විනීතා එම් ගමගේ

 
ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා (1)  සවස හතරට රැස්වීමට නියමිත ය. 


එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු  පිළිබඳව සාකච්ඡා කිරීමට  නියමිත බව ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.


රජය සමඟ එක්ව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පිරිස රජයෙන් ඉවත් වීම, නව අගමැතිවරයා පත්කිරීම මෙන්ම දැනට රටේ පවතින තත්ත්වය පිළිබඳව ද පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට භාජනය කෙරෙනු ඇතැයි සභාපතිවරයා කියා සිටියේය. 


ශාන්ත බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රීලනිප මූලස්ථානයේ අද (30) පැවැති ශ්‍රීලනිප තරුණ පෙරමුණේ මාධ්‍ය හමුව අමතමිනි.