(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොටුව පොලිසියට පැමිණිල්ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමන්ට තර්ජනය කළ බව පවසමින් මෙම පැමිණිල්ල කර ඇත.
“කෝටි 90ක් තිබුණු වෛද්‍ය සාෆිට යහපාලන රජය වුණත් මිලදීගැනීමට බැරිකමක් නැහැ. ඒනිසා තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. අපි ශානි අබේසේකර මහත්තයාට කියන්න කැමතියි මේ බලය කියන එක හැමදාම රැදෙන්නේ නැහැ. ඒනිසා ඔබතුමා ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයක් නීතියට අනුව ගන්න.
නීතියට ජිල්මාට් දමා සැකකාරයෝ නිදහස් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒවායේ ප්‍රතිඵලය ඔබතුමාට අනාගතයේ ජම්පරයක් ඇදගෙන විඳින්නට සිදුවෙයි කියලා අනතුරු ඇඟවීම ඔබතුමාට මතක් කරන්න කැමතියි” යැයි නීතීඥ ගමගේ මහතා විද්‍යුත් නාලිකාවක් හරහා කළ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තර්ජනය කළ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කාරයන් නිදහස් වෙනකොට ඇස්දෙකට පෙනිපෙනී ඇපලබා දෙනකොට හැමෝටම පේනවා මෙතන මොකක් හෝ අවුලක් තියෙන බව... 21 වැනිදා සිද්ධියට අත්අඩංගුවට ගත්ත කී දෙනෙකුට ඇප ලැබුණද? මේ හැම දෙයක්ම මහජනතාව දන්නවා. අඹ ගෙඩියක්. පොල් ගෙඩියක්. කොස් ගෙඩියක් නැති බැරි කමට කඩාගන්න අහිංසකයට තියෙන නීතිය, සල්ලි බලපුළුවන්කාරයින්ට නැහැ...
භේදභින්න, අසමගිය ඇති කිරීම එකම දේශපාලන උපාය කරගත් පක්ෂවල ගැත්තන් සිය අභිමතාර්ථ ලඟාකර ගැනීමට ඕනෑම මනුස්සයෙක්, ද්‍රෝහියෙක්... බවට හරවා පහරදෙයි. රටේ නීතිය, යුක්තිය විනාශ කිරීම රටට හානියක් බවත් එය සිදුවූ පසු නැවත ගොඩගැනීම අපහසු බවත් මොවුන් සිතන්නේ නැත...
මුදලට හෝ බලයට යටවී කිසිවෙකු හෝ රටට, ජාතියට, වැරදි කරයි නම්..., රවටයි නම් තම සුඛවිහරණය උදෙසා සත්‍ය කණපිට ගසයි නම් කොහෙන් ගැළැවුණද එම පාපය ඔහු පසුපස ඇවිත් දිනෙක නිවැරදි තීන්දුව ලබාදෙනු නියතයි. එදාට බොහෝ දුක් විඳින්නට සිදුවනු ඇත. තමා අන්ත අසරණ තත්වයට පත්වනු ඇත.
වරදක් කළ බවට සාක්ෂි නැතිනම් මුස්ලිම් නිසා අසීමිත කාලයක් හිරබාරයේ තබාගත යුතුද? මැදිහත්ව හිතන්න...
සියලු නීතිඥවරුන්ට මාධ්‍ය සාකච්චා තහනම් කරන්න.