IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ශ්‍රී ලංකන් ගිය වසරේ අවසන් මාස නවයේ කෝටි 1500ක පාඩුවක්

(*** සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පසුගිය වසරේ (2019) අවසන් මාස නවයේදී රුපියල් කෝටි 1,500ක පාඩුවක් ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි.

එම වාර්තාවට අනුව ගුවන් සමාගම ඊට කලින් වසරේ (2018) ලබා තිබූ මූල්‍ය පාඩුව රුපියල් කෝටි 3,300කි.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවෙන් පසු ගුවන් මගීන් ප්‍රමාණය අඩුවීම ගිය වසරේ පාඩුවට ප්‍රධානම හේතුව බව සඳහන් කරන මහ බැංකු වාර්තාව ආදායම පහත වැටුණද අඩු ඉන්ධන මිල ගණන් හා ඉන්ධන ප්‍රශස්තිකරණ පියවර හේතුවෙන් සමාගම මෙහෙයුම් වියදම අඩුකරගෙන ඇතැයි ද ප්‍රකාශ කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීම ආරක්ෂක හේතු මත අඩුවීම හේතුවෙන් ගුවන් සමාගම් එකොළහක් මෙරටට සිදුකළ පියාසර වාර ගණන අඩු කර ඇත. මේ අනුව සතියකට සිදුවූ ගුවන් ගමන්වලින් තිස් දෙකක් ද අවලංගු විය.

මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා සිදුකරන ලද මුළු මගී හැසිරවීම් ප්‍රමාණය 2018 වසරේ වාර්තා කරන ලද මිලියන 10.8ට සාපේක්ෂව 2019 වසරේදී මිලියන 9.9ක් දක්වා සියයට 8.3කින් පහත වැටී තිබිණැයි ද එම වාර්තාවේ දැක්වේ.

ගුවන් තොටුපොළේ භාණ්ඩ හැසිරවීම් ප්‍රමාණයද 2018 වර්ෂයේ වාර්තා කළ මෙට්‍රික් ටොන් 2,68,496 හා සැසඳීමේදී මෙට්‍රික් ටොන් 2,46,406ක් දක්වා සියයට 8.2ක පහත වැටීමක් පෙන්නුම් කර ඇත.

දේශීය ගුවන් මගී හැසිරවීම් ද 2018 වසරේ වාර්තා කළ 30,725ක සංඛ්‍යාව හා සැසඳීමේදී ගිය වසරේදී 20,584ක් දක්වා සියයට 33ක පසුබෑමක් පෙන්නුම් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 



අදහස් (4)

ශ්‍රී ලංකන් ගිය වසරේ අවසන් මාස නවයේ කෝටි 1500ක පාඩුවක්

Thushara Wednesday, 16 September 2020 06:45 AM

ඒක හින්දා වෙන්ඩ ඇති මැදපෙරදිග ඉන්න අහිංසක අසරණ මිනිස්සුන්ගෙන් ලංකාවට ගෙන්නන්න ඉතා විශාල මුදලක් අය කරන්නේ එයා පෝට් එක වහගෙන දැන් වෙනම බිස්නස් එකක් කරන්නෙ පාඩු කවර් කරගන්න වෙන්නැති අහිංසක අසරණ මිනිස්සුන්ගෙන් මේ වගේ අසාධාරණ විදිහට මුදල් අයකරගන්නේ.

:       0       55

de silva Wednesday, 16 September 2020 07:07 AM

මහජන මුදල් විනාශකරන මේ සුදු අලියා විකුණා දමන්න.

:       16       12

Anjana Wednesday, 16 September 2020 08:32 AM

ලංකාවේ සෞඛ්‍ය අංශ කියන විදියට මේ රටේ ගුවන් සේවය හෝටල් පද්ධතිය සම්පූර්ණයෙන් වහලා තමයි ඔවුන් පස්ස බලන්නේ. ඔවුන්ට වසාගෙන සිටිනවාට වඩා විසඳුමක් නැහැ. කොපමණ රටවල් ප්‍රමාණයක් ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවද? ටිකක් ඔවුන් සිතිය යුතු ගොඩක් කරුණු ඔවුන් විසින් මග හැර ඇත. කොටුවෙන් බාහිරව සිතීමට ඔවුන්ට බුද්ධිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

:       14       14

duminda Wednesday, 16 September 2020 11:21 AM

එමිරේට්ස් එක්ක හිටියා නම් ඔය පාඩුව නැහැ. අඩුම තරමේ බාගෙකින්වත් අඩුවෙන්න තිබුණා. ජාතික ආලෙන් මත්වෙලා ගත්තු මෝඩ තීරණ තමයි.

:       12       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 455 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site