
(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකා එක්සත් ජනපදයේ වලංගු වීසා කාලය ඉක්මවා තවදුරටත් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු, එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි. මෙම පිරිස ඇමෙරිකාවේ වීසා රෙගුලාසි උල්ලංඝනය කරමින් රැදී සිටියදී, එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබ ඇත.
වීසා රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් 38 දෙනකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවත්, මෙතෙක් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ 18 දෙනකු පමණක් බවත් ගුවන් තොටුපොළ නිලධාරීහු කියති. කෙසේ වෙතත් අද (21 වැනිදා) පෙරවරුවේදී කළ විමසීමකදීත් ඉතිරි 20 දෙනා ආපසු ශ්‍රී ලංකාවට එවන දිනයක් ගැන නිශ්චිතව කීමට ඔව්හු අපොහොසත් වූහ.
ශ්‍රී ලංකාවට පැමිණි කණ්ඩායම ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සිට කෙන්යාවේ නයිරෝබි නුවර හරහා, කෙන්යානු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ. කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව ඔවුන් මේ වනවිට නීරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.
මෙම පිරිස නීරෝධායන වීමෙන් දින 21 කට පසුවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සහ රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීහු මෙම 18 දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිති.
COMMENTS
අහසින් පොලවට.
අපේ රටින් පිටුවහල් කරන්න කෙනෙක් නැතිද? ඇයි ඇමෙරිකානුවන් අපේ රටේ වීසා නැතිව පැලපදියන් වෙන්නේ නැත්තේ?
පෙට්ටි වල දාලාද අපේ අය එවන්නේ..? හරිම කැත වැඩ අප්පා.
ඇමරිකාවේ ඉඳලා ආපු අය අද මේ රටේ කරන දේවල් දැක්කාම මේක මොකද්ද?
මේ ඇමෙරිකාවට, එංගලන්තයට බනින අයගෙන් කී දෙනෙක් යන්න ලැබුණොත් නොයා ඉඳීද?
ඇමෙරිකාව හිතන් ඉන්නේ තාම හිටන් ඉන්නවා කියලා. අපේ සර්ට තදවුණොත් පුරවැසිකමත් අතහරීවී..