(නිමන්ති රණසිංහ)
ඉකුත් පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයේ මහ මොළකරු බව කියන ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා වූ මොහොමඩ් සහ්රාන් නැමැත්තා සමඟ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරෙන මැරුණු බෝම්බකරුවකු වූ මොහොමඩ් ඊබ‍්‍රහීම් ඉන්සාෆ් අහමඩ්ගේ වැඩිමහලු සහෝදරයා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ජයතුංග මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ දෙමටගොඩ පදිංචි මොහොමඩ් ඊබ‍්‍රහීම් මොහොමඩ් ඉෂ්රත් අහමඩ් නැමැත්තාය.
ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් සඳහා යොදාගත හැකි කඩු දෙකක් හා ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි බවට මෙම සැකකරු දෙමටගොඩ පොලිසිය ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ෂැංග්‍රිලා බෝම්බකරුගේ සොහොයුරා 10 දක්වා රිමාන්ඩ්
Chanak Los angeles Wednesday, 01 May 2019 02:56 PM
බොරදියේ මාලුබාන මාලුකාරයෝ දැන් කියවනවා. ෂරියා නීතිය ලංකාවේ ගැසට් කරලා තිබෙන්නේ 2015 ට පෙර හිටපු වසල නායකයින් තමයි.. ඒක නිසයි අපි කියන්නේ ඔවුන්ට රටේ බලය කවදාවත් දෙන්න එපා කියලා. ඔය අහිංසක ජීවිත නැසුනේ ඔය පාපතර දේශපාලකයන්ගේ වරදිනි.