IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ මරණවලින් සියයට 83 ක් බෝ නොවන රෝගවලින්

 

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ මරණවලින් 83% ක්ම බෝ නොවන රෝග පාදක කරගෙන සිදුවන මරණ යැයි ද බෝ නොවන රෝග නිසා අඩු වයසින් මරණ ඇති වීමේ අවදානම 17% ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මෙරට සිදුවන මරණවලින් 34% ක් හෘදවාහිනී (හදවත්) රෝග හේතුවෙන් ද 14% ක් පිළිකා හේතුවෙන් ද 9% ක් දියවැඩියාව හේතුවෙන් ද 8% ක් නිදන්ගත ස්වසන රෝග හේතුවෙන් ද සිදුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මෙම රෝග හතර සාමූහිකව ශ්‍රී ලංකාවේ මුළු මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකට දායක වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් අනෙකුත් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණ ගණන 18% ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

ඉහත සඳහන් කළ ප්‍රධාන බෝ නොවන රෝග හේතුවෙන් අවුරුදු 30ත් 70 ත් අතර අඩු වයසින් මරණ ඇති වීමේ අවදානම 17% ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය වසර දෙකකට වරක් නිකුත් කරන වාර්තාවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසර සඳහා වන වාර්ෂිකව වාර්තාව සහ ශ්‍රී ලංකාවේ රෝහල් සහ පාසල්වල ආහාර (ප්‍රති)සම්පාදනය සහ සැපයීම පිළිබඳ සමාලෝචනය (2019) යන වාර්තාවල එම කරුණු සඳහන් වේ.

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය, සීනි, ලුණු සහ මේදය ඉතා ඉහළ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා, කායික ක්‍රියාකාරකම් අවම වීම යන කරුණු බෝ නෝවන රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ දමා ඇතැයි ද එම වාර්තා වේ දැක්වේ.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ මරණවලින් සියයට 83 ක් බෝ නොවන රෝගවලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 220 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 971 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site