(ඉන්දිකා රාමනායක)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා සමඟ සිදුකර ඇති දුරකතන සංවාද සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එම කොමිසම කියයි.
මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් අද (07) වාර්තාවක් කැඳවු බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත එන් වීරසිංහ පැවසීය.
එම වාර්තාව සති දෙකක කාලයක් තුළ ලබා දීමට පොලිස්පතිවරයා වෙත දැනුම් දුන් බවද ලේකම්වරයා කියා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් පිටස්තර පුද්ගලයන් වෙත කරුණු ඉදිරිපත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන මෙම විමර්ශන ආරම්භ කළ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා කියා සිටියේය.
භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ විමර්ශන සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා රංජන් රාමනායක මහතා සමඟ සිදුකරන දුරකතන හඬපට සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා ජාතික පොලිස් කොමිසම වෙත ලැබුණු පැමිණිල්ලක් මත සහ මෙම හඬපට සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළි කළ තොරතුරු පදනම් කරගෙන ජාතික පොලිස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව එම කොමිසම කියයි.
COMMENTS
අනේ හිතනකොටත් සන්තෝෂයි.. මේ වගේ කාර්යක්ෂම ආයතන අපට තියෙනවනේ කියලා. එ්ක ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක් කිව්වලු ඒ ගොල්ලන් කොච්චර කාර්යක්ෂමද කියලා කියනවා නම්, ඉන්ෂුවරන්ස් කොම්පැණියේ තට්ටු ගොඩනැගිල්ලේ 20 වැනි තට්ටුවේ පදිංචිව හිටපු පාරිභෝගිකයෙක් උඩ තට්ටුවෙන් වැටිලා මැරුණා. ඒ මනුස්සයා උඩ ඉඳන් වැටීගෙන එනකොටම පහළ මාලයේ ජනේලයෙන් අත දාලා එයාගේ වන්දි මුදල අතටම දුන්නා කියලා. මේකත් අපරාදේ කියන්න බෑ.. හරිම කාර්යක්ෂමයි.
ඔය පලිගන්න තියෙන කාර්යක්ෂමතාවය රට හදන්න තිබ්බා නම් කොච්චර අගේද? රටකට ගිය කලක්. මිනීමරුවන්, අහිංසකයන් හා වීරයන් වූ වගයි.
ශානිත් රට පනිනකන් හිටියනම් හොඳයි විමර්ශනය කරන්න. අනේ මේ රටේ පොලිස් කොමිසන් මොකටද? ශානි ගැන ඔහු කරපු දූෂණ ගැන මහජනතාව, විවිධ සංවිධාන, ජනමාද්‍යය මොන තරම් කොමිසමට පැමිණිලි කලාද? කොමිසම නිදි ගැට කලා ඇහැ ඇරිලා තියෙන්නේ දැන් තමයි. තව සතියක් යන්ට ඉස්සර වෙලා කියයි ශානි දරු පව්ලත් එක්ක ස්විස් ගියා කියලා. උදාහරණ එමටයි.
නොයෙක් දේශපාලන බාධක හමුවේ නමගිය අපරාධ කාරයෙක්ව කුදලා හිරේ යැවීමට තමුන්ගේ රැකියාව පුද කළ ශානිට මුළු ලංකාවාසීන්ගේ ප්‍රණාමය සහ භක්තිය හිමි විය යුතුයි.
මොන්ටිසූරියක ළමයි කරන වැඩ ගැන ටීචර් ඉනට අත තියාගෙන බලාගෙන ඉන්නවා වගේ ඝෝඨාභය මහතාත් මේගොල්ලෝ දිහා බලාගෙන ඉන්නවා කියා මට හිතෙනවා.
පොලිසිය නැත්තටම නැති කළා.
බමුණුආරච්චි මහතා, මේ ඇත්තටම ඔබද? අදහන්නත් බෑ නොවැ. හැබැයි ටීචර් කෙනෙක් ඉන්නේ ඉනට අත තියාගෙන බලා ඉන්න නම් නෙමෙයි.
Mahee, ඔයාලගේ ලොක්කෝ හිටියේ නිදාගෙන. කල දුටුකල වල ඉහගන්න යුඑන්පි නඩය හරි දක්ෂයි
ළමයි සෙල්ලම් කරන විට ටීචර් ළමයි සමග නටන්නේ නැහැ. ළමයින්ගේ සෙල්ලම් දිහා බලාගෙන ඉන්නවා. සෙල්ලම් රස විඳිනවා ඒ වගේම ළමයින්ව තේරුම් ගන්නවා. ඊට පසු ඒ ඒ ළමයාට සුදුසු පරිදී ක්‍රියා කරනවා. නැතුව හැම ළමයාටම එකම විදිහට සලකන්නේ නැත. ඒ වගේ කලින් ක්‍රියාකාරී දේශපාලනේ නොසිටි ගෝඨාභය මහතා බලාගෙන ඉන්නවා මොවුන් නටන හැටි. ඊට පස්සේ එක එක්කෙනාට සුදුසු බෙහෙත අඹරාවි. දැනටමත් හිරේ ඉන්න ඕන සුදුසුකම් රන්ජන් ලබාගෙන තිබෙනවා.