(යොහාන් භාසුර)
එංගලන්ත තරග සංචාරයට සහභාගිවී නැවත ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාය විශේෂඥ පිතිකරු පුහුණුකරුවකු ‘කොවිඩ්’ ආසාදිතයකු යැයි හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.
නමගිය විදේශ පුහුණුකරුවකු වන ඔහු රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම නිසා පී.සී.ආර්. පරීක්‍ෂණකට ඊයේ (07) යොමුකර ඇති අතර අද ලැබුණු එහි ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයකු ලෙස හදුනාගෙන තිබේ.
එම සංචාරයට සහභාගි වූ සියලුම ක්‍රීඩකයන් එදින සිටම ජෛව ආරක්‍ෂිත බුබුලක සිටීම නිසා පුහුණුකරු ආසාදිත වීම ප්‍රශ්නයක් නොවනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිලධාරියකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ ෆොටෝ එක අර තුන් දෙනා එක්ක එකතු කරමුද? ඒ ගොල්ලන් රිංගපු තැන ඇතුලේ මෙයා ඉන්න ඇත්තේ පුහුණුව ලබා දෙන්න ඒ අයට ඕනෑ විදිය...