IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ෂානි අබේසේකරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ හා  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා අද(20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාව සිටි කාලයේ තමන් ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහයකයකු ලෙස තනතුරින් පහළ හෙළීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින්, ඊට වන්දි ලෙස රුපියල් කෝටියක් රජයෙන් අය කර දෙන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.

එසේම තමාගේ තනතුර  පහළ දැමීමට ගත් තීරණය  අවලංගු කර නැවතත් රහස් පොලිස් අධ්‍යක්ෂක තනතුරේ පිහිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ඉල්ලා සිටී.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති ,  ජාතික පොලිස් කොමිසම සභාපති ඇතුළු සාමාජිකයන් , නීතිපති ඇතුළු 17 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.



අදහස් (15)

ෂානි අබේසේකරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mahee Friday, 20 December 2019 10:05 AM

ඉස්සර මම බෙහෙවින් ගෞරව කළ පොලිස් නිලධාරියෙක්. හැබැයි, ෂාෆිගේ නඩුවේදී මොකද වුනේ කියලා හිතාගන්නත් බැරුව ගියා...

:       272       257

samFriday, 20 December 2019 11:43 AM

ශාපි නඩුව වැනි නඩුවක් උසාවියේදී ඔප්පු කිරීමට නම් ඒ සඳහා ස්ථිර පදනමක් ඇතිව චෝදනා ගොනු කළ යුතු වෙනවා. "සිංහල මව්වරු හාරදහසක් වඳ කරලා" කියලා පත්තරේ හෙඩ්ලයින් එක තිබුණට මදි. එකම එක මවක් හෝ සාධාරණ සැකයකින් තොරව වෛද්‍ය විද්‍යානුකූලව මේ චෝදනාව ඔප්පු කිරීමට ඉදිරිපත් කළහැකි තත්වයක නොසිටිද්දී චෝදනා ගොනුකලේ මොන පදනමෙන්ද කියන එක මුලින්ම පරීක්ෂා කිරීම වරදක් නොවෙයි. එහෙම නැතිනම් වෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ පදනමක් නැති චෝදනා විභාගයක් සිදුවෙලා... නඩුව විසි වෙන එකයි...

:       66       282

BamunuarachchiFriday, 20 December 2019 12:26 PM

ඒ කාලේ නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියන න්‍යායෙන් වැඩ සිද්ද වුනේ... දැන් බලමු ඒ ගොල්ලෝ බේරිච්ච තැන රටට පෙන්වලා නීතිය ක්‍රියාත්මක වෙන හැටි. නීතිය නමලා බේරුණාම නීතිය ක්‍රියාත්මක වුණා කියලා සැනසෙන්න එපා. මෙහෙම කතාවක් තිබෙනවා "නීතිය ඉෂ්ට වුණාට මදි නීතිය ඉෂ්ඨ වූ බව පෙනෙන්නත් ඕනේ."

:       202       1

kamal Friday, 20 December 2019 10:07 AM

එතුමා ජීවිත ආශාව අත්හැරගෙන වගේ...

:       137       59

ඉෂාරFriday, 20 December 2019 10:55 AM

ඔබතුමා කරන්නේ තර්ජනයක්ද? තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උසාවියාම ජීවිතය නැතිවෙන තරම් භයානකයිද?

:       25       164

BamunuarachchiSunday, 22 December 2019 02:21 AM

මෙයාට විතරද තමන් වෙනුවෙන් අයිතිවාසිකම් තිබෙන්නේ? එයා බලයේ ඉන්නකාලේ අනික් අයගේ අයිතිවාසිකම් බැලුවද? එ් කියන්නේ ඕනෙම දෙයක් කාලා ඉහළ තත්වයකට පත්වෙන්න පුලුවන්... නමුත් එතන වැඩිකල් රැඳී ඉන්න බැහැ කියලා. මෙයාට වුනේ එ්කයි.

:       1       0

Champika Ranawaka Friday, 20 December 2019 10:51 AM

තල වපුරා මුං බලාපොරොත්තු නොවන්න. දක්ෂ නිලධාරියෙකු වූ නුඹ, දේශපාලකයින්ගේ මන දොල පුරවන්නට ගොස් කීර්තිනාමයත්, තනතුරත් දෙකම අහිමි කරගත්තා. රාජ්‍ය නිලධාරින් දේශපාලන වුවමනාකම් ඉටු කිරීමෙන් අත්වන ප්‍රතිඵලය පිළිබඳ අනාගත පූර්වාදර්ශයක් වේවි...!!!

:       706       675

RaveendraFriday, 20 December 2019 11:33 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. අප කිසිවෙක් දේශපාලුවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් එම නිවටයින්ගේ ගොට්ටන්, ඇම්බැට්ටයින් හෝ හොඳම බෝලකාරයින් වුනේ නම් එහි ප්‍රතිඵල අපම විඳදරාගත යුතු නොවේද? හැමදා නියං එකදා වැහිවලාවේ කියන්නා සේ මෙන්ම ගමේ තොටේදී බැහැ කියලත්, දේශපාලුවන්ගේ පාද වන්දනා කිරීමේ ප්‍රතිඵල මොහුත් ලබාගත යුතුය. එය තමයි ලෝක ධර්මතාවය. අප ශානි උන්නැහේට මෙසේද කීමට කැමැත්තෙමු. ඔහෙත් සිය පවුල පිටින් බඩවියත රැකගන්නේ අහිංසක මිනිසුන්ගෙන් එකතුකර ගන්න බදු මුදල්වලින් බව අමතකවීම කණගාටුවකි. එසේ ලබාගන්නා වැටුපට සරිලන අවංක සේවයක් නොකරන "සෑම එකාටම" ලැබෙන ප්‍රතිඵල කටුක බව අමතක නොකරන්න.

:       304       264

sena Friday, 20 December 2019 10:55 AM

බලමු නීතිය කොහොම ක්‍රියාත්මක වෙයිද කියලා...

:       0       44

sisira Friday, 20 December 2019 11:21 AM

ඕවා කිව්වට මහා උළු ගෙදර යකඩ කූරු ගැන ගැන ඉන්න එක වළක්වාලිය නොහැකිය.

:       1       0

Gamarala Friday, 20 December 2019 11:44 AM

මෙවැනි නඩු ඉදිරියේදී තවත් ඒවි. හේතුව දේවත්වයෙන් සැලකිය යුතු රාජකාරිය නීතියෙන් පරිභාහිරව ක්‍රියාත්මක කරන කවුරුත් හොඳින් සිහිතබා ගතයුතු දෙයක් තමා කවදා හෝ තමන්ට උත්තර දෙන්න වෙයි කියන එක. අනෙක රාජකාරිය කියන එක කුලියට කරන එකක්... ස්වාමියාට නොගැලපෙනවා නම් වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ අයිතිය ස්වාමියා සතුමයි.

:       203       100

ලුම්බිණි Friday, 20 December 2019 11:50 AM

මෙතැනදී තමයි මහින්ද අගමැතිතුමා ගේන්න හදන පනතේ වටිනාකම පේන්නේ. එම පනත යටතේ රජයේ නිලධාරීන් වරදකරුවන් වෙන්නේ නැහැ තිබෙන ආණ්ඩුවේ නීති ක්‍රියාත්මක කළාට...

:       202       39

gamaralaFriday, 20 December 2019 04:57 PM

ඒකත් එතකොට ලෙඩක් වේවි නේද? තොරතුරු දුන්නු එක හොඳයි. එතකොට ඒක ගැලපෙන විදිහට හදාගන්න පුළුවන්නේ...

:       0       1

BamunuarachchiSunday, 22 December 2019 02:26 AM

නීති ක්‍රියාත්මක කළාට කවදාකවත් වැරදිකාරයෙක් වෙන්නේ නැත. නමුත් දේශපාලුවන් කටවචනෙන් දෙන වැරදි නියෝග ක්‍රියාත්මක කිරීමට පළමුව නියෝග දෙන්නාට ලිඛිතව වැරැද්ද පෙන්වාදීම අනාගතයේ තමන්ගේ ගැලවීමට හේතුවෙනවා.

:       2       0

Namila Friday, 20 December 2019 12:52 PM

ඒ ඔයා කඩකරපු අයිතිවාසිකම් මතක් කරගන්න.

:       15       8

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28887 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18209 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11259 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 694 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 210 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site