IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව ලබන මස 8 කැඳවයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව ලබන නොවැම්බර් මස 08 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (09) තීරණය කළේය.

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ පවුලේ ඥාතීන් පදිංචිව සිටින කොල්ලුපිටියේ ‘මොනෑක්‘නිවාස සංකීර්ණයේ නිවස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් මුදල් ගෙවා රවී කරුණානායක මහතාගේ බිරිඳ සහ දියණිය අධ්‍යක්‍ෂධූර දරණ සමාගමට ලබා දුන් බව බැදුම්කර කොමිසම හමුවේ හෙළි කළ අනිකා විජේසූරිය මහත්මියගේ සහෝදරයාට තර්ජනය කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇත.

නඩුව විභාග කිරීමට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවන් තිදෙනෙකුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.

2015 ඔක්තෝම්බර් මස 14 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ජයන්ත විජේසුරිය නමැත්තාට තර්ජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා තුනක් යටතේ නඩු පවරා ඇත.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර ශනිල් නෙත්තිකුමාර නැමැත්තා අධිකරණයේ පෙනී සිටියේය.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් නඩුව විභාග කිරීම සඳහා දින නියම කරන්නැයි ඉල්ලා සිටියාය.

කරුණු සැළකිල්ලට ගනිමින් නඩුව විභාග කිරීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන නොවැම්බර් 08 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය.

විත්තිකරු වෙනුවෙන් නීතීඥ සජිත් ජයවර්ධන මහතා පෙනී සිටියේය.

 

 

 

 

 

 



අදහස් (0)

ශනිල් නෙත්තිකුමාරට එරෙහි නඩුව ලබන මස 8 කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 673 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site