IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශානි අබේසේකර ඇප මත මුදාහරි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා උප පොලිස් පරීක්ෂක ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද(16) තීන්දු කළේය.

තමාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ගම්පහ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශානි අබේසේකර ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝග කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ නඩුවකට අදාළ ව අසත්‍ය සාක්ෂි නිර්මාණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා එම සැකකරුවන් විසින් ගම්පහ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

 



අදහස් (15)

ශානි අබේසේකර ඇප මත මුදාහරි

අකමැති Wednesday, 16 June 2021 10:50 AM

GSP එකට බය වෙලාද?

:       136       610

වාසුදේව Wednesday, 16 June 2021 12:43 PM

විදේශ ප්‍රතිපත්ති බල්ලට දාලා ජාත්‍යන්තරයට පඬිටෝක් දීලා... GSP තව පොඩ්ඩෙන් ගහලා යන්න තියෙන්නේ. යුරෝපය සනසන්නට තමයි මේ නිදහස් කිරීම් කරන්නේ. අපිට ආයිමත් කෙලලා තමයි මේගොල්ලෝ පැරදිලා ගෙදර යන්නේ...

:       128       163

Perera Wednesday, 16 June 2021 10:52 AM

GSP නැතිවේවි කියන බයට ශානිව ඇප පිට දාලාද කොහේද?

:       133       417

manchala Wednesday, 16 June 2021 10:54 AM

යුරෝපීය සංගමය හොඳ වැඩක් කරනවා.

:       123       650

හේරත්Wednesday, 16 June 2021 12:40 PM

යුරෝපීය සංගමයට ස්තුතියි! බයි දේශපාලනයට අතුල් පාරක්... !

:       3       17

ලුම්බිණි Wednesday, 16 June 2021 12:01 PM

හොඳ දෙයක්...!!!

:       1       10

බයියා Wednesday, 16 June 2021 12:21 PM

යුරෝපා සංගාමය යොජන කරපු ගමන් හරි

:       3       19

Nihal Wednesday, 16 June 2021 12:29 PM

වාස් ගුණවර්ධන ආයුධ ගබඩාවක් පවත්වාගෙන ගියා කියලා බොරු නඩුවක් ගොතපු එක රටම දන්නවා. දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් බේරෙන්න බැරියෑ...

:       1078       1095

fairoos Wednesday, 16 June 2021 12:37 PM

මෙදා සැරේ අධිකරණයේ ස්වාධීනත්වය පෙන්නලා දීලා තියෙනවා...

:       5       7

Ess bee Wednesday, 16 June 2021 12:57 PM

GSP වලට බොහෝ දේ කිරීමට හැකි බව පෙනේ.

:       1       32

පප්ප Wednesday, 16 June 2021 12:58 PM

අපෝ යන්තම් ඇති අවංක නිලධාරියෙකුට නිදහසක් ලැබීම...

:       37       440

Sri Lanka Wednesday, 16 June 2021 01:00 PM

බොරු මාධ්‍ය සංදර්ශන එපා.. ගහපු පදයකුත් නෑ. බෙරේ පලුවකුත් නැ.

:       1       30

සමිත හිමි කුරුණෑගල Wednesday, 16 June 2021 02:33 PM

GSP උණ ...

:       2       5

Nuwan Wednesday, 16 June 2021 02:40 PM

රාජ උදහසට ලක්වුණාම ඕනෑම උත්තමයෙක් නඩුනැතිව හිරේ යන රටක් මේක... ආයුබෝවන්..!!! 

:       4       42

Rohana Wednesday, 16 June 2021 03:15 PM

යුරෝපා සංගමයට බයවුණා නේද?

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site