(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් හෙළිදරව් කෙරුණු තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ලංකාදීප ප්‍රධාන කාර්යාලයට පැමිණීම සහ මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් එම දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තුවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ සම්බන්ධයෙන් තමා තොරතුරු රැස් කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රටේ පාලකයන් දෙන ලද නියෝග පවා නොතකමින් මේ ආකාරයට හිතුමතේ කටයුතු කිරීම ඉතාම වැරදි බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එය මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ තර්ජනයක් බවද පැවසුවේය.
මේ සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේදී ලබන 4 වැනිදා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලංකාදීප ඇතුළු ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ සුදුළුනු වංචාව ඇතුළු සතොස ආයතනයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය.
ගුණවර්ධන මහතා කළ එම ප්‍රකාශ ලංකාදීප ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක පසුගියදා පළවිය.
2025 දෙසැම්බර් මස 18
104
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීඅයිඩිය ලංකාදීපයට පැමිණීමේ සිද්ධිය මැති සබයට
Ra Thursday, 30 September 2021 02:42 PM
ඕනෑ ගොනෙකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්...