IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී පාදයේ නම වෙනස් කිරීමට විරෝධතාවයක්

(නිමල කොඩිතුවක්කු)
 
ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කර ඇති බවට පවසමින් නව සිංහලේ ජාතික සංවිධානය, මහා සම්මතවාදි ජාතික පෙරමුණ, දුෂණ විරෝධී බළකාය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව කොළඹ ධර්මපාල මාවතේ පිහිටි බුද්ධශාසන අමාත්‍යාංශය ඉදිරිපිට අද (11) විරෝධතාවයක නිරත වුහ.

මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව මගින් ශ්‍රී පාදස්ථානයේ නම ‘‘ශිව කොලි පද මලෙයි’’ යනුවෙන් වෙනස් කර ඇති බවත් එම නම සහිත පුවරුවක් ශ්‍රී පාදස්ථානයේ ස්ථාපිත කර ඇති බවටත් පවසමින් පිරිස විරෝධතාවයේ නිරතවූහ.

‘‘බෞද්ධ නායකයෙකු සිටින මේ රටේ ශාසනික උරුමයන් අනතුරේ’’, ‘‘ප‍්‍රාදේශීය සභාවේ අත්තනෝමතික තීරණය අහෝසි කරනු’’, ‘‘බුදුන් වැඩිය ශ්‍රී පාදස්තානය බෞද්ධයන්ට අහිමි වෙයිද’’, ‘‘ලෝක උරුම ශ්‍රී පාදය සභාවකට ඇයි වික්කේ’’ යනාදි වැකි සහ බැනර් ඇතිව පිරිස විරෝධතාවයේ නිරත විය.

පිරිස පැයකට අධික කාලයක් මෙලෙස විරෝධතාවයේ නිරත වී සිටි අතර ඔවුන් එහිදී බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදෙන ලෙසට එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේය.

එහිදී පොලිස් නිලධාරින් මැදිහත් වී විරෝධතාකරුවන්ගෙන් කිහිප දෙනෙකුට බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් ලබාදුන් අතර සාකචඡාවෙන් පසුව අදහස් දැක්වූ නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප‍්‍රියසාද් මහතා මෙසේ ද කීය.

‘‘බුදුන් වැඩිය ශ්‍රී පාදස්ථානයේ නම ‘‘ ශිව කොලි පද මලෙයි’’ යනුවෙන් වෙනස් කිරිමට මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ පිරිසක් හදිස්සියෙම පියවර ගෙන තියෙනවා. දැන් එම නම ඇතුළත් පුවරුවකුත් සවි කරලා තියෙනවා. 

මෙම නාම සහ පුවරුව ඉවත් කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාත් නියෝගයක් ලබා දිලා තියෙනවා. මේ වනතෙක් එම තීරණය පිළිගෙන නාම සහ පුවරුව ඉවත් කරන්න මස්කෙළිය ප‍්‍රාදේශීය සභාව පියවර ගෙන නැහැ. ඒ නිසා තමයි අද අපි බුද්ධශාසන අමාතයාංශය ඉදිරිපිටට ඇවිත් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ.

අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර වහාම එම පුවරුව සහ නම ඉවත් කරන බවට අපිට බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමා පොරොන්දුවක් දුන්නා. ශ්‍රී පාදස්තානයට අමතරව තවත් බෞද්ධ සිද්ධස්ථාන රාශියක මෙවැනි දේ සිදුවනවා. ඒ ගැන විෂය බාර අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරොරා මහතා සමඟ සාකච්ඡා කරන්නත් අපි ඉදිරි දිනයක් වෙන් කරගත්තා.

ශ්‍රී පාස්ථානයේ ඇති මෙම නම සහ පුවරුව ඉවත් කිරිමට කටයුතු නොකළහොත් අපි ඉදිරියේ දී දැඩි ක‍්‍රියමාර්ග ගැනීමටත් කටයුතු කරනවා’’ 

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (16)

ශ්‍රී පාදයේ නම වෙනස් කිරීමට විරෝධතාවයක්

sarath Monday, 11 March 2019 10:07 AM

දෙමල අය ඉල්ලන් ප්‍රශ්න දාගන්නේ. අවුරුදු 30-40 නෑ චන්ද අයිතිය ලැබිල.බලය ලැබුණු ගමන් ගහන්නේ සිංහලයාගේ ඉතිහාසෙට !! දැන් කියයි අපි ජාතිවාදී කියල

:       11       350

Bamunuarachchi Monday, 11 March 2019 10:25 AM

ඔන්න පළාත් සභාවලට බලය ලැබුණොත් වෙනදේ බලා ගනිව් සිංහලයනි. වැඩිකල් නොගොස් රටමැද දෙමළ පළාතක් ඇතිවී සිංහලයා නැවත රටේ තුන්වෙනි පුරවැසියන් වෙනවා. කාටද ආඩම්බර? අර 62ක් අම්බරුවන්ට මාර ජොලිඇති නේද?

:       1039       1025

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 11 March 2019 10:29 AM

නම තිබුණාම ඇති අනිත් ඒවා බල්ලට ගියත් කමක් නැහැ. කෝ එහි තිබ්බ පැරණි ගාන්ඨාරය ඒවා සොයන්න ඔතන කුණු පිරිලා ප්ලාස්ටික් බෝතල් අපද්‍රව්‍ය පිරිසිදු කරන්න එක් කෙනෙක් වත් නැහැ. මේ පුවරුවක් සවි කළා කියලා මැරෙන්න හදනවා. ඔයතරම් ආදරේ නම් රැක ගන්න සුද්ද කරන්නත් එන්න තිබ්බනේ... ඒවාට මරා ගන්න එන්න ඉන්නවා

:       726       741

BamunuarachchiMonday, 11 March 2019 05:12 PM

කියවලා බලන්න දෙමල්ලු ශ්‍රීපාදයට දාගෙන තිබෙන නම. ඔයාගේ කතාවටත් ලයික් දාපු මිනිස්සු ඉන්නවනේ. මේ අයට ප්ලාස්ටික් බෝතලයෙයි ශ්‍රී පාදස්ථානයට තිබෙන නම වෙනස්කිරීමේයි අතර වෙනස සොයාගන්න බැහැ.

:       125       208

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 11 March 2019 10:33 AM

නම තිබුනම ඇති අනිත් ඒවා වැඩක් නැහැ සුද්ද කරන්න එක් කෙනෙක්වත් නැහැ මේ පුවරුවක් සවි කරා කියලා මැරෙන්න හදනවා ඔය තරම් ආදරේ නම් රැක ගන්න සුද්ද කරන්නත් එන්න තිබ්බනේ ඒවාට නැහැ

:       341       48

ranil Monday, 11 March 2019 10:56 AM

ඉස්සරවෙලා නම සිංහලට මාරු කරගන්න. පස්සේ යන්න මස් කෙළියට... එතන උද්ඝෝෂනේ තියන්න. ඒ ගමන්ම තියෙන කුණු ටිකත් ඇදලා දාන්න... හැබැයි කස්ටිය මදි වගේනේ... බමුණා අන්කල් ඉන්නවා. කෝල් කරලා බලන්න.

:       20       164

Sunil milano Monday, 11 March 2019 11:02 AM

මේ ජයාගේ ජාතකේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. හොඳ නැද්ද?

:       43       8

රසික Monday, 11 March 2019 11:12 AM

මේ අයට අමු කැවිලද මන්දා. දෙමළෙන් කියන්නේ ඔය නම නේන්නම් එදා ඉඳලම. 2013 මම ගත්ත පින්තූරයකුත් තියෙනවා කන්ද පාමුල තියෙන නාම පුවරුවේ.

:       75       94

nisar Monday, 11 March 2019 11:23 AM

ඔය රූප රාමුවේ ඉන්න සමහර අයගේ නම් සිංහල නෙවෙයි.

:       0       49

Sampath Monday, 11 March 2019 12:07 PM

ශිව නොලි පාද මලෙයි කියන එකේ තේරුම "සිව දෙවියන්ගේ ශ්‍රීපාදය"

:       0       16

rocky Monday, 11 March 2019 01:21 PM

බුදුන්වහන්සේ කවමදාවත් ලංකාවට පැමිණියේ නැහැ කියලයි මම නම් හිතන්නේ. මෙහිදී දේශනා කරපු සුත්‍ර මොනවද? ඒ ඇරත් ඔය වගේ කන්දක් උඩ උන්වහන්සේ පාද සටහනක් තබාවිද? මොකටද? බුදුන්වහන්සේ කියන්නේ සර්ව බලධාරී දෙවියෙක් නොවෙයි, තවත් මනුෂ්‍යයෙක්. මේ මෝඩ මිනිස්සු එලොව මෙලොව දෙකටම කිසිම පලක් නැති දේකට මරා ගන්න හදනවා!

:       16594       1300

nass Monday, 11 March 2019 01:45 PM

අා....!!! ඔය කට්ටියම දිගන සිද්ධියට සම්බන්ධ බව ඔප්පු වුණා නම්....

:       187       95

ranga Monday, 11 March 2019 03:36 PM

එක්කෙනෙක් කතා කරන්නේ නැහැ සිරිපාදයට ගෙනෙන කුණු ගැන.

:       7       42

ලක්ෂිත Monday, 11 March 2019 04:03 PM

කොසොල් රජතුමා දැකපු සිහින ඉටු වෙනවා වගේ...

:       0       25

දීඝජන්තු Monday, 11 March 2019 07:13 PM

සාධාරණයි.. ඒත් බොරදියේ මාළු බාන අයට ඉඩක් නොදෙමු.. ඒ අය හදන්නෙ මේ වගේ දේවල් ප්‍රයෝජනයට අරන් වෙන වෙන ගේම් ගහන එක.

:       0       2

කන්ට බොන්ට නොමැති අවස්ථාවාදියෝ Monday, 11 March 2019 07:24 PM

අපට කන්ට බොන්ට ජීවත්වෙන්ට විදිහක් නෑ. අප මෙවන් ප්‍රශ්න ඇති වූ වහාම දේශප්‍රේමය, ජාති ආලය, ඉස්සරහට දාගන්නවා. ශාසනාරක්ෂක වෙස් ගන්නවා. පොඩි ෆේස්බුක් සංගමේකුත් හදාගන්නවා. ඒකට නම තියන්නෙ බලන අයගේ දෑස් පැලිලා කඳුළු එන තරම් ජාතිකත්වය ගෑවෙන එකක්. ඉන්පසු එවන් ස්ථාන වලට ගොසින් යම් යම් දෑ කරනවා. ඉන්පසු ෆොටෝ ෆේස්බුක් දාලා , රටරටවල ඉන්න රටට ආදරේ අය දුක් මහන්සියෙන් උපයන විදෙස් විනිමය අපේ බැංකු ගිණුම්වලට දාගන්නවා. ෆේස්බුක් හදපු මනුස්සයට පින් දෙන්නත් අපි අමතක කරන්නෙ නෑ. අපේ වැඩවලට ලංකාවේත් ඉන්න අවංක බොහෝ පිරිසක් අහුවෙනවා.. ඉන්න ඕකයි අපේ තත්වය.. ඇත්තටම අපි අවස්ථාවාදීන්ටත් වඩා බඩගෝස්තරවාදීන්. හැබෑ හැඟීමෙන් අවංකවම මේ වගේ දේවල් වෙනුවෙන් කථා කරන්න, මැදිහත්වෙන්න නිසි පිළිගත් ක්‍රමයකට අනුව ප්‍රශ්න විසඳන්න හැකි මිනිසුන්, වියතුන් උගතුන් ඉදිරිපත් නොවෙනතාක් ඉතින් අපේ කල්ලමරේ තමා...

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 548 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site