IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සීඅයිඩී අධ්‍යක්ෂකවරයකුගෙන් කොටුව පොලිසියට පැමිණිල්ලක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොටුව පොලිසියට පැමිණිල්ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමන්ට තර්ජනය කළ බව පවසමින් මෙම පැමිණිල්ල කර ඇත.
 
“කෝටි 90ක් තිබුණු වෛද්‍ය සාෆිට යහපාලන රජය වුණත් මිලදීගැනීමට බැරිකමක් නැහැ. ඒනිසා තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. අපි ශානි අබේසේකර මහත්තයාට කියන්න කැමතියි මේ බලය කියන එක හැමදාම රැදෙන්නේ නැහැ. ඒනිසා ඔබතුමා ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයක් නීතියට අනුව ගන්න.
 
නීතියට ජිල්මාට් දමා සැකකාරයෝ නිදහස් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒවායේ ප්‍රතිඵලය ඔබතුමාට අනාගතයේ ජම්පරයක් ඇදගෙන විඳින්නට සිදුවෙයි කියලා අනතුරු ඇඟවීම ඔබතුමාට මතක් කරන්න කැමතියි” යැයි නීතීඥ ගමගේ මහතා විද්‍යුත් නාලිකාවක් හරහා කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තර්ජනය කළ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (9)

සීඅයිඩී අධ්‍යක්ෂකවරයකුගෙන් කොටුව පොලිසියට පැමිණිල්ලක්

thushara Monday, 29 July 2019 11:32 AM

වැරදි කාරයන් නිදහස් වෙනකොට ඇස්දෙකට පෙනිපෙනී ඇපලබා දෙනකොට හැමෝටම පේනවා මෙතන මොකක් හෝ අවුලක් තියෙන බව... 21 වැනිදා සිද්ධියට අත්අඩංගුවට ගත්ත කී දෙනෙකුට ඇප ලැබුණද? මේ හැම දෙයක්ම මහජනතාව දන්නවා. අඹ ගෙඩියක්. පොල් ගෙඩියක්. කොස් ගෙඩියක් නැති බැරි කමට කඩාගන්න අහිංසකයට තියෙන නීතිය, සල්ලි බලපුළුවන්කාරයින්ට නැහැ...

:       129       524

chothranandaTuesday, 30 July 2019 12:30 AM

මුස්ලිම් ජාතිකයෙක් වීම පමණක් දඬුවම් දීමට හැකි කරුණක් නොවේ. ඔහු කළ වැරැද්ද විද්‍යාත්මකව ඔප්පු කළ යුතුවේ. ඔබ සිතන ආකාරයට කුරුණෑගල රෝහලේ මාතෘ වාට්ටුවේ සේවය කල පිරිස, රහස් පොලිසිය, විනිසුරුවන්, ආදී සියලුම දෙනා ශාෆි යන පුද්ගලයාගේ මුදල්වලට යටවී නිදහස් කිරීමට දායක වී ඇතැයි සිතීම පිළිගත හැකි කරුණක් නොවේ. එසේම නීතියේ ආධිපත්‍ය පෙරට වඩා ශක්තිමත් බව අප පිළිගත යුතුය. ශාෆි වැරදි කරුවෙකු ලෙස ඔබ පවසන්නේ කුමන ශාක්ෂියක් මත පිහිටාද? කුරුණෑගල කාර්ය මණ්ඩලය ඔහු වැරදි නම් ඔබ සිතනවාද? ඔවුන් අසත්‍ය ශාක්ෂි ලබාදුන් බව?

:       0       0

saliya Monday, 29 July 2019 11:56 AM

භේදභින්න, අසමගිය ඇති කිරීම එකම දේශපාලන උපාය කරගත් පක්ෂවල ගැත්තන් සිය අභිමතාර්ථ ලඟාකර ගැනීමට ඕනෑම මනුස්සයෙක්, ද්‍රෝහියෙක්... බවට හරවා පහරදෙයි. රටේ නීතිය, යුක්තිය විනාශ කිරීම රටට හානියක් බවත් එය සිදුවූ පසු නැවත ගොඩගැනීම අපහසු බවත් මොවුන් සිතන්නේ නැත...

:       0       134

සේන Monday, 29 July 2019 12:18 PM

මුදලට හෝ බලයට යටවී කිසිවෙකු හෝ රටට, ජාතියට, වැරදි කරයි නම්..., රවටයි නම් තම සුඛවිහරණය උදෙසා සත්‍ය කණපිට ගසයි නම් කොහෙන් ගැළැවුණද එම පාපය ඔහු පසුපස ඇවිත් දිනෙක නිවැරදි තීන්දුව ලබාදෙනු නියතයි. එදාට බොහෝ දුක් විඳින්නට සිදුවනු ඇත. තමා අන්ත අසරණ තත්වයට පත්වනු ඇත.

:       195       372

RaveendraMonday, 29 July 2019 12:45 PM

සේන මයා ඔබ ඉතාම වැදගත් කරුණු කාරණා ටිකක් සඳහන් කිරීම පිළිබඳව අප ඔබට ස්තුති වන්නෙමු. ඇත්තෙන්ම අප රටේ තරම් තම රාජකාරිය හා පුද්ගලික මතගැටුම් පටලවාගත් වෙනත් ජාතියක් මෙලොව තිබේද යන්න සැක සහිතයි. අප වැඩිදෙනෙකු අපටවත් අවංක නැතිබව නම් ස්ථිරයි. අප රටේ දියුණුව, රටේ ආරක්ෂාව, අපගේ රාජකාරිය (සියලුම අංශවල) නිසිලෙස අවංකව කරන්නේ නම් මෙවන් ජඩයන් බිහිවන්නේද නැත. මෙවන් ජඩයන් නිදහස් වන්නේද නැත. කෙසේවෙතත් තම උපන් ලක්මවට ද්‍රෝහිවෙන කිසිදු කකුල් දෙකේ බල්ලෙකුට මෙහි ජීවත්වීමට කිසිඳු අයිතියක් නොමැති බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

:       311       199

BamuarachchiMonday, 29 July 2019 01:57 PM

ඔය කීවේ ආගමික පැත්තෙන් නම් ඒ වැරදිවලට දඬුවම් ලැබීම බොහොම කල්යනවා. අපිට වුවමනා අපේ ඇස් පනාපිට දඬුවම් ලැබීමයි.

:       1       3

Dayan Monday, 29 July 2019 01:12 PM

වරදක් කළ බවට සාක්ෂි නැතිනම් මුස්ලිම් නිසා අසීමිත කාලයක් හිරබාරයේ තබාගත යුතුද? මැදිහත්ව හිතන්න...

:       47       82

BamunuarachchiMonday, 29 July 2019 04:54 PM

ඔබ කතා කොරන්නේ මොවුන් කවුද කියා දැනගෙනද?

:       2       2

Dasun Monday, 29 July 2019 01:22 PM

සියලු නීතිඥවරුන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරන්න.

:       53       79

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site