IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රීලන්කන් ඉරාන-ඉරාක සීමාව මඟහරියි

(තිළිණි ද සිල්වා)
 
පර්සියානු  ගල්ෆ් කලාපයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්  කොළඹ -ලන්ඩන්  ගුවන්  ගමන් මාර්ගය වහාම  ක‍්‍රියාත්මක වන  පරිදි වෙනස් කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය අද (08) තීරණය කළේය.

ඒ අනුව ඒ අනුව කොළඹ ‐ලන්ඩන් ගුවන් ගමන් මාර්ගය ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම අත්හිටුවමින් එම වෙනත් ගුවන් මාර්ගයකින් ශ්‍රී ලංකන් ගුවන්යානය අදාළ ගමානාන්ත කරා යන බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවසීය.

පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ආරක්ෂක පියවරක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම තීරණය ගත් බවද හෙතෙම කීය.

ජාත්‍යන්තර ගුවන් මාර්ග වල යුරෝපය සහ ආසියාව සම්බන්ධ වන ප‍්‍රධාන මාර්ග තුනක් පවතින අතර ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය, ඊජිප්තු ගුවන් කලාපය සහ යුක්රේන් ගුවන් කලාපය එම ප‍්‍රධන ගුවන් මාර්ග වන බවද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව ඒ කොළඹ - ලන්ඩන් බලා යන ශ්‍රී ලංකන් ගුවන් යානය ඊජිප්තු ගුවන් කලාපය හරහා අදාළ ගමනාන්ත වෙත ළඟා වීම සිදුවන බවද දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම තත්ත්වය ශ්‍රී ලංකන් ගුවන්සේවය සමීපව අධීක්ෂණය කරමින් සිටින අතර අදාළ ජාතික හා ජාත්‍යන්තර බලධාරීන් හා සම්බන්ධ වෙමින් ගුවන් මඟීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සතියේ දින 7ම කොළඹ -ලන්ඩන් අතර ගුවන් ගමන් වාර 14 ක් ක‍්‍රියාත්මක කරන අතර සෑම දිනකම දහවල් 12.30ට ලන්ඩනයේ සිට කටුනායකට ශ්‍රී ලංකන් ගුවන් යානයක් පැමිණෙන අතර  , දහවල් 1.30ට යළි කටුනායක සිට ලන්ඩනය බලා ශ්‍රී ලංකන් ගුවන් යානායක් ගුවන්ගත කෙරේ.



අදහස් (0)

ශ්‍රීලන්කන් ඉරාන-ඉරාක සීමාව මඟහරියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site