ඔගස්ටින් ප්‍රනාන්දු
වැලි ගොඩ දැමීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගය නොතකමින් සංවිධානය වු පිරිසක් උපක්‍රමශීලිව මහ පරිමාණයෙන් සිදු කරන වැලි ජාවාරමෙන් විශාල පරිසර හානියක් සිදුවන බව වයඹ හඩ පරිසර සංවිධාන පෙන්වා දෙයි.
වාර්ෂිකව හලාවත මෝයේ සිදුවුණ වැලිපරයකින් වැසි යාම නතර කිරිමට වැලි කොට්ටා යෙදීමේ මුවාවෙන් මෙම වැලි ගොඩ දැමීම විශාල යන්ත්‍ර යොදා ගෙන දැදුරු ඔය තුළ සිදුකෙරේ.
ඇතැම් ධීවර සංවිධානවල සහය පවා ලබාගෙන ඇති බව සිදුකරන ලද විමර්ශනයක දී හෙළි කර ගත හැකි වු බවත් එම සංවිධානය පෙන්වාදෙති.
පරිසර සංවිධාන කිහිපයක් දැදුරු ඔයේ වැලි ගොඩ දැමීම නිසා සිදුවන පරිසර විනාශය නතර කිරිමේ අරමුණින් පවරා තිබු නඩුව විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය දැදුරු ඔයෙන් වැලි ගොඩ දැමීම මෙන්ම එම වැලි ප්‍රවාහනය කිරිම ද තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබිණි.
එහෙත් හලාවත මෝය සංවර්ධනය කිරිමට ආණ්ඩුවේ මුදල් ලබා නොගෙන හලාවත මෝයෙන් වැලි ඉවත් කර එම වැලි අලෙවි කර ලබා ගන්නා මුදල ඒ සදහා යොදා ගන්නා බව කියමින් මෙම සංවිධානාත්මක පිරිස ගත වු වසර තුනක පමණ කාලයක සිට මෝයේ සිට කිලෝ මීටර් එකහමාරක පමණ දුරක දී දැදුරුඔයට යෝධ යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන වැලි පොම්ප කර ගොඩ දමමින් සිදු කරණ මහ පරිමාණයේ පරිසර විනාශය නතර කිරිමට වගකිව යුතු කිසිදු ආයතනයක් අවශ්‍යය පියවර ගෙන නැත.
මෙම වැලි ඉවත් කිරිම නිසා ඉදිරියේ දි කොළඹ පුත්තලම මාර්ගයේ දැදුරු ඔය පාලමට ද අනතුරක් සිදුවිය හැකි බවත් කියති. දැනටත් දැදුරුඔය ඉවුරු ඛාදනය ද ඉහළ ගොස් ඇත.
දැදුරු ඔය ආසන්නයේ පිහිටි පොල්වත්තකට මෙම වැලි ගොඩ ගසා ඇති අතර හිටි හැටියේ මෙම වැලි ඇතැම් රාත්‍රි කාලයේ දී ටිපර් රථවල පටවා ගෙන හලාවත කොළඹ මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කරනු දැකිය හැකිය.
මෙම වැලි ජාවාරම සම්බන්ධයෙන් නිරික්ෂණ චාරිකාවක නිරතවු වයඹ හඩ පරිසර සංවිධානයේ සභාපති විල්පත පේමානන්ද ස්වාමින් වහන්සේ පවසා සිටියේ දැදුරුඔයට සිදු කරන හානිය වහාම නතර කිරිමට රජය මැදිහත් විය යුතු වන අතර වසර හතරකට ආසන්න කාලයක් කරන මෙම වැලි ජාවාරම විනාශයක් වන බවත් කීය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එව්.ඒ.ආර්. සිරිවර්ධන මහතා පැවසුවේ දැදුරු ඔයේ වැලි ඉවත් කිරිමකට තම කාර්යාංශය කිසිදු ආකාරයකින් බලපත්‍ර නිකුත් කර නැති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නාකමටයි අහන්නේ මේක අධිකරණයට අපහාස කිරීමක් නොවේද
අපේ බඩ කට පිරෙනවානම් සාක්කු පිරී ඉතිරී යනවනම් අපේ ආරක්ෂාවට දේශපාලුවෝ ඉන්නවනම් මතු පරපුරට මක් උනාම අපට මොකෝ...?
පරිසරය තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ නොවේද? එහෙම නම් මේ වැඩේට ජනාධිපතිතුමා අවසර දීලා ඇති!
වචනයක් වැරදුනාම ඇපත් නැතිව සිටින්නට වන කාලයේ මෙවැනි මහා පරිමාන අපරාධ වැළැක්වීමට ක්‍රමවේදයක් නොමැතිව සිටීම මුළු මහත් සාමාන්‍ය ජන සමාජයම අන්ත අසරණ වී ඇති ලෙසකි පෙනෙන්නේ. ප්‍රංශ විප්ලවයට පෙරාතුව තිබුනු යුගය සම්බන්ධව පළවූ කෘතියක් වන "දෙනුවර කථාව (Tale of the two cities)" හි සඳහන් යුගයක් දැන් ලංකාවේද ඇති වී තිබෙන බව පෙනේ.