
(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාවේ මරණවලින් 83% ක්ම බෝ නොවන රෝග පාදක කරගෙන සිදුවන මරණ යැයි ද බෝ නොවන රෝග නිසා අඩු වයසින් මරණ ඇති වීමේ අවදානම 17% ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
මෙරට සිදුවන මරණවලින් 34% ක් හෘදවාහිනී (හදවත්) රෝග හේතුවෙන් ද 14% ක් පිළිකා හේතුවෙන් ද 9% ක් දියවැඩියාව හේතුවෙන් ද 8% ක් නිදන්ගත ස්වසන රෝග හේතුවෙන් ද සිදුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
මෙම රෝග හතර සාමූහිකව ශ්‍රී ලංකාවේ මුළු මරණ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකට දායක වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් අනෙකුත් බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන මරණ ගණන 18% ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ඉහත සඳහන් කළ ප්‍රධාන බෝ නොවන රෝග හේතුවෙන් අවුරුදු 30ත් 70 ත් අතර අඩු වයසින් මරණ ඇති වීමේ අවදානම 17% ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය වසර දෙකකට වරක් නිකුත් කරන වාර්තාවේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසර සඳහා වන වාර්ෂිකව වාර්තාව සහ ශ්‍රී ලංකාවේ රෝහල් සහ පාසල්වල ආහාර (ප්‍රති)සම්පාදනය සහ සැපයීම පිළිබඳ සමාලෝචනය (2019) යන වාර්තාවල එම කරුණු සඳහන් වේ.
දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය, සීනි, ලුණු සහ මේදය ඉතා ඉහළ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටා, කායික ක්‍රියාකාරකම් අවම වීම යන කරුණු බෝ නෝවන රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ දමා ඇතැයි ද එම වාර්තා වේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 16
91
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
890
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
618
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකාවේ මරණවලින් සියයට 83 ක් බෝ නොවන රෝගවලින්