(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් මහතාගේ සේවය අවසන් කිරීමට ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි එහි ප්‍රධාන නිලධාරියකු පැවැසීය.
ග්‍රාන්ට් ෆ්ලවර් මහතාගේ සේවය පිළිබඳව ක්‍රිකට් තාක්ෂණික කමිටුව සෑහීමකට පත් නොවන බවත් ඒ හේතුවෙන් වෙනත් පුහුණුකරුගේ සේවය ලබා ගන්නට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
එංගලන්තයේදී ජෛව ආරක්ෂක බුබුල බිඳ දැමූ බවට ද ග්‍රාන්ට් ෆ්ලවර් මහතාට චෝදනා එල්ල වී ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ග්‍රාන්ට් ෆ්ලවර් මහතා කොවිඩ් ආසාදිතයකු ලෙස ද හදුනාගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම ක්‍රිඩාවක් තියෙනවද ලංකාවේ
ඔය කියන බුබුල කඩපු තුන්දෙනාගෙත් රස්සාව නැති වෙයි නේද?