IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රීලනිපය අද ගෝඨාභය හමුවෙයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් පිරිසක් අද (3) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

තම පක්ෂය මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බවත් ඒ සම්බන්ධයෙන් එකගතාවයක් අද ඇති වුවහොත් හෙට සිටම රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරට එක්වන බවත් අමරවීර මහතා කීවේය.

තමන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්වන බවද ඔහු සඳහන් කළේය.
 



අදහස් (9)

ශ්‍රීලනිපය අද ගෝඨාභය හමුවෙයි

tharindu Thursday, 03 October 2019 06:38 AM

වැඳලා සමාව අරන් එකතුවන්නද? දුකයි

:       89       9

FernandoThursday, 03 October 2019 08:05 AM

ශ්‍රීලනිපයට වෙන්නේ අර චීස් කෑල්ලද, කරෝල කෑල්ලද තෝරාගන්නේ කියලා පිහි තලේ උඩින් දෙපැත්ත බල බල හිටපු මීයට වගේ දන්නෙම නැතුව බෙල්ල කපාගන්න

:       41       140

එල්ලාමේ කල්ලන්Thursday, 03 October 2019 08:20 AM

එල්ලෙන්න වැලක් නැති නිසාද?

:       0       76

sisiraThursday, 03 October 2019 08:50 AM

කට්ටියම බය වෙලවගේ ඕවට කියන්නේ දුකට කියන කවි කියලයි

:       1       117

kaawinda Thursday, 03 October 2019 06:40 AM

පාස්පෝට් හා අයිඩින්ටිය චෙක් කරන්නද?

:       164       10

sandy123 Thursday, 03 October 2019 07:35 AM

මේ දවස්වල ගෙම්බන් හරි හරියට වැඩ. ලංකාවට තද වැසිනේ...?

:       17       20

sirimal Thursday, 03 October 2019 09:26 AM

ලෙඩ ගෝදාවක් තියෙන බව පෙනෙන කෙනෙක් ජනාධිපති කරලා රටක් ගොඩගන්න පුළුවන් වෙයිද? පවුල හිරේ යන එකෙන් බේරාගන්න පුළුවන් වෙයිද? රටේ දොස්තරලා එයා දිනවන්න වර්ජනය කරනවා. එයා බෙහෙත් ගන්න පිටරට යනවා. අඩුම වශයෙන් ඇමෙරිකානුවන් වන එයාගේ බිරිඳටවත්, දරුවන්ටවත් එයාට ඡන්දය දෙන්න බැහැ නේද?

:       207       193

nimal Thursday, 03 October 2019 09:38 AM

ශ්‍රී ලංකන් කාරයින්ට කියන්න ජනාධිපති එක්කළ එජාප කුස්සියට යන්න කියලා. එනවා මෙතන මුක්කු ගහන්න. ළංකර ගන්න එපෝ... ගෝඨා ඔබට ජය නියතයි. ඔය ගොල්ලන්ට යන එන මං නැතිවෙලා කෝ ලොක්කා පව්... ටික දවසයි.

:       0       36

sirimal Thursday, 03 October 2019 09:54 AM

මෙම සාකච්ඡාවේ අරමුණ දෙපාර්ශ්වය "පොදු ලකුණක් යටතේ සන්ධානගත වීම" බවයි කියන්නේ. ජනාධිපතිවරයා කලින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාකවත් " පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත්වන කෙනෙකුට " සහාය නොදෙන බවයි. නමුත් මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇප මුදල් ද තැන්පත් කර ඇති බැවින් ගෝඨා හිටපු මන්ත්‍රීවරයෙකු හෝ වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හෝ නොවන බැවින් ඔහු "වෙනත් පක්ෂයකින්" ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නීතිමය බාධා තිබෙන බව කියයි. මේඅතර ගෝඨාභය රාජපක්ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔක්තෝබර් 09 වනදා සිට 12 වනදා දක්වා සිංගප්පූරුව බලා යන නිසා ඔක්තෝබර් 09 වනදා අනුරාධපුරයේදී පැවැත්වෙන තම මැතිවරණ ව්‍යාපාරයේ මංගල ජනරැළියටත් සහභාගී නොවන බවයි පෙනෙන්නේ. මේ ගැටළු ඉදිරියේ ස්වාධීන අපේක්ෂකයකු ලෙස චමල් රාජපක්ෂ මහතා ද ස්ථිරවම නාමයෝජනා භාරදිය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවත් ආරංචි වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site