(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකන් ගුවන් සේවය හෙට (06) සිට චීනයට සඳහා ගුවන් ගමන් වාර අඩු කිරීමට තීරණය කර ඇත.
මේ දක්වා කොළඹ සහ චීනය අතර සතියකට ගුවන් ගමන් 15 ක් ක්‍රියාත්මක වූ නමුත් හෙට (6) සිට එය ගුවන් ගමන් 7 ක් දක්වා අඩු කර තිබේ.
ඒ අනුව ගුවන් ගමන් වාර සංශෝධනය කිරීම හෙට (6 ) සිට මාර්තු 28 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයේ බීජිං, ෂැංහයි සහ කැන්ටන් යන නගර තුනකට සේවා සැපයන අතර, බීජිං වෙත සතිපතා ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත්, ෂැංහයි වෙත ගුවන් ගමන් වාර 4 සිට 2 දක්වාත් කැන්ටන් වෙත ගුවන් ගමන් වාර 7 සිට 3 දක්වාත් අඩු කෙරෙන බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කොරෝනා වයිරසය පැතිර යාමෙන් පසු විදේශ ගත වන චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සැළකිය යුතු ලෙස අඩුවීමත් වර්තමාන මගී ඉල්ලුම මත එරට නගර කිහිපයකට ගුවන් ගමන්වාර තාවකාලිකව අඩු කිරීමටත් කටයුතු යෙදූ බව එම ගුවන් සමාගම සඳහන් කරයි.
මේවන විටත් ඉල්ලුම පහත වැටීම හේතුවෙන් බොහෝ ගුවන් සමාගම් මේ වන විටත් චීනය වෙත ගුවන් ගමන් වාර අඩු කර ඇති අතර, චීන රජය විසින් එරට පුරවැසියන්ගේ විදේශ සංචාර සඳහා සීමාවන් පැනවීම ඊට හේතුව යැයිද එම සමාගම කියා සිටී.
එසේම කොළඹ සහ චීනයේ නගර කිහිපයක් අතර ක්‍රියාත්මක වන චීන ගුවන් සමාගම් හතරක් ද මෙලෙස සිය ගුවන් මෙහෙයුම් සීමා කර ඇති බවද එම සමාගම පෙන්වා දේ.
කොළඹ-අබුඩාබි වෙත පුළුල් බඳ සහිත ගුවන් යානා ඉහළ නැංවීම, ගුවන් යානා කිහිපයක නියමිත නඩත්තු කටයුතු ඉදිරියට ගෙනයාම ඇතුළු අනෙකුත් කලාපවල ධාරිතාව ඉහළ නැංවීම සඳහා මෙලෙස චීනයේ මෙහෙයුම්වලින් ඉවත් කරන ගුවන් යානා යෙදවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගුවන් ගමන් සම්පූර්ණයෙන්ම නවත්වලා දමන්න.. ඔයවගේ දැන් මගියෝ 20% වත් යන්නේ නැති නිසා... පාඩු පිට දුවන්න වෙන්නේ.. අනිත් එක වෛරස් එක පැතිරීමේ විශාල අවධානමකුත් තිබෙනවා. ඕකේ යන ගුවන් සේවිකාවකට වැරදිලාවත් වෛරස් එක අසාධනය වුණොත් සතිදෙකක් තුළ නොදැනීම ඔවුන් යන හැම ගුවන් යානයකම ගමන් කරන මගීන්ට ඕක හැදෙන්න පුළුවන්...
පුළුවන් නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් සහ පවුල්වලට නොමිලේ ලැබෙන ගුවන් ටිකට් පත් ටික චීනයට හරවලා ඔක්කොම ටික වූහාන් වලට ගිහින් දාන්නලා...