(මනෝජ් හර්ෂික)
“අනාගතයේදී ඉංජීනේරුවකු ලෙස මා ඉපදුණු රටට ඉහළ සේවයක් කරන්න බලාපොරොත්තුවෙන් මම කාලය කැප කරනවා “යැයි මේවර ශිෂ්‍යත්ව විභායෙන් ලකුණු 199ක් ලබා ගැනීමට සමත් වූ එච්.එම්.අදීෂ නෙතුම් හේරත් අද (06) ලංකාදීපයට පැවැසීය.
අදීෂ නෙතුම් පසුගිය අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයට ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රාථමික විද්‍යාලයෙන් ඉදිරිපත් වී ලකුණු 199 ලබා ගනිමින් මේවර ශිෂ්‍යත්ව විභායෙන් සමත් වී තිබේ.
තම ජීවිතයේ ප්‍රථම කඩඉම් අභියෝගයට පෙනී සිට එහි ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට විභාගය සඳහා සුදානම් වූ ආකාරය පිළිබඳව අදීෂ නෙතුම් වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.
‘‘ප්‍රතිඵල නිකුත් කළා කියලා ආරංච් වුණු වෙලාවේ ඉඳලාම මම ගොඩක් ආසවෙන් බලාගෙන හිටියේ මගේ ප්‍රතිඵල දැනගන්න.මගේ ප්‍රතිඵල බලලා තාත්තා තමයි මට කිව්වේ මම 199ක ඉහළම ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන විභාගය සමත් වෙලා තියෙනවා කියලා.මට ඒ වෙලාවේ කියා ගන්න බැරි තරම් ලොකු සතුටක් ඇති වුණා.
පාසලේදී හා නිවසේ දී හොඳින් අධ්‍යාපන කටයුතු කළ නිසා මට මේ වගේ ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න හැකි වුණා.මගේ පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියළු ගුරුවරුන් හැම වේලාවෙම අපිට හොඳින් ඉගැන්වීම් කටයුතු සිදු කළා.පාසල් වේලාවෙන් පසුවත් විවිධ බාහිර ක්‍රියාකාරම්,කඳවුරු පවත්වමින් ඔවුන් අපිව විභාගයට මුහුණු දීම සඳහා හොඳින් සුදානම් කළා.
ඉකෝලේ දී කියා දෙන හැම දෙයක්ම මම හොඳින් අහගෙන හිටියා.අමතක නොකර හවස ගෙදර ඇවිත් පාසලේ දී දුන්න වැඩ සියල්ලම කළා.අමතර ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිව්වා.අමතර පන්තිවලට සහභාගී වුණා.මම මේ දේවල් කළේ ගොඩක් ආසාවෙන්.අම්මා තාත්තා මේ දේවල් කරන්න කියලා මට බලපෑම් කළේ නැහැ.
මම ක්‍රිකට්වලට ගොඩක් ආසයි.විවේකයක් ලැබුණු හැම වේලාවකම මම සෙල්ලම් කළා.රූපවාහිනීය නැරඹුවා.පොත් කියෙව්වා.බාහිර ක්‍රියාකාරකම්වල නියැලුණා.මේ හැම දෙයක්ම සමබරව කරගෙන යන්න මට පුළුවන් වුණා.
හොඳින් ඉගෙනගෙන අනාගතයේදී ඉංජීනේරුවකු ලෙස මා ඉපදුණු රටට ඉහළ සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.මේ ජයග්‍රණය ලබා ගන්න මට ගොඩක් දෙනෙක් උදවු කළා.මගේ අම්මා තාත්තා අක්කලා දෙන්නා හැම වේලාවෙම මට උදවු කළා.අමාරු දේවල් කියලා දුන්නා.ඒ වගේම පාසලේ විදුහල්පති වරුණ බණ්ඩාර සර් සහ පන්තියේ ඉගැන්වීම් කටයුතු කළ සරත් කුමාර ,චන්දන තෙන්නකොන් සහ පුබුදු රණසිංහ සර්ලා හැම වේලාවක දීම අපිව හොඳින් විභාගය සඳහා සුදානම් කළා.
පළමු ශ්‍රේණියේ සිට මේ දක්වා මට ඉගැන්වීම් කටයුතු කළ සියළු ගුරුවරුන්ට මම මේ වේලාවේ ස්තුති කරන්වා.ඒ සියළු දෙනා නිසයි මට මේ ජයග්‍රහණය ලැබීමට හැකි වුණේ.‘‘ යැයි අදීෂ නෙතුම් සිසුවා කීය.
තම දරුවා ලැබු ජයග්‍රහණය පිළිබඳව අදීෂ සිසුවාගේ පියා වන එච්.එම්.විජය කුමාර හේරත් මහතා මෙසේ පැවැසීය.
‘‘මගේ දරුවා මේවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 199ක් ලබා ගැනීම පිළිබඳව මට ගොඩක් සටුතුයි. ඒ වගේම අඩාම්බරයි.මම ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරීයකු ලෙස සේවය කරනවා.මගේ බිරිඳත් අනුරාධපුර මධ්‍යම පරිසර අධිකාරී කාර්යාලයේ පරිසර නිලධාරීනියක ලෙස සේවය කරනවා.මේ මගේ බාල පුතා තව දුවලා දෙන්නෙක් අපිට ඉන්නවා.
බිරිඳත් මමත් රැකියාව නිම කරලා නිවසට එන විට ගොඩක් රෑ වෙනවා.ඒ වුණත් දරුවන් පිළිබඳ සොයා බැලීම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කිසිම හේතුවකින් මඟ ඇරෙන්න අපි ඉඩ තිබ්බේ නැහැ.
මාගේ ලොකු දුව එච්.එම්.ශදනි නෙත්මිකා ඇයත් 2016 වර්ෂයේ දී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී 192 ලකුණු ප්‍රමාණයක් ලබා ගෙන කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තුන්වැනි ස්ථානය ලබා ගත්තා.ඒ වගේම සනුජී ඉමල්ෂා මගේ බාල දුවත් 2017 වර්ෂයේ දී ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී ලකුණු 184 ලබා ගත්තා.මේ දෙදෙනාම කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ මේවන විට ඉගෙනුම ලබනවා.
මගේ පුතා අදීෂ ඉගෙනීමේ කටයුතුවලට ගොඩක් දක්ෂයි.පාසලේ දී වගේම නිවසේ දීත් හොඳින් වැඩ කටයුතු සිදු කළා.නිවසේ සිටිනවාටත් වඩා පාසලේදී ඔහු ඉතාම කීකරු දරුවකු ලෙස වැඩ කරන බව ඔහුට ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන් මා සමඟ ප්‍රකාශ කළා.
ඔහු පාසලේ පැවැත්වෙන වාර විභාගවලදී ප්‍රශ්න පත්‍ර සියල්ලට වගේ ලකුණු 90 වේ කඩඉම පසු කරමින් ලකුණු ගන්නවා. ඒ වගේම පුතා පන්තියේ පළමු වැනියත් වෙනවා.පාසලේ කටයුතු වගේම බා හිර ක්‍රියාකරම් සඳහාත් ඔහු හරිම උනන්දුයි.මෙම ජයග්‍රණය ලබා ගැනීම පුතාට ඉගැන්වීම් කටයුතු කළ සියළු ගුරුවරුන්ටත් විදුහලේ විදුහපල්පති වරුණ බණ්ඩාර මහතාටත් මගේ හද පිරි ස්තුතිය පුද කරනවා.‘‘
අදීෂ නෙතුම්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.වරුණ බණ්ඩාර මහතා ලංකාදීපය වෙත මෙසේ අදහස් දැක්වීය.
‘‘අදීෂ නෙතුම් පුතාගේ මෙම ප්‍රතිඵලය පිළිබඳව අපි බලාපොරොත්තුවෙන් සිටියා.ඒ වගේම ඔහු ලකුණු 199 ක් ලබා ගනිමින් දක්ෂ ලෙස විභාගය සමත් වුණා.
ඔහු අධ්‍යාපන කටයුතුවලට වගේම බාහිර වැඩවලටත් දක්ෂ කීකරු දරුවෙක්. අදීෂගේ අක්කලා දෙන්නත් අදීෂ වගේම දක්ෂයි. ඔවුන් දෙදෙනාත් පසුගිය වසරවල උසස්ම ලකුණු ලබා ගනිමින් විභාගය සමත්වුණා.
මෙම ප්‍රතිඵලය අදීෂට සහ විද්‍යාලයට හිමිකර දීම සඳහා 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කටයුතු කරන සියළු ගුරුවරුන්,ඔහුගේ දෙමාපියන් ආදී සියලු දෙනා සම්බන්ධ වුණා.මෙය අපි සියලු දෙනා ලැබු ජයග්‍රහණයක්.‘‘යැයි විදුහල්පතිවරයා වැඩිදුරටත් කීය.

(එච්.එම්.අදීෂ නෙතුම් හේරත් සිසුවා )

(අදීෂ මව සහ පියා සමඟ)

(අදීෂගේ සොහොයුරියන් දෙදෙනා)

(ගල්ගමුව සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.එම්.වරුණ බණ්ඩාර මහතා)
COMMENTS
සුභ අනාගතයකට සුභ පැතුම් පුතා...! රටට වැඩදායි පුරවැසියකු වන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා ඔබට...
මේ දරුවට ලකුණු 200ක් දුන්නේ නැත්තේ ඇයි? මොකක්ද වරද්දපු උත්තරය සහ ප්‍රශ්නය කියලා දැනගන්න කැමතියි.
තෙරුවන් සරණයි පුතේ...!
ශිෂ්‍යත්ව විභාගය යනු කඩයිම් විභාගයක් නොවේ එය බුද්ධි පරීක්ෂණයකි. මෙය කඩයිම් විභාගයක් ලෙස හුවා දක්වා ළමුන් කුඩා කලදීම අදක්ෂයන් බවට හැඟීමක් කුඩා සිත් තුල ජනිත කරවා, ජිවිතයේ ඉදිරි කාලය එම පසුබෑමට ලක්වූ මානසිකත්වය සහිතව අධ්‍යාපනයට යොමු කිරීම වැරදි ක්‍රියාවකි. ශිෂ්‍යත්ව ක්‍රමය වෙළඳ භාණ්ඩයක් කල ටියුෂන් කඩ කාරයින්ටද මෙය ඉල්ලමක් වී ඇත. වසර පහක් වැනි කෙටි කාලින අධ්‍යාපනයකින් මෙවැනි ආන්දෝලනාත්මක "කඩයිම් විභාගයක්" යයි කියන විභාගයකට සිසුන් ඉදිරිපත් කොට, කුඩා සිසුන් මානසික අවපාතයකට ලක්කරන එකම රට ශ්‍රී ලංකාව විය හැක.
දකුනේ කොල්ලෙක්....සුබ පැතුම්..
ඔබට සදා ජය පතමි! ලකුණු අඩු වැඩි වීම ගැන නොසිතා තවත් උනන්දුවෙන් වැඩ කොට ඇමරිකාවේ M.I.T. සරසවියේ ඉංජිනේරු උපාධියක් ලබා නැවත එන්න.
අපේ සුබ පැතුම් චූටි පුතේ , ගොඩාක් සතුටුයි. ජයෙන් ජයම වේවා. තුනුරුවන්ගේ සරණයි.
රත්තරං පුතේ ඔබගේ සාර්ථකත්වය අපගේ හදපිරි සතුට ප්‍රකාශ කරන්නෙමු. අනාගතේ සියලුම විභාග කඩයිම් සියල්ලම සාර්ථක ලෙස ඉදිරිපත්වීමට සියලු ධෛර්යය ලැබේවා! අනාගතේදී අවංකව පුරවැසියෙක් ලෙස තම මාතෘ භූමියට සේවය කිරීමට මේ දරු පැටියාට ඉදිරියේදී ලැබේවා..!!!
තෙරුවන් සරණයි පුතේ.හොඳට ඉගෙනගෙන රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න.
පුතාට සුබ පැතුම්... පුතේ නිකම්ම ඉංජිනේරුවෙක් නොවී විද්‍යාඥයෙක් වෙලා රටට, ලෝකෙට වැඩ කරන්න.
ජයසිරිමහ බෝ හාමුදුරුවන්ගේ පිහිටයි පුතේ.. නමුත් එක දෙයක් කියන්න ඕනේ. මමත් ඌරපොල කනිෂ්ට විද්‍යාලයෙන් 5 වසරේ ශිෂ්‍යත්වය සමත්වෙලා ලකුණු 186ක් අරන් කොළඹ ආනන්ද විද්‍යාලයට අාවේ... පුතා වගේම අපේ රටට සේවයක් කරන බලාපොරොත්තුවෙන්. නමුත් මේ සමාජ එක්ක අපේ අරමුණට යන්න අමාරු වෙනවා පුතේ.. මමත් එදා ඔබ වගේ හිතපු කෙනෙක් පුතේ.. ඉපදුණු රටට ඉහළ සේවයක් කරන්න බලාපොරොත්තුව තිබුණත් අපිට එතැනට යන්න ලොකු කට්ටක් කන්න වෙනවා. මේ රටේ තියන දූෂණය වංචාව දේශපාලුවන්ගේ නොමනා වැඩ නිසා... මට එහෙම කලකිරුණු නිසා අද මට මගේ රටින් සමුඅරන් වෙන රටක දැන් සේවය කරනවා. ඔයාට සුබපතනවා.. අනාගතේ හොඳ තැනකට ඇවිල්ලා.. මේ සිස්ටම් එක වෙනස් කරන්න ලැබෙන්න කියලා..
අනේ Sabiya දකුණ කොහෙද ? ගල්ගමුව කොහෙද?
මා ඉතා සතුටුවෙනවා. මේ වගේ අතිදුෂ්කර පළාතකින් ලංකාවේ අංක එක වාර්තා කිරීම පිළිබඳව. දක්ෂයන් ඉන්නේ ගමේ. අපිත් මේ පළාතේ නිසා හරිම ආඩම්බරයක්. දක්ෂ ඉංජිනියර් කෙනෙක් වෙන්න සුබ පැතුම්...!!!
තෙරුවන් සරණයි පුතේ...! හොදින් ඉගෙන ගෙන රටට වැඩදායක පුරවැසියෙකු වන්න...
Sabiya මයා/මිය වෙත, ඔබ විසින් කඹුරුගමුව හා ගල්ගමුව පිළිබඳව දෝලනයවීමක් ලෙස අප දකින අතර මෙය අපේ " හිටපු මේ තුන් ලෝකෙටම හොඳම මුදල් ඇමතියා " විසින් මැදවච්චිය කිලිනොච්චියට හා පාමංකඩ අලිමන්කඩට සමාන කිරීම ලෙස කිව හැක.
සුබපැතුම් පුතුනි, ඔබටත්, ඔබ පාසලටත්...
අපේ ගම ලෝකය ඉදිරියට ගෙන ගිය අපේ පවුලේ පුංචි දක්ෂ පුතාට සුබම සුබ අනගතයක් වේවා. පුංචි අදීෂ පුතේ ඔයාට බුදු සරණ වේවා...!!!
උණුසුම් සුභ පැතුම් පුතා!
සුබපැතුම් පුතේ ඔයාට... ඒ වගේම ඔයාව හැදූවැඩු දෙමාපියනුත් හරිම වාසනාවන්තයි. ඒ අයගේ අනාගත සිහින මල් ඵලගන්වන්න පුතේ ඔයාට දිරිය ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙන්නැයි පතමි.