IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද රැසක් සමඟ ශ්‍රිපාද වන්දනා සමය ඇරැඹීමට සුදානම්

 

(ප්‍රින්ස් රත්නායක)

ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය එළඹෙන උදුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ කිරීමට නියමිතය.

මේ පිළිබඳ සාකච්ඡාවක් ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින්වහන්සේගේ අනුශාසකත්වයෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේ දී අද (08) පැවැත්වුණි.

විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව ප්‍රථම වරට පැවැත්වීමට නියමිත මෙවර ශ්‍රීපාද පෙරහැර කොවිඩ් වසංගතය හේතුවෙන් විශේෂ සෞඛ්‍ය විධිවිධානවලට අනුගතව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සදහන් කළේය.

ඒ අනුව දෙසැම්බර් 27 සවස යෙදෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන සාධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව 28 දා උදෑසන ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04ක් ඔස්සේ වැඩමවීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී පලාබද්දල මාර්ගය, බලංගොඩ මාර්ගය, කුරුවිට මාර්ගය සහ හැටන් නල්ලතන්නි මාර්ගය යන මාර්ග 04න් ගමන් ගන්නා මෙම පෙරහැර විශේෂයෙන් සෞඛ්‍ය රීතින්ට අනුව මග නොනත්වා ගමන් කිරීම සිදු කරනු ලබයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර ශ්‍රීපද වන්දනා වාරය අවම ජනතා සහභාගිත්වයෙන් සිදු කිරීමට සෞඛ්‍ය උපදෙස් ලැබී ඇතැයි ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී පැවසීය.

ඒ අනුව රැස්වූ කමිටුව පහත තීරණවලට එළඹුණි.

• උදුවප් පුන්පොහෝ දිනෙන් ආරම්භ වන ශ්‍රි පාද වාරයේ  පළමු දින උඩමළුවේ  උපරිම පිරිස 200 කට සීමා කිරීම.( එක් මාර්ගයකින් පිරිස 50 බැගින්)

• ශ්‍රි පාදය වන්දනා කිරීමට අදහස් කරන බැතිමතුන් තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ලියාපදිංචි සහතිකයක් ලබා ගත යුතුය.

• මාර්ග 04න් ගමන් ගන්නා ශ්‍රී පාද පෙරහැර කිසිදු ස්ථානයක නොනවත්වන අතර අතරමග පඩුරු දැමීම, පුද පුජා පැවැත්වීම හා භාර ගැනීම සිදු නොකිරීම.

• පෙරහැරට වාහන කිහිපයක් පමණක් සහභාගි කරවීම.

•  සියලුම ආහාර පාන දන්සල් තහනම් කර ඇති අතර ඒ වෙනුවට කැමති දානපතීන්ට මුව ආවරණ සහ අත් සේදුම් ද්‍රව්‍ය බැතිමතුන්ට බෙදා දීමට අවසර ලබා දීම.

• ශ්‍රී පාදස්ථානයේ අවසර දී ඇති කඩ සදහා දැඩි සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කිරීමටත් ඒවායේ සේවකයන් සදහා

• දේශීය සහ බටහිර වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද විෂබීජහරණ කණ්ඩායම් ද මාර්ග 04ම සදහාම යෙදවීමට නියමකර ගැනීම.
 
මෙම අවස්ථාව සදහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම, නුවර එළිය දිස්ත්‍රික් ලේකම් බී.ආර්.පුෂ්පකුමාර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ජී.ඒ.තිලකරත්න, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසුරිය, රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එච්.එස්.පණ්ඩිතරත්න යන මහත්ම මහත්මීන් ද, සෞඛ්‍ය අංශ නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.



අදහස් (1)

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද රැසක් සමඟ ශ්‍රිපාද වන්දනා සමය ඇරැඹීමට සුදානම්

අසේල Thursday, 18 March 2021 06:13 PM

මට අවසර පත්‍රයක් එවන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site