශේෂ කලාකරුවෙක්...