
( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක සිටි පැමිණෙන පුද්ගලයින් සඳහා පිලිපීනය රජය පනවා තිබූ සංචාරක තහනම ලබන 30 වැනිදා තෙක් දීර්ඝ කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි මැනිලා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය,නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයට යන රටවලට මෙම සංචාරක තහනම පනවා තිබේ.
අදාළ රටවල පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රජය මෙම පියවරගෙන ඇති බව පිලිපීන ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.
පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයින්ට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට පිලිපීන රජය ඉකුත් මැයි 07 වැනිදා සිට කටයුතු කළේය.
එම රටවල් වල පැතරයමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටරේට් ගේ උපදෙස් මත එරට රජය මෙම තීරණය ගෙන් ඇත.
ඒ අනුව පසුගිය දින 14 ආවරණය වන ආකාරයෙන් ලංකාව ඇතුළු ඉහත කී රටවල ගත කර ඇති සියල්ලන් හට පිලිපීනය වෙත පැමිණීම තහනම් වන අතර මෙම රටවල සංක්‍රාන්ති වීසා (transit) සඳහා දිගුකාලීනව හා කෙටිකාලීනව කාලය ගත කළ අයට ද මෙම නියමය වලංගු වනු ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.