IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


සංගක්කාරත් පැය 9ක් විමර්ශන ඒකකයේ

 

(යොහාන් භාසුර)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් එම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා මේ වන විය පැය 9ක පමණ කාලයක් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට සාක්‍ෂි ලබාදී තිබේ.  

සංගක්කාර මහතා මේ වන විටත් එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර හොබවයි. සංගක්කාර මහතා අද (02) පෙරවරු 9.00 ට පමණ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර පස්වරු 6.20 පිටව ගියේය.

 ඡායාරූපය ඒ එෆ් පී ඇසුරෙනි



අදහස් (24)

සංගක්කාරත් පැය 9ක් විමර්ශන ඒකකයේ

Susantha Thursday, 02 July 2020 08:15 AM

ඡන්ද කාලේ සුපුරුදු නාට්‍යයක තවත් ජවනිකාවක් මෙසේ අවසන් විය. තවත් කොටස් කීපයක් ඉදිරියට...

:       157       1507

SajithThursday, 02 July 2020 05:59 PM

මේවා ඡන්ද නාටක නෙමෙයි. සංගක්කාරට ICC සභාපතිකම හම්බෙන එක වලක්වලා ඉන්දියාවට අරන් දෙන නාටකේ. බුකී සුමතියයි, මහින්දානන්දයයි වැඩේට බැහැලා ඉන්නේ. ඉන්දියාවෙන් කෝටි ගාණක් දෙන්න ඇති. මේ වගේ කාලකන්නි පාර්ලිමේන්තුවට යවන අයටත් හෙන ගහන්න ඕනෑ...

:       0       1

sunil Thursday, 02 July 2020 10:41 AM

බැරිවෙලාවත් මහින්දානන්ද කිව්ව දේ ඇත්ත නම්...!!!

:       1101       243

AmaraThursday, 02 July 2020 12:03 PM

කැරම් බෝර්ඩ් කතා කරයි..

:       0       0

බණ්ඩාරThursday, 02 July 2020 06:36 PM

ඇයි එහෙනම් අවුරුදු 9ක් හිටියේ ඕක කියන්න. ඒ කාලේ ක්‍රීඩා ඇමති. ලංකාවේ ක්‍රිකට් කෑවට රටම බැන්නේ අසන්ත ද මැල්ටයි, ඇමතිලාටයි ක්‍රීඩා පරිපාලකයින්ටයි. ඒ අය අහිංසකයින්ද? මහේලලා, සංගලා ලකුණු අච්චර ගහලා අන්තිමට මූළු රටම පාවලා දීලා කරපු වංචා කරා කියලා කියන්න තිබ්බනේ ඒ දවසෙම. ICC එකෙන් මුදල් ලැබෙනවා කියලා රටටම බොරු කියලා කොමිස් ලැබෙන්න තිබ්බ ප්‍රොජෙක්ට් එකට ඒ අය විරුද්ධ වෙනකම්ම හිටියේ...

:       0       1

දිමුත්Friday, 03 July 2020 04:28 AM

එයා කිව්වා ඇත්ත වුණු දෙයක් කියන්නකෝ...

:       0       28

RD Thursday, 02 July 2020 11:38 AM

ලංකාවට ක්‍රිකට් ගැහුවොත් ඔහොම තමයි... අපරාදෙ ලෝයර් කෙනෙක් නොවුණේ...

:       3       243

Mahesh Thursday, 02 July 2020 11:49 AM

රටට වැඩක් කරපු හිටපු හමුදාපතිට වගේම හිටපු අගවිනිසුරතුමියට එදා මහින්ද සලකපු විදිය බැලුවහම.. අද මේ විශිෂ්ඨ ක්‍රීඩකයින්ට සලකන හැටි හිතාගන්න පුලුවන්... අපි හිතුවේ මහින්ද මහත්තයා දැන්වත් හැදිලා ඇති කියලා හැබැයි කිසිම වෙනසක් නෑ.. ජනපතිතුමාට රටේ ජනතාවගේ තියෙන පිළිගැනීමත් මහින්ද සහ වටේ ඉන්න තක්කඩි විනාශ කරනවා දිනෙන් දින...

:       2565       3589

Kamal KoyralaThursday, 02 July 2020 06:37 PM

හෝමාගම නොදැක්කා වගේ හිටියා නම් හරි.., මේ වෙන්නේ ඉදිරියට එන්න ඉන්න සිංහල නායකයින්ට තර්ජනයක් වේය කියලයි. පාඨලී, රාජිත, සංගා වගේම තව අයටත් සිද්ද වේවි...

:       0       1

BamunuarachchiFriday, 03 July 2020 01:24 AM

මොකක්ද හලෝ ඔය ගොබ්බ කතාව? රන්ජන් අධිකරණයට කෙලින්ම අතදාලා කරපු හරිය අමතක වෙලාද? නැතිනම් තිබෙන කුහකකමටද ඔහොම කතා කරන්නේ? මොලයක් තිබෙනවා නම් නිකමටවත් හිතෙන්නේ නැද්ද සංගක්කාරගෙන් පැය 9ක් ප්‍රශ්න කරන්න තරම් හේතු පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව... සංගක්කාරලාත් නොදැන දේවල් සිදුවුණාද කියලා සංගක්කාරටත් දනගන්න පුළුවන් වෙන්නේ පසුව. අනික සංගක්කාරව අනවශ්‍ය විදිහට ප්‍රශ්නකළොත් එයා එළියට ඇවිත් කියන බවත් එයාට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා. එබැවින් ප්‍රශ්න කරන අය දන්නවා. ඒ වගේම ප්‍රමාණවත් කරුණු නැතිනම් ඔය විදිහේ පැමිණිල්ලක් අවුරුදු ගණනකට පස්සේ ඉදිරිපත් වන්නේ නැති බවත් හිතන්න බැරිද?

:       104       136

sharm warnFriday, 03 July 2020 03:36 AM

කාලෙ මාරුවුණාට, කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ කියලා කතාවක් ඔයා අහලා නැද්ද? එහෙම දේවල් බලාපොරොත්තු වෙන්නත් එපා. මට දුකයි මේ ක්‍රීඩකයෝ ගැන... සල්ලිවලට රටම පාවලා දුන්නු අය තමයි මෙයාලට ඇඟිල්ල දික්කරන්නේ.

:       0       133

samFriday, 03 July 2020 04:33 AM

මේ සංගක්කාරට චෝදනාවක් නෙවෙයි. එයා එදා ක්‍රීඩකයෙක් නිසා දන්න දේ ඇසීමක් කරන්නේ... බයද?

:       45       72

Samira Thursday, 02 July 2020 12:15 PM

ඕක ඇයි ඒ වෙලාවේ කිව්වේ නැත්තේ? දැන්ද මතක් වුණේ... මේවට කියන්නේ කුහක දේශපාලනය කියලයි..

:       0       11

Bamunuarachchi Thursday, 02 July 2020 01:43 PM

ඔව්, මහත්තයෝ ඔබ දන්නා දේ කියන්න සමහර විට ඔබලා නොදැනුවත්වම වැඩේ කෙරුණා වෙන්න පුළුවන්.. පැමිණිලිකරු ඉදිරිපත් කරඇති කරුණු මොනවාද කියා ඔබ අපි දන්නේ නැහැනේ...

:       1       0

de silva Thursday, 02 July 2020 02:19 PM

මේවට ජනතාව අගෝස්තු 5වෙනිදා පිළිතුරු දේවි.

:       1       1

BamunuarachchiSaturday, 04 July 2020 05:45 AM

මේ මොන කතාවක්ද? මොවුන්ද රටක පාලකයෝ තෝරන්නේ...? හලෝ අගෝස්තු මාසයේ කරන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයක් තේරීම නොවෙයි.., රටේ ආණ්ඩුවක් තේරීමයි. අපිට එතැනදී ක්‍රිකට් කොහෙත්ම අදාළ නැත. ක්‍රිකට් අපේ ජීවිතයට කොහෙත්ම අදාළ නැත..

:       1       0

විසල් Thursday, 02 July 2020 05:43 PM

එය ලෝක කුසලාන අවසන් මහා තරගයක් මෙන් නොවේ. එය සුහද ක්‍රීඩා තරගයක් මෙනි. තරගය අවසානයේ ප්‍රතිවාදීන්ට ඉතා පහසු ජයග්‍රහණයක් ලැබිණි. අප පැතුවත් ජයග්‍රහණ සැමදා නොලැබේ.

:       0       1

AnuraK Thursday, 02 July 2020 11:42 PM

අවුරුදු 9ක නිහඬතාවයකින් පසු මුළු ලෝකයා ඉදිරිපිට කරන මෙම නිගාවෙන් එම ක්‍රීඩකයන්ට වන හානිය සුළුපටු නොවේ...

:       0       28

lal Friday, 03 July 2020 01:48 AM

මහින්දානන්දගේ කේස්වලට මොකද වුනේ...? ඒවත් මේවගේ ඉක්මනට ඇදලා අරන් ඉවරයක් කරන් නැද්ද?

:       0       30

සෑම් Friday, 03 July 2020 01:57 AM

මේ ක්‍රිකට් පාවාදීම තනිකරම මහින්ද කරපු ඉහළ පෙළේ වැඩක්... මේකට ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කරලා වැඩක් නැහැ. මේක හරියට පාස්කු ප්‍රහාරය ගැන පොලිස් පොඩ්ඩන්ගෙන් අහනවා වගේ වැඩක්... නියෝග එන්නේ හැමවිටම ඉහළින්... මෙවරවත් රටේ කොඳුනාරටිය කන මොවුන්ට ඡන්දෙ දෙන්න එපා.

:       2       11

chamara Friday, 03 July 2020 02:09 AM

මේ දේශපාලුවන් කරන්නේ රටේ ක්‍රිකට් අනාගතයත් විනාශ කර දැමීමයි. (වර්තමානය කොහොමත් ඔවුන් විනාශ කර හමාරයි) පොඩිදරුවන් මේවා දැකලා ක්‍රිකට්වලට යොමුවෙයිද? මොවුන් වැරදි කරලා තියෙනවා නම් ඒවා පරීක්ෂණ කරන නිසික්‍රමවේදයක් තිබිය යුතුයි. එහෙම නැතුව මෙහෙම ප්‍රසිද්ධියේ, මගේ රටට කීර්තියක්, ජයග්‍රහණ ගෙනාපු ක්‍රීඩකයින්ව වැරදිකරුවන්ට වගේ අපහසුතාවයට පත්කිරීම නම් සම්පූර්ණන්ම වැරදි ක්‍රියාවක්... වෙන රටවල ජාතික ක්‍රීඩකයින්ව සලකන්නේ ඔවුන්ගේ රටේ නාම සන්නාමකරුවන් ලෙසයි.. එ්ත් අපේ රටේ දේශප්‍රේමීන් යයි කියාගත් දේශපාලුවන් මුදලට හා බලයට ඉන්දියානුවන්ගේ කීමට සහ වරදාන වලට සංගාට සහ අප රටට ලැබීමට නියමිත ICC සභාපතිකම ඉන්දියාවට විකුණන අයුරු නම් ඉතා අප්‍රසන්නයි.

:       0       41

ලුම්බිණි Friday, 03 July 2020 02:14 AM

කුමාර් සංගක්කාර කළ යුත්තේ මෙම කතාවේ ඇත්තක් නැත්නම් මහින්දානන්ද අලුත්ගමගේට විරුද්ධව නඩු පැවරීමයි.

:       0       0

sharm warnFriday, 03 July 2020 08:48 AM

ඒක වෙලාවට කරාවි ලුම්බිණි. අපි බලාගෙන ඉමු. ලස්සනම වැඩේ, මහින්දානන්ද වගේ කෙනෙක් මේවගේ කතාවක් කියන එක. අනිත් එක එයා ඒ කාලේ ක්‍රීඩා ඇමැති මට මතක හැටියට... හිතුවද දන්නේ නැහැ එයාට මේවා කිව්වාම වැඩියෙන් ඡන්දෙ ලැබෙයි කියලා...

:       0       0

BamunuarachchiSaturday, 04 July 2020 05:52 AM

ගොබ්බ කතා කියන්න එපා... මහින්දානන්ද සංගක්කාර සමග ක්‍රිකට් ගනුදෙණුවක් කලේ නැහැ. මහින්දානන්ද පැමිණිල්ලක් ඉදිරිපත් කළා පොලිසිය සංගක්කාරව ප්‍රකාශයක් ගන්න කැඳෙව්වා. සංගක්කාර මහින්දානන්දට නඩු දමන්නේ මොන හේතුවකටද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ලී කොටන් දෙකකට යටවී අයෙක් මරුට
2025 පෙබරවාරි මස 07 214 0

ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.


ශක්තිමත් ආර්ථික අත්තිවාරමක යළි නැඟී සිටින්න එන්න
2025 පෙබරවාරි මස 07 116 0

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.


මන්නාරම සුළං බලාගාරය ටෙන්ඩරෙන් පිට?
2025 පෙබරවාරි මස 07 718 3

මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාග


ක්‍රිෂ් ගොඩනැගිල්ල අදත් ගිනි ගනියි
2025 පෙබරවාරි මස 07 814 2

කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.


වතුකරයේ ආපදා අවදානම් පාසල්වලට කඩිනමින් විසඳුම්
2025 පෙබරවාරි මස 07 46 0

වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්


දුම්රිය දමා පළාගිය රියදුරුගේ වැඩ තහනම්
2025 පෙබරවාරි මස 07 1664 0

කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධි


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 19 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 104 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 823 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site