IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන

( +++ ජයන්ත සමරකෝන්)

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන භද්‍රානි ජයවර්ධන මහත්මිය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස පත්කරනු ලැබ සිටී.

ඇය හෙට (1) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත.

ඇය 2008 සිට 2015 දක්වා කොළඹ නාගරික කොමසාරිස් ධුරය හෙබවූ අතර 2015 ජනපතිවරණයෙන් පසුව  චෝදනා 4ක් යටතේ එම තනතුරෙන් ඉවත් කරනු ලැබුවාය.

පසුව ඇය බස්නාහිර ප්‍රධාන ලේකම් කාර්යාලයට අනුයුක්තව පැමිණීමේ ලේඛනය අත්සන් කිරීමට පමණක් යොමුකරනු ලැබ සිටියාය.

පසුව වසර 5ක් තිස්සේ පැවති විනය පරික්ෂණයෙන්ද ඇයට එරෙහිව කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට හැකි වී නැත.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 26ක කාලයක් සපුරා ඇති ඇය අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.



අදහස් (9)

සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන

sharm warn Tuesday, 31 December 2019 05:08 AM

සුදුසුකම් සහිත අය සුදුසු තනතුරු වලට එනවා නම් හොදයි. අපි හිතුවේ පාදෙණිය මහත්තයා එයි කියලනේ. අපෙ රාජ්‍ය සේවය වහාම නිදොස් කොට නිවැරදි මාවතට ගත යුතුයි. ඒ තරමට වල පල්ලට ගිහින් තියෙන්නේ. දේශපාලනීකරණයෙන් මුදවා නිදහස් කළ යුතුමයි.

:       7       263

arunaTuesday, 31 December 2019 07:41 AM

පාදෙණිය මෙම තනතුරට අවා නම් සෞඛ්‍යය කපෝති. මොහුට කිසිම පරිපාලන සුදුසුකමක් නැහැ. හැබැහි ඔහු හිතාගෙන ඉන්නේ හැම දෙයක්ම පුළුවන් කියො. හැම තැනම කරන්නේ වැරදි අර්ථකතන හා මිනිසුන් නොමග යැවීමයි. යමක් කියවා යම් විෂයක සුදුසුකම් ලැබිය හැකිනම් අපටත් පොත් පත් කියවා වෛද්‍යවරයෙක් විය හැක.

:       1380       1803

HemanthaTuesday, 31 December 2019 09:57 AM

පාදෙණිය හොද එයාගේ සංගමේ අයට පාඩුවක් වෙනවනම් ඒකට වැඩ වර්ජන සංවිධානය කරන්න විතරයි.

:       359       733

GalaparaTuesday, 31 December 2019 10:20 AM

ඔබතුමියගේ පත්වීම ගැන මුලින්ම ස්තුතිය පුද කරනවා. හැබයි ඔය ජී.එම්.ඕ එක නම් විසුරවලා ඔය ඉන්න පාදෙණිය ඇතළු අනිත් කට්ටියම අයින් කරන්න ඕනේ. මොකද මේ අය බෙහෙත් මාෆියාවක් හදල සාධාරණ මිලකට අත්‍යවශ්‍යය බෙහෙත් අධික මිලට තිබුනේ. රාජිත තමයි මේ මාෆියාව කඩලා බෙහෙත් වර්ග 200 කට වැඩි ගණනක මිල 50% සිට 75% දක්වා දුප්පත් අසරණ ලෙඩ්ඩුන්ට අඩුකරලා දුන්නේ. හදවත් රෝග වලට ගන්න ස්ටෙන්ට් රජයේ රෝහල් වලින් නොමිලේ දුන්නා. මේවා මහජනතාවට කරපු මහගු සෙතක්. රාජිත ඇමතිතුමනි, ඔබට ගොඩක් පින්.

:       659       1353

Jayantha Tuesday, 31 December 2019 10:59 AM

අරුණ, ඇයි ඔයා ඔච්චර කුහක මානසිකත්වයකින් ඉන්නේ ?

:       702       265

lalithm Tuesday, 31 December 2019 05:41 AM

වැඩ කරන්න හොඳ පරිපාලන නිලධාරීන්...........ඒකෙ වෙනස ගෝඨා මහත්තය හොඳට දන්නවා ඇති.

:       61       580

Nimal Tuesday, 31 December 2019 09:11 AM

අරුණ මහත්තයෝ, පාදෙණිය වෛද්‍යතුමා යනු ළමා ස්නායු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකි. මම දන්න තරමින් එවැනි අය ලංකාවටම ඉන්නේ අතේ ඇඟිලි ගාණක්. එහෙම කෙනෙක්ට නිකන් ‘‘පාදෙණිය‘‘ කියලා ආමන්ත්‍රණය කරන ඔබ, අටවත් පාස්නැති බව මගේ හැඟීමයි.

:       162       10

ranjith bogodaFriday, 03 January 2020 01:20 AM

මහජන මුදල් වියදම්ම් කරලා ඉගෙනගෙන මොනාද කරන්නේ. රත්තරන් කියලා කඩුවෙන් ඇන ගත්තොත් මොනාද වෙන්නේ මහත්තයෝ

:       0       0

jim kuru Tuesday, 31 December 2019 02:37 PM

පාදෙණියලාට නටන්න දෙන්න එපා.. එයාව එළවන්න.

:       62       182

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site