පාකිස්තානයට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 13 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් රැසක් නොමැතිව විස්සයි20 අංක එකේ කණ්ඩායම වූ පාකිස්තානය පරාජය කිරීමට නවකයන් රැසකගෙන් සමන්විත වූ කණ්ඩායමක් සමත් වීම මේ වසර තුළදී ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් විය.
වැඩි විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්‍රී ලංකාවට 3-0ක ජයක්
Raveendra Wednesday, 09 October 2019 05:52 PM
කොල්ලනේ නුඹලාට අපගේ උණුසුම් සුබපැතුම්..!!! ඉදිරියේදීත් මෙවන් ජයග්‍රහණ තමන් උපන් මව්බිමට ගෙනඒමට නුඹලාට ශක්තිය ලැබේවා..!!! අනේ මට යන්න බයයි... අනේ මට ගෙදරින් යන්න එපා කිව්වා. එ්නිසා මට යන්න බෑ... බෑ බෑ... මයි කිවූ අපගේම ක්‍රීඩකයන්ට මෙම ජය උපහාරයක් වේවා !!!
මොහමඩ් රිස්වාන් සව්දි අරාබියThursday, 10 October 2019 04:53 AM
යන්න බැහැ කියපු අය මැච් එක බලලා ඇත්තේ ටීම් එක පරාජය වන එක දකින්නයි. මේ කණ්ඩායමම මීළඟ සංචාරයට යවන්න. උණුසුම් සුබපැතුම්...!!!
harsha Wednesday, 09 October 2019 05:54 PM
දැන්වත් තරුණ කොල්ලන් ටිකට ඉස්සරහට එන්න අවස්ථාවක් දුන්නොත් හොඳයි නේද? නැත්නම් එක තරඟයක්වත් ක්‍රීඩා නොකර සමුගනීවි.. භානුක අවු: 10 බලාගෙන ඉඳලා තියෙනවා.
RaveendraThursday, 10 October 2019 01:29 AM
ඇත්තෙන්ම ඔබ නිවැරදියි. ඒ තරුණ ක්‍රීඩකයාගේ ඒ සංවේදී කතාවට සවන්දීමේදී අපගේ තේරුම් කමිටුවේ ඉන්නේ පෙදරෙරුවන්ද වඩු කාර්මිකයන්ද කියලත් හිතුනා. අප එසේ පවසන්නේ දක්ෂතා තියෙන එවන් තරුණ ක්‍රීඩකයකු අවුරුදු 10 වැනි කාලයක් ජාතික කණ්ඩායමට ඇතුළත්වීමට නොහැකිවීම සමහරවිට එම ක්‍රීඩකයාගේ හොදම දක්ෂතා, උපරිම දක්ෂතා එම ගිලිහිගිය අවුරුදු 10 ඇතුලත තියෙන්නත් ඇති. එසේ නොවෙයි කාටද කිව හැක්කේ? එබැවින් තේරුම් කමිටුවෙන් අප ඉල්ලා සිටින්නේ විනයක් නැති ජේෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමේ තබාගනිමින් රටක් හැටියට කළගුණ අමතක කරමින් ලෝකයා ඉදිරියේ හෑල්ලු වෙනවාද එසේත් නැත්නම් දක්ෂයන් සහිත විනයක්, හික්මීමක් ඇති ජාතික කණ්ඩායමක් සමගින් ඉදිරියට යනවාද යන්න පමණි. අපගේ මෙම අදහස් හරින් ඇමතියාටත් , ක්‍රිකට් ආයතනයේ දිව්‍යලෝකෙන් ආපු ක්‍රිකට් ඔස්තාර්ලට කියවීමට හැකි වේවා !!!!
harsha Thursday, 10 October 2019 10:41 AM
ඔබත් මමත් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන රසිකයන්... ඒක නිසා තමයි මේවා හදවතට දැනෙන්නේ... නමුත් වගකිවයුතු බලධාරීන්ට මේක ව්‍යාපාරයක්... සූදුවක්... එ්කයි අද මෙවැනි තත්වයක් උදාවෙලා තියෙන්නේ...
Sandaruwan Wednesday, 09 October 2019 06:00 PM
කුසල් ජනිත් සහ මාලිංග මේ ටීම් එකට ඇතුල් වුණා නම් නියමයි.
AnuraThursday, 10 October 2019 02:23 AM
ඇයි ඔබට මේ ප්‍රතිඵලය ගැන සෑහීමට පත්වන්න බැරිද?
මෝ Wednesday, 09 October 2019 08:31 PM
සුභ පැතුම් කොල්ලනේ. මේ ටීම් එක මෙහෙමම 20/20 වලට යොදා ගන්න. කීප දෙනෙක් 50 ඕවර්ස් වලට ගන්නත් පුලුවන් හැමදාම සීනියර් කියල ටීම් එකේ ඉන්න ඒත් 10 ගහන්න බැරි සෙට් එක වෙනුවට. ඇත්තටම භානුක රාජපක්ශට අවස්තාවක් නොදීම ජාතික අපරාදයක්. මේ විදියටම ටෙස්ට් ටීම් එකත් එක් දින ටීම් එකත් සවිමත් කල යුතුයි. දක්ශතා ඇති අලුත් කොල්ලන්ට අවස්තාව දුන්නොත් අපිට කප් උස්සන එක මහ දෙයක් නෙවෙයි. ඔය සල්ලිකාර ඒත් ඇග බේරගෙන සෙල්ලම් කරන ක්‍රීඩකයින් ඉන්නතුරු අපේ ටීම් එක වලේම තමයි.
yaka Thursday, 10 October 2019 01:40 AM
ආයෙත් පරණ කට්ටික දාලා ඊලග එක අවුල් කරනවා. බලාගෙන ඉන්න වැඩිය කෑගහන්නේ නැතුව
Liya Thursday, 10 October 2019 02:37 AM
තේරීම් කමිටුව අගය කළ යුතුයි. හොඳ කැප්ටන් කෙනෙක්...
Akila Thursday, 10 October 2019 03:14 AM
ඔය ජේෂ්ඨයෝ කියන අයට ඇත්තටම හැකියාවක් නැහැ ,ඒ ගොල්ලෝ මෙච්චරකල් සෙල්ලන් කලේ තමන්ගේ තැන රැක ගන්න විතරයි. ඉතින් ඒ ගොල්ලොන්ව ආයේ ටීම් එකට දැම්මොත් අයෙත් කරන්නේ ඕකම තමයි .
sugath mendis Thursday, 10 October 2019 03:43 AM
මාලිංග, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් කණ්ඩායමට එක්වෙන්න ඕනි
VishanThursday, 10 October 2019 06:13 AM
කුසල් මෙන්ඩිස්ට තැන දීලා තමයි මේ රත්තරන් කොල්ලන් ටික හැංගිලා හිටියේ. මෙන්ඩිස්ව ආයේ ඕනෑම නෑ. තැන බේරගන්න ගහන්නේ...
prasanna senarathna Thursday, 10 October 2019 03:48 AM
ජේෂ්ඨයෝ කියන අයට ඇත්තටම හැකියාවක් නැහැ මෙච්චරකල් සෙල්ලන් කලේ තමන්ගේ තැන රැක ගන්න විතරයි
sharm warn Thursday, 10 October 2019 03:50 AM
සිංහල ජාතිය කියන්නේ කවුද කියල ලෝකෙටම පෙන්වපු නියම වීරයෝ ටිකක්. කාලෙකට පස්සේ. අපේ උණුසුම් සුභ පැතුම්. හරිම සතුටුයි. මේ කාලේ මෙච්චරයි සතුටු වෙන්න පුළුවන් දෙයකට ලැබුනේ ...
dasun Thursday, 10 October 2019 04:25 AM
ඊයේ සජිත් ළඟ තියාගෙන තේනුවර කිව්වා " රණවිරු ගායට " ළඟදීම බෙහෙත් දෙනවා කියල
maaraya Thursday, 10 October 2019 04:26 AM
පකිස්තනෙට ගිය එකෙන් වුනේ හරිම ටීම් එක හොයාගන්න පුළුවන් වුන එක. දැන් ඉතින් බයේ ගිය නැතියට ඔහොම්මම ඉන්න කියන්න. මේ කණ්ඩායම විතරක් විස්සයි විස්සට අපිට ඕන. වෙන හපුටෝ එපා. හැබැයි කොලුවෝ ඉන්දියාවේ අයි පි ඇල් ගිහින් තියෙන දේ නැතිකරගන්නවා නෙමේ
සේන Thursday, 10 October 2019 05:16 AM
තේරීම් කමිටුව කියන , ක්‍රීඩාව ගැන හරියට නොදත් ,ක්‍රීඩකයින් ගැන හරියට නොදත් අයට කනේ පහරක්.
thushara Thursday, 10 October 2019 05:20 AM
මැච් එකට අලුත් ටීම් එකක් දැම්මා වගේ රට කරන්නත් අලුත් ටීම් එකකට දෙමු. මේ පරන හොරු එලවලා රට දිනවන්න ලැබුන අවස්තාවයි
athura Thursday, 10 October 2019 05:29 AM
හැබැයි මේ කට්ටියම ගිහින් ඊලග සංචාරය පැරදුනොත් මෙතන අදහස් දමන අයම මොනවා නොකියයිද.
sharm warnThursday, 10 October 2019 05:51 AM
කාගේ වුණත් වැරැද්ද වැරැද්ද විදියට දකින්න තරම් අපක්ෂපාතී අය බනීවි. පිට කහන්න පුරුදු කට්ටිය "අනේ ඒ වුණාට මෙහෙමනේ..." කියලා ටීම් එක වෙනුවෙන් කඩේයයි. කොහොම කළත් වැරැද්දක්ම දකින අය එතකොටත් දොස් කියයි.. ඒ ඇරෙන්න වෙන මොනවා කියන්නද ඉතින්?
RaveendraThursday, 10 October 2019 08:23 AM
අතුර මහතා, ඔබගේ අදහස්වලට අපි ගරු කරන්නෙමු.අපගේ ජාතික කණ්ඩායම සහභාගිවෙන සෑම තරගයක්ම දිනුම ලබා ගතයුතුයි යන අදහස තරග නරඹන්නන් හැටියට අපි තුල නම් නැති බවට සදහන් කරන්නෙමු. අපිනම් සැමවිටම බලාපොරොත්තු වන්නේ හොද සටනක් දී පැරදුනත් එය දිනුමට වඩා වැදගත් බවය. නමුත් පරාජය බන්දේසියක තබා ප්‍රතිවාදී කණ්ඩායමට ලබාදෙනවාටනම් ලාංකිකයන් හැටියට අපි කිසිවිට කිසිදු කැමැත්තක් නැති බව සදහන් කරන්නෙමු.
athuraFriday, 11 October 2019 04:12 AM
ඔබතුමාගේ කතාව මම අගයකරමි රවින්ද්‍ර මහත්මයාණනි. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව යනු දක්ෂතාවයත් වාසනාව අවාසනාව යන තුන අතරම දෝලනය වන ක්‍රීඩාවක්. අපි වගේම තමයි ඔතන මොන ක්‍රීඩකය සෙල්ලම් කරත් ඔවුනුත් කැමති නැහැ පරදින්න.
Asanka Suraweera Thursday, 10 October 2019 07:18 AM
රටටත් ඕකම තමයි... අලුත් ටීම් එකකට දෙන්න ඕනේ... නැත්නම් හැමදාම ඔක්කොම වලේ...
සෙනෙවිරත්න Thursday, 10 October 2019 09:05 AM
ජාතිය ඇදගැනීමේ කැත පුරුද්ද නතර කරන්න පරාද වෙනකොට ජාතියට මොකද වෙන්නේ...