IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රී ලාංකික දෙදෙනකුට පද්ම ශ්‍රී සම්මාන

(ඩයනා උදයංගනී)

ඉන්දීය රජයෙන් පිරිනැමෙන ඉහළම සිවිල් සම්මානයක් වන ‘පද්ම ශ්‍රී සම්මාන’ 2020 වසර සඳහා ප්‍රදානය ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතින් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන් හිදී ඉකුත් සඳුදා (8) සිදුකෙරුණු අතර ශ්‍රී ලාංකීය කාන්තාවන් දෙදෙනකු එහිදී එම සම්මානයෙන් පිදුම් ලැබීය.

කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා, නර්තන ශිල්පිනී ආචාර්ය වජිර චිත්‍රසේන සහ සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබාදුන් ඇයගේ දායකත්වය වෙනුවෙන් මහාචාර්ය ඉන්ද්‍රා දසනායක (මරණින් පසු) යන මහත්මීහු මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ.

2020 වසරේ සම්මානලාභීන් වෙනුවෙන් මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවති අතර කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එය මෙසේ කල්ගොස් පැවැත්වීමට සිදුව තිබිණි.

ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය ශ්‍රී ලාංකේය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනයාම උදෙසා විසල් මෙහෙවරක් ඉටුකළ අග්‍රගන්‍ය නර්තන ශිල්පිනියක වන අතර මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය හින්දි භාෂාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට මහඟු මෙහෙවරක් ඉටුකළ අයෙකි.

අභාවප්‍රාප්ත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක මහත්මිය වෙනුවෙන් එම සම්මානය ලබාගැනීමට ඇගේ දියණිය වන වත්සලා දසනායක ඉෂ්ටවීර මහත්මිය ඔස්ටේ්‍රලියාවේ සිට ඉන්දියාවට පැමිණ සිටි අතර ඇය ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් මහතා අතින් තම මවට හිමි සම්මානය ලබාගත්තාය.

ඒ ඉන්දීය උප ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද ඉදිරියේය.

පද්ම සම්මානය යනු ජනවාරි 26 වැනිදාට යෙදෙන ඉන්දීය ජනරජ දිනයේදී වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරව වලින් එකකි.

විෂය ක්ෂේත්‍රවල විශිෂ්ට සේවාවක් ඉටුකළ හෝ ජයග්‍රහණ ලැබූවන් ඇගයීම මෙහිදී සිදුකෙරේ.

මීට පෙර පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේවයන් ද 2002 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය.



අදහස් (3)

ශ්‍රී ලාංකික දෙදෙනකුට පද්ම ශ්‍රී සම්මාන

fairoos Wednesday, 10 November 2021 05:24 PM

සුබපැතුම්...!!!

:       0       13

L.G.P.Jathunarchchi. Wednesday, 10 November 2021 06:50 PM

ඔවුන් දෙදෙනාම විශිෂ්ඨයි... මම හදවතින්ම සුබපතනවා...

:       0       0

Rocky Wednesday, 10 November 2021 06:52 PM

මගේ සතුට පලකරමි. මේ ඉන්ද්‍රා මහත්මිය යනු මා සමග ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ඉගෙන ගත් මාගේ මිතුරෙකුගේ බිරිඳකි. මේ මහත්මිය කැළණිය විශ්ව විද්‍යාලයට අනුයුක්තව සිටියා...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site