( තිළිණි ද සිල්වා )
කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව විසින් ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ නමින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කැනඩාවට විරෝධය පළ කළ බව විදේශ අමාත්‍යාංශය කියයි.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ අමාත්‍යාංශයේ දී කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා හමුවු අතර එහිදී අමාත්‍යවරයා මෙම විරෝධය දැක්වූ බවද අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවී ඇති බවට කැනඩාව විසින් සොයා ගැනීමක් කර නොමැතිව තිබියදී කැනඩා රජයේ නිල ස්ථාවරයට පටහැනිව, ශ්‍රී ලංකාවේ ‘ජන සංහාරයක්’ සිදුව ඇති බවට ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක පනත් කෙටුම්පත සම්මත කිරීමට ඒම ප්‍රාන්ත උප ආණ්ඩුකාරවරිය විසින් ලබා දුන් රාජකීය අනුමැතිය අත්හිටුවීම සඳහා කැනේඩියානු රජය වහාම මැදිහත් වන්නැයි අමාත්‍යවරයා මෙහිදී කැනඩා මහකොමසාරිස්වරයා ගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
ඉන්දියාවේ මෝදිත් පහුගිය කාලේ ලංකාවට පාට් දාන්න ඇති ස්වභාව ධර්මයෙන්ම පරිප්පු කනවා
1986 දි බිමි බෝමිබෝ අටවා ලුතිනන් අනුර ගාමිනි මල්ලවාරච්ච්ච් මගේ සොහොයුරා ඝාතනය කරන ලදි.එවැනි අවස්ථාවලදි ඹබ ගත් පියවර කුමක්ද?