
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට කුරුඳු සඳහා බුද්ධිමය දේපළ අයිතිය සහ භූගෝලීය දර්ශකය ලැබුණු බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
ශ්‍රී ලංකාවට ආවේනික මෙරට ගම්මිරිස්වලට සහ අන්නාසිවලට ද ‘කොළොන්න ගම්මිරිස්’ සහ ‘සිලෝන් ගෝල්ඩන් අන්නාසි’ යන නම්වලින් භූගෝලිය දර්ශක ලබාගැනීමට නියමිත බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙවැනි දර්ශක ලබාගැනීමෙන් එම වගාවන්වලින් රටට ලැබෙන අපනයන ආදායම වැඩි කිරීමට හැකි වන බව ද පැවසීය.
බස්නාහිර පළාතේ සහ කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ‘සිලෝන් ගෝල්ඩන් අන්නාසි’ බහුලව වගා කරන අතර රත්නපුර දිස්ක්‍රික්යේ ‘කොළොන්න ගම්මිරිස්’ බහුලව දැකිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමෝ ඔබතුමා පොඩ්ඩක් වල්ලපට්ට ගස් වගාවට දිරිගැන්වීම කරන්න බලන්න. වවන්න බලපත්‍ර දෙන ක්‍රමයක් හා වැවිලි රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න අනාගතයේ රටට සුබදායක තත්වයක් ලැබේවි...!
මේ තියෙන්නෙ කැසියා කුරුඳු විශේෂය...