IMG-LOGO

ශ්‍රීලනිපයේ ඊළඟ අපේක්ෂකයා ජනපති බව සමරසිංහ කියයි

(නිමල කොඩිතුවක්කු)
 
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා බවත් එය පක්ෂයේ සියලූම දෙනාගේ ඒකමතික අපේක්ෂාව බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා කොළඹදී අද (9) පැවසීය.

ජනාධිපතිවරණය කලින් පැවැත්වීමේ කිසිදු වුවමනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව පෙන්වා දුන්  සමරසිංහ මහතා එය නියමිත දිනට පමණක් පවත්වන බවත් කියා සිටියේය.

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිරන්තරයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවද ඔහු සදහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා සියයට 50ක් අපේක්ෂකයකු ලබා ගත යුතු බව සඳහන් කළ ඒ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 42% ඡන්ද ප‍්‍රතිශතයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියයට 15ක ඡන්ද ප‍්‍රතිශතය හිමිවූ විට මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඊළඟ ජනාධිපතිවරණය පහසුවෙන්ම ජයගත හැකි බවයි.

කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 



අදහස් (0)

ශ්‍රීලනිපයේ ඊළඟ අපේක්ෂකයා ජනපති බව සමරසිංහ කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 463 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site