(මනෝප‍්‍රිය ගුණසේකර)
මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචනිකව ලබාගෙන මුදල් සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා ලැබ සිටින සක්විති රණසිංහ නමැත්තා අත්අඩංගුවට පත්වී වසර 10කට පසු අදාළ නඩු වලට කොළඹ මහාධිකරණය හමුවේ ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව අද (10) මුදා හැරිණි.
මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචනිකව ලබාගෙන මුදල්සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම, මහා බැංකුවේ අනුමැතියකින් තොරව ව්‍යාජ මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑම සහ ව්‍යාජ ගෙවීම් ක‍්‍රම භාවිතා කිරීම යන චෝදනා යටතේ වෙන වෙනම නඩු තුනක් විභාග කරන අතර එම නඩු තුනටම නියම වු ඇප තැන්පත් කිරීම නිසා මෙලෙස ඔහු මුදා හරින ලදී.
සක්විති රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවීන්ද්‍ර සෙනරත් මහතා අදාළ අවස්ථාවලදී කරන ලද ඉල්ලීම් වලට අනුව ඔහුට ඇප නියම වී තිබු අතර විටින් විට ඔහු අදාළ ඇප කොන්දේසි සපුරා තිබිණි.
COMMENTS
දැන් ඉතින් මෙයා හොඳයි ලංකාවේ දේශපාලනයට...
හිරේ උන්නත් මොකද රුපියල් කෝටි 162 කට පොල්ල තියලා...
දැන් එතකොට මෙයාට දඬුවම් නැද්ද? අනේ මන්දා හිරේ යනවා එනවා විතරයි.
වයස අවුරුදු 15 -16දී විතර සුපිරි හොරකමක් කරලා සල්ලි හංගන්න ඕනෑ. වයස 25 වෙනකොට හිරෙන් එළියට ඇවිත් සුපිරියට ඉන්න පුළුවන්. පුදුම නීති මේවා..!!!
දැන් තියන සැප... දැන් ඕන විදිහකට නටන්න පුළුවන්..
යුක්තිය ඉටුවීම පමාවීම යනු යුක්තිය ඉටු නොවීමයි. රටෙහි අධිකරණ ව්‍යුහය ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ. යුක්තිය පසිඳලන තැන මන්දගාමීවෙනවා යනු නීතිය පිළිබඳ විශ්වාසය හා බලාපොරොත්තු බිඳවැටීමය. එය ඉතා අහිතකර ප්‍රතිඵල ගෙන දෙයි.
බය වෙන්න එපා ළඟදීම ජනපති සමාව ලැබෙයි - ඡන්දෙ කිට්ටු කරලා
අපේ සල්ලි වලට මොකද වෙන්නේ ? සල්ලි ගෙවනවද ?
ඇයි මෙයාට විතරක් දඬුවම්? රට කාපු, ජාතිය පාවා දීපු, මහජන මුදල් කාබාසිනියා කරපු, ජනතාවට බොරු කියපු, ඡන්දය ගන්න ඕනෑම වසල වැඩක් කරපු, මහජනතාව මළත් තැකීමක් නොකරපු අයට දඬුවම් දෙන්නේ දෙයියෝද?
ෂේප් එකේ දැන් ඇපත් අරන් මාරු. මෙහෙම්මම මදුෂ්ලත් ටික කාලෙකින් එලියට එයි
මේවගේ වංචාකාරයින්ට මොන ඇපයක්ද? කෝ අපේ නීතිය? ජනතාවගේ මුදල් වංචාවට මොකද වෙන්නේ? මොවුන්ව ජීවිත තියනකම් සිරගෙවල්වල බරපතල වැඩ සහිතව තියන්න ඕනේ... මේකෙන් වෙන්නේ තවත් වංචාකාරයන් බිහිවෙන එකනේ...
මේවගේ වංචාකාරයන්ට මොන ඇපයක්ද? කෝ අපේ නීතිය? ජනතාවගේ මුදල් වංචාවට මොකද වෙන්නේ? මොවුන්ව ජීවිත තියනකම් සිරගෙවල්වල බරපතල වැඩ සහිතව තියන්න ඕනේ. මේකෙන් වෙන්නේ තවත් වංචාකාරයන් බිහිවෙන එ්කනේ...
දැනුම, කුසලතා, ආකල්ප යන තුන් ආකාරයෙන්ම ධනාත්මකව මිනිසෙකු දියුණු නොවූ කළ මෙවැනි පුද්ගලයින් සමාජයේ බිහිවෙනවා. සහරාන්ලා වගේම මරාගෙන මැරෙන උගතුන් බිහිවන්නේත් එ් නිසයි. අපි දන්නා විදියට සක්විති රණසිංහ කියන්නේ දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙක්. නමුත් ඔහු අද සිටින ආකාරය ගැන බලා , සමාජය තුල උගත් වැරදිකරුවන් බිහිවීම නැවැත්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුයි.
අධිකරණයේ තිබෙන නඩු වැඩිනම් ලෝකයේ අනිත් රටවල කරන ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට නඩුකාරවරු පත්කරලා වෙන වෙන විෂයන් වලට අදාල නඩු ඔවුන්ට වෙන්කරලා දුන්නනම් මේ ප්‍රශ්න නැහැනේ ? මේ ක්‍රමයට අවරුදු 10 ගියත් නඩු ඉවර වෙන්නේ නැති නිසා ඇප අරන් එලියට වෙලා ඉන්න පුලුවන්
මේ හොර තක්කඩින්ගේ පාරාදීසයේ හොරකම් කරන්නේ නැතිව වෙන මොනවා කරන්නද? නේද, සක්විති මහත්තයෝ? කට්ටිය හොරකම් කරල තියන විදිහට ඕක ගානක්ද? දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා තව සාර්ථකව ඔය වැඩේ කරගෙන යන්න. එවිට කෙසේවත් සිරගත වෙන්න සිදුවෙන්නේ නැහැ. යම් ලෙසකින් ගැටළුකාරී, තත්වයකට මුහුණ දෙන්න සිදු වුනොත් බන්ධනාගාර රෝහල තිබෙනවා. එකේ ටික කාලයක් නැවතිලා තියන රෝගවලට ප්‍රතිකාරත් නොමිලේම කරගෙන තවත් නිරෝගී වෙලා එළියට එන්න පුළුවන්... මේ අමනයින්ගේ පාරාදීසයේ? කාටද ආඩම්බර?
දැන් අපි මෙයාට මහබැංකුව බාර දීලා බලමු..
බද්රානි, ඔබ එහෙමම කියන්න එපා, මේ රටේ කුඩු ජාවාරම වැනි රැකියාවලටත් ලොකු වටිනාකමක් තියනවා. පිටරටකදී, වුනත් කුඩු ජාවාරමේ යෙදෙන්නෙක් ඒ රටේදී අත්අඩංගුවට පත් වුනොත්, අපේ රටේ පාලකයින් රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වෙලා අපේ රටට ගෙන්වා ගන්නවා. ඊට පස්සේ ඉතින් කිසිම අවුලක් නැහැ. වැදගත් විදිහට ජීවත් වෙන්න පුළුවන්. මව හෝ පියා මිය ගියොත් මන්ත්‍රීවරු මැදිහත් වෙලා හෙලිකොප්ටර් වලින් මලුත් ඉහලා රාජ්‍ය ගෞරවයටත් වඩා ගෞරව කරලා අවමංගල්‍ය කටයුතු සිදු කරනවා. ඔවුන්ගේ දරුවන් මේ රටට කල උතුම් සේවය සලකලා. අන්න ඒ වගේ සුන්දර රටකයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා මේක සිංහල බෞද්ධයින්ගේ රටක් නෙවෙයි කියලා කවුරුන් හෝ කියනවා නම් පමණක්, ඔහුව හෝ ඇයව ප්‍රසිද්ධියේ දඬුවම් කළ යුතුයි යන දැඩි මතයේ අප සිටිනවා. වෙනත් කිසිඳු අයුරක ප්‍රශ්නයක් නොමැති අප රටේ අපට ඇති මේ එකම ගැටළුවට විසඳුම ඔවුන්ව මේ සමාජයෙන් තුරන් කර දැමීම පමණයි.