(රංජන් කස්තුරි)
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබාදීමේදී ලකුණු ලබා දෙන නමුත් ලකුණු පදනම් කර ගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
‘ලංකාවෙන් පළමුවැනියා’, ‘දෙවැනියා’ සහ ‘තෙවැනියා’ ආදි වශයෙන් සිසුන් වර්ග කිරීම යහපත් දෙයක් නොවන බවද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
දියුණු අධ්‍යාපනයක් පවතින රටවල කඩඉම් විභාග නොපැවැත්වෙන බවද අධ්‍යාපන කටයුතු නිදහසේ සැහැල්ලුවෙන් කිරීමට දරුවන්ට අවස්ථාව ලබාදිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
හතරවැනියා ඉඳලා දුන්නානම් හරි...
පාසල් වල වාර විභාග 1, 2, 3 ස්ථානත් උසස්පෙල ස්ථාන දීමත් නතර කරමු. එතකොට ඔක්කොම හරි... නේද අැමතිතුමා?
කාලෙකට පස්සේ ඔබතුම ඉතාම බුද්ධිමත් වැඩක් යෝජනා කරලා තිබෙනවා. මේ ඉතාම අගනා තීරණයක්. ටියුෂන් කඩ කාරයින් ළමයින්ව සුරකන වෙලාවක මේ මගින් එයට වැට බඳිනවා. උසස් පෙළ විභාගයත් මේ ක්‍රමයටම පවත්වා විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයක් පිළිගත් විශ්වවිද්‍යාල ඒකාබද්ධව විශ්ව විද්‍යාල හෝ ද්විතියික අධ්‍යාපනයට කැමති සිසුන් සඳහා වෙනමම පවත්වුවා නම් ඉතාම හොඳයි. ඔබතුමාට අපගේ ප්‍රසංසාව හිමිවේ.
අන්න හොඳ වැඩක් ළමයින්ට දෙමාපියන්ගෙන් අනවශ්‍ය පීඩනයක් ඇති වෙන්නේ නෑ එහෙම කරොත් ,තරඟයක් නෑ ළමයින් පාඩුවේ පාඩම් කරලා විභාග පාස් වෙයි.
ටැබ් දෙන්නකෝ ඒ වෙනුවට, එතකොට හරි.
ඉතා උසස් ප්‍රතිඵල ගන්නා දරුවන් ගැන සතුටු වෙමු. නමුත් එම දරුවන් හුවා දක්වමින් මාධ්‍ය මගින් කරන විග්‍රහයන් නිසා ලකුණු ලබා ගැනීමට නොහැකි වූ දරුවන් පසුබෑමකට ලක්විය හැක. මානසික පීඩනයකට ලක් විය හැක.සියලු දරුවන් රටට අවශ්‍යය. මේ තීරණය නම් හොඳ යැයි සිතමි.
ශිෂ්‍යත්වය නැති කළාම ජනප්‍රිය පාසල් කියලා දේකුත් නැතිවෙනවා. ශිෂ්‍යත්වයෙන් එන දක්ෂ ළමයි නැති වුණාම ඕවායින් කවුරුවත් කැම්පස් යන්නේ නෑ. එ්කෙන් ළමයි දුක් විඳගෙන කොළඹ එන එක අඩුවෙනවා. හැම අතින්ම හොඳයි...
හොඳ දෙයක්. ටියුෂන් කඩ කාරයින්ට නම් මේවා වහ...
හැම තැනම තියන පොඩි ඉස්කෝල වහලා, අනිත් ඉස්කෝල ටිකක් ලොකු කරන්න ඕනේ. එහෙම නැතිව පොඩි ඉස්කෝලවලට පහසුකම් දෙන්න බෑ. ලඟම පාසල හොඳම පාසල කරන්න ඕනෙ ඊට පස්සේ. එහෙම නැතුව ළඟ තියන පොඩි ඉස්කෝලෙට ළමයා දැම්මොත් කම්මුතුයි.
ඇමතිතුමා, ඔව්, නෑ, බෑ, ක්‍රමයට විභාග අපේක්ෂකයින්ගෙන් ගාස්තුවක් අරගෙන ටැබ් එකෙන් ඔන්ලයින් විභාග තියන්න වගේ නේද සූදානම් වෙන්නේ? ඔන්න කොල්ලනේ අයියට කියලත් විභාගේ පාස්වෙන්න පුළුවනි ඉස්සරහට...?
ඔයිට වැඩිය හොඳ නැද්ද ඔය තරඟ විභාග නැතිකරලා කාලයට උචිත ක්‍රමයක් හැදුවොත් ඇමතිතුමෝ...!
යහපත් තීරණයක්... තීරණ ගත්තට මදි. මේවා ක්‍රියාත්මක කරන්න දැක්මක් ඇති නිවැරැදි උදවිය ඒ ඒ තැන්වලට මෙහෙයවන්න ඕනෑ.
ලංකාවේ හොඳ පාසල්, නරක පාසල් කියන සංකල්පය නැති කරලා දාන්න ඕනෑ. ටියුෂන් කඩ කාරයින් ළමයින්ව සූරාගෙන කනවා.
අද නම් දොස් පවරන්නේ නැ ,බොහොම හොද බුද්ධිමත් තීරණයක්
ලංකාවේ හොඳ පාසල්, නරක පාසල් කියන සංකල්පය නැති කිරීමට කල හැකි එක් දෙයක් නම්, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ප්‍රතිපල පත්‍ර පාසල් වලින් නිකුත් කිරීම තහනම් කොට, ඒවා රජයෙන් පමණක් නිකුත් කිරීමයි. ඒ ප්‍රතිපල වාර්තාවෙහි ශිෂ්‍යයා ඉගෙනගත් පාසැල සඳහන් නොකළ යුතුයි. අද රැකියා වෙළඳපොලේ පවා සුදුසුකම් අඩු වුවත්, "ජනප්‍රිය" පාසලේ ළමුන්ට අන් අයට වඩා රැකියා ලබා ලබා ගැනීමේ හැකියාව වැඩියි.
කල්පනා කරලා බලන්න පාසල් යන හැම ළමයකුගේම පොත් මිටියේ බර අඩු කරන්න? සමහර පොත් මිටි පිටකොටුවේ ඉන්න නාටමි කෙනෙකුටවත් උස්සන් යන්න අමාරුයි. විෂය මාලාව ???
අනේද කියන්නේ
වෙන රටවලත් නැත. රටට ප්‍රයෝජනවත් නිර්මාණශීලි හැකියාවක් ඇති කොටසක් බිහි කිරීම තමයි අධ්‍යාපනේ අරමුණ විය යුත්තේ.
හොඳ තීරණයක්.
හොද අදහසක්
මොන ටියුෂන් තිබුණත් බැරි එකාට කොහොමත් ඉගෙන ගන්න බැහැ. ඒ වගේම ඉගෙන ගන්න පුළුවන් එකා ටියුෂන් වලින් තවතවත් දැනුම මුවහත් කර ගන්නවා, අතිරේක දැනුම ලබා ගන්නවා. අපේ රටේ පහසුකම්, අපේ රටේ ආකල්ප, අපේ රටේ සංස්කෘතිය අනුව ශිෂ්‍යත්වය, සාපෙළ, උපෙළ දරඟකාරීව තිබිය යුතුයි. බැරි එකාට ජීවිතය ජයගන්න වෙනත් මාර්ග සකසාදීම වෙනම කාර්යයක්, ඒත් පුළුවන් එකාව වට්ටන්න එපා. කිසිම අයතා කටයුත්තකින් තොරව දරුවකුට හොඳ පාසලකට යන්න තියෙන මාර්ගය අහුරන්න එපා. මේ විභාග ඉගෙන ගන්න බැරි දරුවන්ටයි, ඒ දරුවන්ගේ දෙමව්පියන්ටයි බරක් තමයි. ඉකින් දෙයියනේ එහෙම ළමයිගේ අනාගතේ සාර්ථක කරගන්න වෙනම සාර්ථක වැඩපිළිවෙලක් හදන්නකෝ. ඉගෙන ගන්න පුළුවන් එකාවත් මැට්ටො කරන්න එපා. ඉස්සර තිබුනා දක්ෂයන්ට ඩබල් ප්‍රෙමා්ෂන් අරගෙන පන්තියක් ඉහලට යන්නත් හැකියාවක්. එහෙම ගිය අය කොයිතරම් ඉහල ට යන්න ඇත්ද කියලා හොයලා බලන්න. අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය තුල උසස් අධ්‍යාපනය ලබලා වෙනත් රටවලට ගිහින් රටේ නම බබලවන අය කොයිතරම් ඉන්නවද.
දියුණු රටවල ඇමති මණ්ඩලයත් 100 ක් නෑ. පාරවල් බ්ලොක් කරගෙන "ප්‍රභූ" අය යන්නෙත් නෑ. ජනතාව රව්ට්ටන්නෙත් නෑ. බදු මුදල් වලින් කාර් ගන්නෙත් නෑ. කොටින්ම මන්ත්‍රී කම යැපෙන මාර්ගයක් කර ගන්නෙත් නෑ. ඉතිං විභාග වල 1, 2, 3 තේරුවාම මොකද වෙන්නේ?
ඔය විභාග දෙකත් නවතා දමන්න එවිට ප්‍රශ්න ගොඩක් නැති වෙනවා
හැම දෙයක්ම සුපිරියට දුවන රටක්නේ මේක. මොන මට්ටමක අධ්‍යාපනයක් ලැබුවත් හැම තැනම රටේ රස්සා වැහි වැහැලා. හැම තැනම කර්මානතශාලා ව්‍යාපාර ඉදිවෙනවා. කන්ඩ නැතුව දරුවො මැරෙන්නෙත් නෑ. පාසැල් පද්ධතියෙත් සුපිරියටම උගන්වනවා. ළමයිත් ඉගෙන ගන්නවා. කුඩු මත් පෙති නෑ. දුප්පත් මිනිස්සු නෑ. මහන්සි වෙලා වැඩ කරන්න ඉගෙන ගන්න ඕන නෑ. ඇගයීමක් ඕන නෑ. ඔක්කොම එක සමානයි. හැම බිම් අඟලකම මොනා හරි දෙයක් හිටවලා රට සරු සාරයි.ක්‍රීඩා කරන ඒවත් නවත්වලා දාමු ඇයි මානසික පීඩනයක්නේ. දක්ෂ අදක්ෂ නැතුව ක්‍රිකට් කණ්ඩායම තෝරමු. දරා ගැනීමේ හැකියාවක් අවශ්‍ය නැති ඕන දෙයකට එහෙයි කියලා ඉන්න ජාතියක් ඉක්මනටම හදමු. උසස් පෙළ අයින් කරලා කැම්පස් වහමු. නිදහසේ සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුළුවන් එතකොට සල්ලි වලටම උපාධියත් ගන්න පුළුවන් විභාග කොහොමත් ලියන්න ඕන නෑ. ඕන ගොනෙකුට අචාර්ය මහාචාර්ය දොස්තරලා නීතිපති ගණකාධිකාරිවරු වෙන්න පුළුවන්. අවුලක් ඇත්තෙම නෑ. තර්කන ශක්තිය දියුණු කරන්න ඕනි නෑ. ඊට පස්සෙ ඒ අය පාර්ලිමේන්තු යවමු.අපි ඡන්දෙත් දෙන්නම්. අපි හැමදාමත් මී හරක්නේ. දැන් පාර්ලිමේන්තු සංයුතියත් මේකටම ගැළපෙනවා නේ.
කරුණාකර ලංකාවේ අමතර පන්ති තහනම් කරන්න, නැත්නම් අධ්‍යාපනය හදන්න බැහැ. විෂයන් වලට දුර්වල ළමුන්ට හවස පාසැල තුලදීම 14:30 සිට 16:30 වෙනකම් රජයේ ගුරුවරු ලවා උගන්වන්න ,
රටේ අධ්‍යාපන ක්‍රමය හදන්න ඕනේ නම් මුලින්ම රජයේ පාසල්වල ගුරුවරුන්ට පුද්ගලිකව ටියුෂන් දීම තහනම් කරන්න... ඊට පස්සේ වර විභාගයේදී ලකුණු 50ට අඩුවෙන් ගන්න ළමුන්ට පාසල් කාලෙන් පස්සේ පැය දෙකක පාසලේ ඉගෙන දුර්වල විෂයයන්ට රජයේ ගුරුවරු ලවා නොමිලයේ ටියුෂන් දෙන්න. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්වෙන සිසුන් ගෙන් 50% විතරක් අපොස උසස්පෙළට යොමු කරන්න. ඉන්පසු ඉතුරුකොටස රජයේ විධිමත් ජාත්‍යන්තර ප්‍රමිතියක් ඇති වෘත්තිය පුහුණු වැඩසටහනකට යොමු කරන්න. එහෙම කරාම මේවගෙන් පිටවෙන්නේ පුහුණු ශ්‍රමිකයන් නිසා රටේ ආර්ථිකය වසර 4-5 තුළ විශාල දියුණුවක් ලබාවි. පුහුණු ශ්‍රමිකයෝ වැඩියෙන් ඉන්නවා නම් කොරියාවේ හෝ මැදපෙරදිග රැකියා ඔවුන්ට ලබාගන්න පුළුවන්. මේක ඉතා සරල දෙයක්..., යුරෝපයේ දියුණු රටවල ක්‍රියාත්මක වෙන්නේ මෙවැනි ක්‍රමයක්, අපට අවශ්‍ය ඍජුතීරණ ගෙන ක්‍රියාත්මක කළහැකි අධ්‍යාපන ඇමති කෙනෙක් සහ දේශපාලන නායකත්වයක් පමණි.